1943 වසරේ පිහිටුවාගනු ලැබූ” 43 කණ්ඩායමේ” වඩා උද්යෝගීමත් සමාජිකයා පමණක් නොව එය ආරම්භ කිරීමට අවශ්‍ය වූ පළමුවැනි උත්සාහය ගත් නැතැන්තා හැටියට අයිවන් පීරිස්ට විශාල ප්‍රශංසාවක් හිමි වීම ඒකාන්තය.
43 කණ්ඩායම ගැන අයිවන්ගේ ඇති ළැදිකම අසාමාන්‍ය දෙයකැයි කිව යුතුය.1943 වසරේ පිහිටුවාගනු ලැබූ” 43 කණ්ඩායමේ” වඩා උද්යෝගීමත් සමාජිකයා පමණක් නොව එය ආරම්භ කිරීමට අවශ්‍ය වූ පළමුවැනි උත්සාහය ගත් නැතැන්තා හැටියට අයිවන් පීරිස්ට විශාල ප්‍රශංසාවක් හිමි වීම ඒකාන්තය. 43 කණ්ඩායම ගැන අයිවන්ගේ ඇති ළැදිකම අසාමාන්‍ය දෙයකැයි කිව යුතුය.
අයිවන් පීරිස් නම් ප්‍රවීණ චිත්‍ර ශිල්පියා ගැන මංජු ශ්‍රී නම් මහා චිත්‍ර ශිල්පියා කරන විග්රහයකි මේ.
43 කණ්ඩායම ගැන සිංහල විශ්වකෝෂයේ මෙසේ සඳහන් වෙයි.
ඉහළ පන්තියට අයත් පුද්ගලයන් එංගලන්තයට ගොස් ඒ ශාස්ත්රාලයීය කලාව එක ම සිතුවම් සම්ප්රදාය ලෙස හිස් මුදුනින් වැලඳගෙන පැමිණීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දේශීය කලා සම්ප්රදාය ප්‍රාථමික ගැමි කලාවක් ලෙස හැඳින්වීමට උත්සාහ දැරීමත් නිතර දක්නට ලැබිණ. මෙවැනි පරිසරයක් පැවැති සමයක ලාංකේය කලාව නූතන චින්තන විප්ලවයක් හා බද්ධ කරමින් විවෘත මනසකින් සියල්ල දෙස යළි බැලීමට හැකි නිර්මාණකරුවන් කීප දෙනෙකුගේ එකතුවක් සිදු විය. 1943 වර්ෂයේ දී මෙය පිහිටුවා ගත් බැවින් එයට “43 කණ්ඩායම” යන නම ලැබුණු බව සඳහන් වේ.
43 කණ්ඩායමට ලයනල් වෙන්ඩ්ට්, හැරී පීරිස්, අයිවන් පීරිස්, ජෝර්ජ් කීට්, ජස්ටින් දැරණියගල, රිචඩ් ගේබ්‍රියල්, ජෝර්ජ් ක්ලාසන්, මංජු ශ්‍රී, ජෙෆ්රි බීලිං, ඕබ්රි කොලට් ආදීහු ඇතුළත් වූහ.
1921 ජුනි 13 වැනිදා උපත ලැබූ අයිවන් සෙන්ට් එල්මෝ ඉග්නේෂස් පීරිස් දෙහිවල ගාලූ පාරේ ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයට (Holy family Convent) යාබද නිවසේ විසූ ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස්ගේ (1882-1961) හතර දෙනෙකුගෙන් යුතු දරුවන් අතුරින් තුන්වැන්නා විය. අයිවන්ගේ වැඩි මහලු සොහොයුරිය එරිකා ය. ඊළඟ අයියා අන්තර්ජාතික කීර්තියට පත් චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. බාල සොහොයුරා නොයෙල් ය.
අයිවන්ගේ පියා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ උපාධි ලැබූ වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිය වූයේ මොරටුවේ මුදලිඳු ඈන් ගර්රූට් විනිප්‍රීඩා ජයසූරිය වූ අතර ඇයට මොරටුවේ මහා දානපති සර් චාල්ස් ද සොයිසා පරපුරට ඥාති සම්බන්ධයක් තිබිණි.
අයිවන් මෙන්ම ඔහුගේ වැඩිමහල් සොහොයුරු ලෙස්ටර් ද අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ සාන්ත පීතර විද්‍යාලයෙනි. ලෙස්ටර් පාසල් යන කාලයේ ආදරය කළේ සාහිත්‍යයට ය. අයිවන් කුඩා කල සිට ම චිත්‍ර කලාවට ප්‍රිය කළේ ය. චිත්‍ර පන්තියේ දී අයිවන්ගේ ප්‍රතිභාව අසාමාන්‍ය ලෙස කැපී පෙනුණු අතර චිත්‍ර ගුරුවරයා ඒ බව විදුහල්පති පීටර් පිල්ලේ පියතුමාට දැන් වූයේ “කවදා හෝ අයිවන් අන්තර්ජාතික කීර්තියට පත්වන චිත්‍ර ශිල්පියකු” වන බවට අනාවැකි පළ කරමිනි. එහෙත් අයිවන්ගේ පියා දොස්තර ජේම්ස් ෆ්රැන්සිල්ට අවශ්‍ය වූයේ තම පුතුන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිරීමට ය. තමා ස්කොට්ලන්තයේ විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබද්දී ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමකට හා ලංකාවේ ඇස්. ඇස්. සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ නිසා ඔහු දෙහිවල මහගෙදර පිටු පස පිට්ටනියේ ‘පිච්’ එකක් සකස් කර පුතුන්ට අවශ්‍ය පෑඩ්, බෝල, විකට්, බැට්, ග්ලවුස් ආදිය ගෙනැවිත් දුන්නේය.
වරක් ආචාර්ය ලෙස්ටර්, තම සොහොයුරා අයිවන් ගැන මතකය අවදි කළේ මෙසේය.
අයිවන් මල්ලී පාසලේ සිට ගෙදර පැමිණි පසු එයාගේ කාමරයට වී චිත්‍ර ඇන්දා. මම එයා දිහා සතුටකින් බලා හිටියේ. අපි දෙන්නගේ තිබුණේ සහෝදරකමකට වඩා මිත්‍රත්වයක්. අපි වරෙක දෙහිවල අපේ මහ ගෙදර සිට දෙහිවල කරගම්පිටිය පාර දිගේ සතුන්වත්ත බලන්න යනවා. අයිවන් හුදකලාවෙන්න කැමති චරිතයක්. අපි මැජෙස්ටික් සිනමාහලට යනවා චිත්‍රපට බලන්න. එයා කැමැති වුණේ Adventure, Tarzan චිත්‍රපට බලන්න. ගෙදර ඉන්න කොට අයිවන් කාමරයට වෙලා චිත්‍ර ඇන්දා. මේවා දකින අම්මා එයාට බැණ වැදුණා.
“චිත්රකාරයකුට තියෙන අනාගතය මොකක්ද? ආණ්ඩුවේ රැකියාවක් කරනව මිසක”
අම්මා එහෙම කියන කොට තාත්තා ඒ දිහා බැලුවේ බොහොම සැහැල්ලුවෙන්.
“ ඒ ළමයි දෙන්නා ඒ දෙන්නා යන මාර්ගය තෝරා ගනීවි, ගර්රූට් ඒ දෙන්නා යන පැත්ත බලලා ඉම්මු.”
අයිවන් පීරිස් වයස අවුරුදු 17 වියට පා තැබීමත් සමඟම “මහා චිත්රශිල්පියකු” වීමට නියත විවරණ ලැබුවේ ය. තම හැකියාවන් වඩාත් දියුණුකර ගැනීමට සිතූ අයිවන් එවකට ලන්ඩනයේ රෝයල් ඇකඩමියේ චිත්‍රකලාව, මුර්ති කලාව ඉගෙනීම ලබා ලංකාවට පැමිණ ඩේවිඩ් පේන්ටර් යටතේ චිත්‍රකලාව ප්‍රගුණ කළේ ය.
ඔබ අතිශයින් ම දක්ෂයි. දැන් මට උගන්වන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. යන්න හැරී පීරිස් ළඟට. එයාගෙන් පුහුණුවක් ලබා ගන්න.
ටික කලකින් ඩේවිඩ් පේන්ටර් විශිෂ්ට චිත්රකලා විශේෂඥයකු වන හැරී පිරිස්ට අයිවන් යොමු කළේ ය.
අයිවන් හැරී පීරිස් වෙතින් චිත්‍ර කලාව උගෙන ඔහුගේ මඟ පෙන්වීම යටතේ ලංකා චිත්‍ර සංගමයේ වාර්ෂික චිත්‍ර ප්රදර්ශනවලදී ත්‍යාග ලැබීය. ආචාර්ය ලෙස්ටර් එදා තම සහෝදරයා ගැන තවත් මතක අවදි කළේ මෙසේය.
“මට මතකයි යුද්ධ කාලේ ඉංග්‍රීසින් Grow More Food කියලා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. අයිවන් චිත්‍ර කිහිපයක් ඉදිරිපත් කළා. ඒ චිත්‍ර කිහිපයක් ම ඉංග්‍රීසි ජාතිකයන් සල්ලිවලට ගත්තා. මේ ප්‍රදර්ශනය බලන්න ආව සුප්‍රකට ඡායාරූප ශිල්පී ලයනල් වෙන්ඩ්ට් අයිවන් සමඟ මිත්‍ර වුණා. චිත්‍ර අඳින්න ලයනල්, අයිවන් උනන්දු කළා. එපමණක් නොවෙයි එංගලන්තයට ගොස් චිත්‍ර කලාව ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ගන්නත් යොමු කළා. මුල්වරට එංගලන්තයට ගිහින් චිත්‍ර කලාව ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලැබුණේ ජේ.ඩී.ඒ. පෙරේරාට. දෙවැනි ශිෂ්‍යත්වය ලැබුණේ අයිවන් මල්ලිට.”
අයිවන්ට උපන්දා සිට ම කිසියම් මානසික රෝගී තත්ත්වයක් තිබී ඇත. නීලම්මහර හාමුදුරුවන් දින 19 කින් අයිවන් ව සනීප කරන බව පවසා ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් අප හා පැවසුවේ කිව්ව දිනේට අයිවන් සුව ලැබු බවය. අයිවන් තනිව එංගලන්තයට යනවාට අකමැති වූ මවුපියන් චිත්‍ර කලාව අත අරින්නැයි බල කෙරිණි. එහෙත් ලෙස්ටර්ට සිදුවුණේ තම සහෝදරයාගේ උපස්ථායකයා ලෙස එංගලන්තයට යෑමට ය. 1947 අයිවන් එංගලන්තයට ගොස් චිත්‍ර අඳින විට ලෙස්ටර් චිත්‍රපට බලමින්, පොත්පත් බලමින් කාලය ගත කරලීය. අයිවන් දිය සායමින්, තෙල් සායමින් ද, පැස්ටල්වලින්ද ,චාකෝල්වලින් ද, පැන්සල්වලින් ද චිත්‍ර අඳිනු ලෙස්ටර් බලා සිටියේය. අයිවන්ට එංගලන්තයේ චිත්‍ර ප්‍රදර්ශනවලින් පිට පිට ම මුල් තැන ලැබිණි. කලා විචාරකයන් අයිවන්ගේ රාගික චිත්‍ර බලා ඔහු ව හඳුන්වා ඇත්තේ ‘ප්‍රේමයේ පිටුවහලා’ (Romantic exile) යන නමිනි. ස්ත්රීන්ගේ නග්න හා අනුරාගී චිත්‍ර තුළින් ඔහු තමා ම ගොඩ නඟා ගත් ආවේණික ශෛලිය ගැන කලා විචාරකයෝ අගය කර ඇත.
අයිවන් පීරිස්ගේ දක්ෂතා මුල්වරට ප්‍රකට වන්නේ 1952 වසරේ ලංකාවේ ලොකු කුඩා හැම චිත්රශිල්පියකු ම විසින් තරග කරන ලද ‘War Effort Show’ හෙවත් ‘යුද්ධාධාර’ ප්‍රදර්ශනයේදී ප්‍රථම හා තෘතීය ත්‍යාග වයස අවුරුදු 21 දී ලබා ගැනීමෙනි.
මංජු ශ්‍රී පවසා ඇත්තේ පසු කලෙක ප්‍රකට හා දක්ෂතම චිත්‍ර ශිල්පීන් වූ රිචඩ් ග්‍රේබ්‍රියෙල්, අයිවන් මැක්ෂිම් ෆර්ඩිනැන්ඩු හා නෙවිල් වීරරත්න අයිවන් පීරිස්ගේ ගෝලයන් බව ය. අයිවන්ගේ චිත්‍ර පද්ධතිය සහ මුලින් ම ඔහුගේ ගුරුවරයා වූ හැරීට වඩා වෙනස් බව බව ද මංජු ශ්‍රී කියා තිබුණි. ගේබ්‍රියල්ගේ සිතුවම් තමාට මඟ පෙන්නූ අයිවන්ට වඩා වෙනස් බව කියන මංජු ශ්‍රී මැක්සිම්ට සේම නෙවිල්ටත් ඔවුනොවුන්ගේ ස්වාධීන වූ ප්‍රියංකර චිත්‍ර ශෛලින් වූ බව ද කියයි.
අයිවන් පීරිස් විසින් අඳින ලද විශිෂ්ට චිත්‍ර අතර ජගත් කීර්තියට පත් නිර්මාණ මෙසේය. Centre (1943), The River (1946), The Beach (1948), The Bathers (1949), Girl with Flowers (1949), lrangani (1950), The wave (1956), The Return (1956), The Return (1956), The Fisherman (1956), The Wall (1957), The Eclipse (1957), The Arrival (1959), profile (1960), Avatara (1962), Untitled (1970), Two Tree (1982). ඔහු විසින් අඳින ලද උඩුකය රූප portrait ගණනාවකි. ඒ අතර තම මවගේ ප්‍රතිරූපයට ප්‍රධාන තැනක් හිමිව ඇත.
1955 ලන්ඩනයේදී වෙරෝනිකා ෆෙරි (veronica perry) සමඟ විවාහ වූ අයිවන් පීරිස්ට දරුවෝ හතර දෙනෙක් සිටියහ. ආචාර්ය ලෙස්ටර් අප හා පැවසුවේ මේ දරුවන් චිත්‍ර කලාවට කිසිදු උනන්දුවක් නොදැක් වූ බවය. අයිවන් 1988 පෙබරවාරි 13 වැනිදා ලන්ඩනයේදී මිය ගියේය. මේ දුක්මුසු මරණය ආචාර්ය ලෙස්ටර්ට පසුව සැලකර සිටි මහාචාර්ය සේනක බණ්ඩාරනායක අයිවන්ගේ අන්තිම කැමැත්ත පරිදිම මියගිය දිනයේ ම මිහිදන් කළ බව පවසා ඇත. තම මිතුරා වෙනුවෙන් ඉහළ ම උපහාරය දැක් වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක හා මානෙල් ෆොන්සේකා ‘lvan peries panting’ (1938-1988) නමින් අයිවන් පීරිස්ගේ චිත්‍ර ගැන අගනා කෘතියක් ප්‍රකාශයට පත් කළහ. අයිවන්ගේ චිත්‍ර ගැන ඉංග්‍රීසි ලිපි කිහිපයක් මහාචාර්ය ඇල්බට් ධර්මසිරි විසින් ලියා ඇත. ආචාර්ය ලෙස්ටර්ගේ නිවසේ බිත්ති තම සොහොයුරු අයිවන්ගේ චිත්රවලින් සැරසී තිබෙනු එහි ගිය කාහට වුවද දක්නට ලැබෙයි. හැරී පීරිස්ගේ සපුමල් පදනමේ ද අයිවන්ගේ චිත්‍ර කිහිපයක් සුරක්ෂිත ව ඇත.