කොරෝනා වසංගතය මුලු ලෝකයම එක් තැන් කරලා. මිනිස්සු තමා විසින්ම ගොඩ නගපු දේවල් තුළින් විනාශය කරා යමින් සිටින මේ වගේ සංකීර්ණ ලෝකෙක කලා කරුවන්ටකරන්න පුළුවන් දේවල් හරිම සීමිතයි වුනත් ඒ සීමිත අවකාශය ඇතුළෙ අලුත් හුස්මක් අරන් අපූරු ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා.
කොරොන්ටයින් කාලේ එහෙම නැතිනම් ස්වයං නිරෝදායනයකට ලක්වෙලා ඉන්න මිනිස්සු, මනුස්සකම තමන් ඇතළෙන් ඇහැරවගන්න, ඒ මනුස්සකම ඇතුළෙ තියෙන ආදරය අනිත් අයට දෙන්න, තමන් ගැන විතරක්ම නොවී අනෙක් අය ගැනත් හිතන පරාර්ථකාමී කමත් ප්රායෝගිකත්වයට ගේන්න කි්රයාත්මක වෙනවා මේවගේ කාලෙක අත්විඳින්න පුළුවන්.
කාලාකරුවෙකු ලෙස චිත්රාල් සෝමපාල විසින් ගායනා කරන ලද මේ ගීතය අඳුරට ආලෝකයක් බඳුයි.
චින්තන ධර්මාදාස මිනිස්කමේ ආදරය අවුළුවා තිබේ.
"මිටරේ දුර ආදරේ තියන්
අපි බලන් ඉමු ඉවර වෙනකන්
කොරෝනා කාලේ
වැලඳගත හැකි දවස් යලි එනකන්
වෙන් වෙන්නෙපා හිතින්
හිටියා කියා දුරින්
උනුසුම් හදින් අවුලා මිනිස්කම
දැල්වෙමු අඳුරේ ආදරේ තියන්
හිනැහෙමු හෙටත් මිනිසුන් ලෙසින්
අන් අය ගැනත් සිතින්
ලෝකයක් සේ නැගෙන්
පවුරක් ලෙසින් ඔසවා මිනිස්කම
ඇවිලෙමු අඳුරේ ආදරේ තියන්
හිනැහෙමු හෙටත් මිනිසුන් ලෙසින්
පද රචනය - චින්තන ධර්මදාස
සංගීතය හා ගායනය - චිත්රාල් සෝමපාල