වෙනස එක තැනකට ගෙනවිත් වෙනස සමග අභිමුඛ කළ යුතුයි. විවිධත්වය තුළින් සමජය පෝෂණය කළ යුතුයි .
අනන්‍යතා වෙන්නොකර සාමුහිකයක් කළ යුතුයි . කලා සංස්කෘතික පරිසරය තුළ වෙනත් වෙනත් මානයන් විවිධ මතයන් වෙනස් වූ මතයන් අප්‍රමාණය .ඒ අප්රමාණයන්ගෙන් ලාංකීය කලාව-සංස්කෘතිය පෝෂණය කළ යුතුය. ජාතිය ආගම දේශපාලන ය වර්ගය පුද්ගලිකත්වය මත විසිරී ගිය කලාව-සංස්කෘතිය එකට මුණගැස්විය යුතුය. විවිධත්වය වෙනස තුළින් පෝෂණය වියයුතු සමාජ පරිසරය මරුකතරක් බවට පත්වූ අතීතයක් සහ වර්තමානයක් පසුකරමින් ඒම ශාරිරිව මානසිකව අපවිදි නරුම කාලකන්නි අත්දැකීමකි. ඉන් අප සමාජය මුදවාලීම ලේසිපහසු කටයුත්තක්ද නොවේ."අවකාශ" ඒ දුෂ්කර ගමන තරණය කිරීමට පමා වී හෝ මතුවීම සතුටකි.
විශේෂයෙන් කලාව-සංස්කෘතික තලයේ විකල්ප අදහස් මතයන් නියෝජනය කරන්නා වූ ශිල්පී ශිල්පිනියන් ගේ මූළිකත්වයෙන් අවකාශ බිහිවීම සතුටකි., විවිධව අවදියෙන් , තේමා පාඨයට යටත්ව බත්තරමුල්ලේ ආරම්භ කළ අවකාශ තුලට කලාව-සංස්කෘතික තලයේ කිසිදු ආකාරයේ විවිධත්වයන් බාධාවකින් තොරව මුණගැස්වීමට ශක්තිය ලැබෙන ප්‍රමාණය මත දුෂ්කරතාවයන් තරණය කිරීමේ අවසන් ඉමට ඔවුනට පැමිණිය හැකිය.
ඒ කාර්යය ඔවුන් මත පවරා ඒ දෙස බලා සිටීම අපගේ කාර්යයද නොවිය යුතුය.ඒ සදහා කලා-සංස්කෘතික තලයේ රස්තියාදු ගසන අපගේ සහයද නොඅඩුව ඔවුනට අවැසිය.විවිධත්වට වෙනසට අභිමුඛවීමේ අවකාශය විවර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පසුබිම සැකසීමද සතුටකි.කලාව දේශපාලනයෙන් බැහැර කළ නොහැකි වූවද දේශපාලනයේ විවිධ මත වෙනස්කම් කලාව සංස්කෘතිය පෝෂණය කිරීම සදහා අත්‍යවශ්‍යය.අවකාශ නියමුවන්ට ඒ සදහා අවකාශය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.
-අජන්ත අලහකෝන්-
mirrorarts වෙනුවෙන්