ආසියාවේ සුවිශේෂී කාන්තාවක් තමයි සුෂ්මිතා සෙන්. ඉන්දියානු බෙංගාලි සම්භවයක් ඇති ඇය 1994 විශ්ව රූ රැජින බවට පත්වූවා. රූ රැජින කිරුළ සමහ හින්දි සිනමාවේ දොරටු ඇයට විවෘත වූයේ නිරායාසයෙන්මයි.
සුෂ්මිතා සිනමාවේ සුපිරි තරුවක් නොවූවත් අදටත් ඉතා ජනප්‍රිය පුවත් මවන තාරුකාවක්. ඇගේ පෙම් සබඳතා මේ අතරින් ප්‍රධානයි. සිනමාවට පැමිණි මුල් අවධියේ වික්‍රම් භාත් නම් විවාහක චිත්‍රපට අධ්යක්ෂවරයා හා ඇය පෙමින් බැඳුණු නිසා ඔහුගේ පවුල බිඳී විසිරී යනවා. අසාර්ථක එම සබඳතාවයෙන් පසු රන්දීප් හූඩා, සන්ජය පතක් වැනි නලුවන්, ව්‍යාපාරිකයන් ඇතුලු ඉන්දියාවේ ප්‍රසිද්ධ පිරිමි ගණනාවක් සමග ඇය සබඳතා පැවැත්වූවත්, තවමත් අවිවාහකයි. එහෙත් සෑම විටම ඇයට පෙම්වතෙකු සිටින අතර ඇය කිසිවිටකත් ඒ බව ලෝකයට සඟවන්නේ නැහැ.
සුෂ්මිතා ලංකාවේ හිටියානම් හිතාගන්න පුලුවන් අපට ඇයට කියන කතාන්දර ටික. ඇය ඉතා නිර්භීත විකල්ප මතධාරී කාන්තාවක්.
සුෂ්මිතා 2000 වසරේදී ඉන්දියාවේ අනාථ නිවාසයකින් දැරියක් දරුකමට හදා ගැනීමට ගන්නවා. දැරියගේ භාරකාරත්වය ලබා ගැනීමේදී ඇයට විශාල බාධක රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. අවිවාහක වීම, නිමක් නැති පෙම්වතුන්, නිළියක් වීම, අතිශය කාර්යබහුල සමාජ ජීවිතය ආදී ප්‍රශ්න රැසක් අළලා ඇයට බොහෝ විරෝධතා මතුවෙනවා නීතිය ඉදිරියේ. සුෂ්මිතා ඒ සියල්ල ජයගෙන දැරිය නිත්‍යනුකුලව ඇගේ භාරකාරත්වයට හිමි කර ගන්නවා.
සුස්මිතාගේ වැඩිමහල් දියණිය " රෙනී". ඇය උපතින්ම මන්ද මානසික ආබාධිත තත්වයකයි සිටියේ. එහෙත් සුෂ්මිතා ඇයව කොතරම් හොඳින් සංවර්ධනය කර ඇත්දැයි කියනවානම් රෙනී ඉතාම බුද්ධිමත්, නීරෝගී, ප්‍රායෝගික යුවතියක් ලෙස වැඩී තිබෙනවා.
ඉන්පසු 2010 දී සුෂ්මිතා තවත් අනාථ දියණියක හදාවඩා ගැනීමට ගන්නවා. ඇය "අලීශා". පළමු දියණිය හදාවඩා ගැනීමේදී ඇය පෙන්වූ සාර්ථකත්වය නිසා දෙවෙනි වර ඇයට විරෝධතා මතුවූයේ නෑ.
ආසියාවේ හොඳම single parent හැටියට සැළකෙන්නේ සුෂ්මිතාවයි. ඇය මවක් ලෙස දියණියන්ගේ කායිකා හා මානසික සංවර්ධනය ඉතා හොඳින් ඉහළ නංවා තිබෙනවා.
තම දියණිය රෙනීට ඇය " අරන් හදාගත් දැරියක " බව පැවසීමේදී තමාට අවශ්‍ය වූයේ ඇගේ හදවත නොබිඳෙන පරිදි එය කීමට බව සුෂ්මිතා පවසනවා.
"Biological අම්මා වීම boring . කිසි විශේෂත්වයක් නෑ. ඒත් ඔයා විශේෂයි. ඔයා බිහිවුණේ මගේ හදවතින්.."
ඇය දියණියට අරන් හදාගැනීම ප්‍රකාශ කලේ එසේයි.
වරක් මාධ්‍යවේදියකු ඇගෙන් ඇසුවේ " ඔබට කිසියම් කෙනෙකුට විශේෂ පණිවිඩයක් යවන්න තිබේනම් එය යවන්නේ කාටද කෙසේද කියා.
සුෂ්මිතාගේ පිළිතුර
"එහෙනම් මම එයා අහිමි කරගත් සතුට ගැන කියලා රෙනීව බිහිකරපු අම්මට ලියුමක් ලියනව."
Uneka Lakmini Abeyrathna ගේ මුහුණුපොතෙන්