වීරයෙක් මරා මිස අනුස්මරණය කළ නොහැකි ලංකාවේ කෘතගුණ සම්ප්රදාය හා කලාකරුවාගේ භූමිකාව
ලංකාවේ කලාව යනු හිගන්නාගේ ජීවන විලාසයයි. එයට ඇත්තේ එබඳු ස්ථානගත වීමකි. නමුත් යන්නේ කතරගම බව දැන ගියොත් අතරමං වන්නේ ද නැත.සියුම්ව විග්රහ කර බැලුව හොත් බොහෝ කලාකරුවන් අවසානයේ දුක්ඛිත ඉරණමකට භාජනය වන්නේ කලාවේ අවුල් සහගත භාවය නිසා නොවේ. මුදල් කළමණාකරණයේ , මත් පැන් භාවිතයේ ෂීමාවන් සහ කළමණාකරණයන් නොමැති වූ නිසාය. තමන්ගේ අවුල අවසානයේ රටේ අවුලක් කරගැනීමේ හේතු සහගත බාවයක් නැත.
තරුණ අවධියේ කෙබදු මෙහෙයක් කළද තමා අරභයා වන කිසිදු බලපෑමකට ප්‍රතිචාරයක් දැක්විය නොහැකි තත්වයකට කිසියම් කලාකරුවකු අවසන් අවදියේ පාත්‍ර වනවා නම් එය අතිශය ඛේදජනක තත්වයකි. මේ ළුීරයන් සැමරීමේ උත්සවය නිසා ස්වඛීය වීරත්වය නැත්තටම නැති කරගන්නට සිදු වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකටය. එකී උත්සවය වඩා එකතු ව සිටි පිරිස ඔහුගේ ජීවන මෙමෙහවර හෝ කලාවේ භාෂාදියේ භාවිතය පවා නොදුටු උඩින් පාත් ළුූ පිරිසක් බව දුටු මොහොතේම මම සියල්ල තේරුම් ගෙන පසෙකට වීමි. නමුත් දැන් මේ පිලිබද ඒ කණ්ඩායම් වලින්ම බිදී ගිය පිරිස් විවිධ චෝදනා නගති. නමුත් මෙය සාමුහික සිදුවීමකි. එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට ඇගිල්ල දිගු කර කිසිවකුට ගැලවෙන්නට හැකියයි නොසිතමි. නිස්සරණාධ්‍යාශයෙන් මිනිසුන් දුන් මුදල් අවභාවිතාවකට ලක් වී නම් කලාකෙතට දිය දෝතක් නමින් මුදල් එකතු කළ චන්දන ගුණසේකර ඇතුළු කණ්ඩායමම ඒ සම්බන්ධව මහජනතාවට විවෘත සහ ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුය. උත්සවයේ වීඩියෝ සහ ජායාරූප සදහා හතළිස් දහසක පමණ මුදල් ලැබී තිබියදීත් තමාට උත්සවයේ ජායාරූපයක් වත් නොලැබුණු බව සුනිල් අයියාගේ නිවස තුළින්ම මගේ කණටම ඇසෙද්දී මම නිහඩව සිටියෙමි.මේ සමස්ත සිදුවීමේ දී අන්‍යයන්ට පාවිච්චි නොවීමේ වගකීම සුනිල් මාධවටත් තිබිය යුතුය.
ඔහු ශාරීරිකව පිරිහුණු බව ඇත්තය. නමුත් මානසික තත්වයෙන් ශක්තිමත් විය යුතුය. තමාට ලංවෙන සැටියෙන්ම සතා කවුදැයි වටහා ගන්නට ශක්තියක් නොමැතිනම් එය මහත් ඛේදවාචකයකි. සහෘදයා සහ කලාකරුවා තුළ පැන නගිය ප්‍රේමය සත්‍ය වශයෙන්ම අතිශය ගැඹුරුය. එය තාවකාලික වාසියට මුදල් ගැරිල්ලට ඇති වන්නක් නොවේ. එවන් ගැමුරක් ඇති වන්නේ ඒ කලාකරුවාගේ නිර්මාණ කෙරේ ඇතුලාන්තයෙන්ම බැදී ඇත්නම් පමණි. මම එසේ අනන්දත බැදී ඇත්තෙමි. එවන් ආදරයක් ඇති වූ විටක ඒ කලාකරුවා මිය ගියද මගේ හදවතේ කිසිදු වෙනසක් ඒ හැගීම කෙරේ ඇති නොවේ.සිරිල් සී.පෙරේරා වියාතාණන් කෙරේ උපන් හැගීමද එබදුය.
අදටත් මම දවස අරඹන්නේ ඔහුගේ පරිවර්තන කෘතියක කොටසක් කියවීමෙනි. මා ඒපොත් ටික තබා ඇත්තේ වෙනමමය. තවත් මට සොයා ගන්නට නොහැකි වූ ඔහුගේ පොත් ඇති බව මා දැන ගත්තේ එබදුම වියතුන් කෙනෙක්ගෙනි. දැනුම් සාගරයක් බදු මිනිසකු හමු වූ විට මම ඔහුව අතනොහරිමි. බඩ බැදගෙන රකිමි. ඒ හදවතින්මය. ඔය කියන කන්ඩායම් ඒ පැත්තට ගියානම් පෝස්ට් දමමින් නොසිට කීයක් හෝ වියදම් කර මාස කිහිපයක් ඇදේ ඉන්නට බෙහෙත් දීමට සිතා ගෙන අපි සිටියෙමු. සිරිල්.සී මහතා කෙතෙරම් රෝගාතුර වුවද ගොදුරු නොවී සිටීමේ ප්‍රතිපත්තියෙහිම සිටියේය. තවත් එබදුම මිනිසකු ලෙස සිහිපත් වන්නේ ලාල් හෑගොඩයන්ය.ඔහු ස්වකීය රෝගය ජයගත්තේ පුදුමකාරවය. රෝද පුටුවේ සිටියේ දවසක් හෝ දෙකකි. චිත්ත ධෛර්යයෙන්ම නැගී සිටියේය. මම සාමාන්‍යයෙන් සර් (Sir) යන යෙදුම ජීවිතයේ භාවාතා කළේ තුන් අවස්ථාවකි. මේ නම් සඳහන් දෙදනාත් ඇතුළුවය. ආයතනයේ ප්රධානින්ටවත් එසේ නොයොදමි. ගෞරවය බලයෙන් ලබාගන්නට නොහැකිය. පෞර්ෂය බිඳවැටුණු විට සිදුවන්නේ තමා සමාජය තුළ අවභාවිතාවීමයි. ජයලත් මනෝරත්නයන් තල මල පිපිලා නට්‍යයෙන් සම්මාන සහ උපහාර මුවාවෙන් කලාකරුවාට සිදු කරන පරිහාණිය පිළිබඳ ඉගියක් ලබාදුන්නේය .යැපීඹ පිළිබද කාරණයේදී අනෙකාගේ සරණ නොයන් තැනට තමා ස්වාධීන විය යුතුය. ස්වඛීය ජීවිතය ගැන වගකීමක් නැති තැන ඔහුගේ සමාජ භූමිකාව ද වටිනාකමෙන් තොර වූවක් බවට පත්වේ.
මේ වන විට සෝමතිලික ජයමහ,බොබී. ජී බොතේජු වැනි කලාකරුවන් සහෘදයාගේ ආදරය අවශ්‍ය විවේකී සන්ධ්‍යාභාගය ගත කරයි.මෙවන් මිනිසුන් අපේක්ෂා කරන්නේ තමා කළ කලාකටයුතු කෙරේ වර්තමානයේ ඇති අවධානය මිස අනෙකක් නොවේ. බොබී. ජී. බොතේජු මහතා සිරිල් සී පෙරේරා මහතා මෙන්ම අති දක්ෂ පරිවර්තකයකු විය. අද ඔහු තරමක් අසනීප තත්වයෙන් පසුවෙයි. එබදු මිනිසුන් ඇසුරු කරනවානම් පළමුව ඔවුන්ගේ නිර්මාණ සේවනය කළ යුතුය. මේ අවස්ථාව වන විට මම ද යම් අපහසුතා මැද සිටියත් බොබී ජී.මහතාගේ පරිවර්තන කිහිපයක් ඔහුගේ අවසරය ඇතිව අන්තර්ජාලයට මුදා හැරීමට තීරණය කරගෙන සිටිමි. මේ මිනිසුන් ජාතික උරුමයන්ය. ඔවුන්ගේ වටිනාකම වටහාගෙන ආදරයෙන් ආරක්ෂා කිරීම මිස බඩවඩාගැනීමේ මාධයයක් කර නොගත යුතුය. නමුත් ගොදුරු වීමේ ක්‍රියා දාමයේදී ගොදුරු කරගන්නා පමණක් නොව ගොදුර බවට පත්වන්නාටද සමාජ වගකීමක් තිබිය යුතුය. ඒ තමාගේ වීරත්වය උදෙසා රුපියලක් හෝ දුන් ජනතාව නොමග යැවීමේ කාර්යාවලියට තමාද වක්‍ර වශයෙන් දායක වී ඇති නිසාය..
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -