ධර්මසිරි බන්ඩාරණායක මේ රටේ දේශපාලන පෙරළිවල කලාකරුවෙකු ලෙස ඉහළින්ම සිය දායකත්වය ලබාදුන් කෙනෙකි. 1994 නිදහස් කලාසන්ධානය සමග එක්ව එවකට සිටි ඒකාධිපති මිනීමරු ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කැපකීරීමක් කළ අයෙකි.
එමෙන්ම පසුගිය 2015 තීරනාත්මක ජනාධිපතිවරණයේදී ඒකාධිපති දූෂිත රාජපක්ෂ රෙජීමය ගෙදර යවන්න සිය ජීවිතය පරදුවට තබා මැදිහත් විය.
පසුු කළෙක මෛත්රී්රපාල සිරිසේන ජනාධිපතිගේ උපදේශකයෙක් බවට පත්වූ ධර්මසිරි බන්ඩාරණායක මහතා මේ වනවිටත් උපදේශකයෙකු ලෙස සිය රාජකාරිය කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරන ලද ව්‍යවස්ථා විරෝධී පත්වීම අනුමත කරනවාක් බඳුය. රවී ජයවර්ධන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි ඔහු එම තනතුරේ සේවය කිරීමට තමන්ට නොහැකි බව පවසමිනි.හෘද සාක්ෂියක් ඇතිමිනිසුන් කටයුතු කරන්නේ එලෙසිනි. තම තනතුරුවලට වඩා අවශ්‍යවන්නේ රටේ නීතිය හා ප්රජාතන්ත්රවාදය සාධාරණත්වය වෙනුවෙන් කැපවීමය. මේ මොහොතේ රට මුහුන පා ඇති අර්භූද හමුවේ ප්රජාතන්ත්රවාදය සමාජ සාධාරණත්වය නීතිය ට ගරුකරන පුදුගලයෙකු ලෙස රවී ජයවර්ධන කළ කැපවීම අගය කළයුතුය. මන්ද රවීලාද මෛත්‍රීපාල ට ඔටුනු පළදවා අපේක්ෂා කළේ සැබෑ ප්රජාතන්ත්රවාදය සහ නීතිය ක්‍රියාත්මක කරන සාධාරන සමාජයකි.
ධර්මසිරි බන්ඩාරණායක මහතාගෙන් දුරකථනයෙන් මේ පිළිබඳව මිරර් ආර්ට්ස් විමසූ විට පැවසූයේ පොඩි කාලයක් ලබාදෙන ලෙසය.
තම දිවි දෙවෙනිකොට සළකා සමාජ සාධාරණයත්වයක් මෙන්ම ප්රජාතන්ත්රවාදය මේ රටේ ස්ථාපිත කිරීමට වෙහෙසවූ කැපවීම් කළ නිර්මාණකරුවෙකු වූ ධර්මසිරි බන්ඩාරණායක මහතාගේ තීරණය කුමක්විය හැකිද?