බෞද්ධයන්ට වෙසක් ,පොසාන් මංගල්ලයක්. අප්‍රියෙල් අවුරුදු සැමරීමත්, වෙසක්, පොසොන් දනට පිනට දීම පමණක් නොව අනෙකුත් සැමරුම් මෙන්ම වෙසක් පෙසොන් නැරඹීම ද මෙරට බොහෝ දෙනාට කොරෝනා නිසා අහිමි විය.
ගයාරම්ය අල්විස් සමන් ලෙනින් ඇතුළු පිරිස එක්ව අපූරු තොරණක් නිර්මාණය කර තිබේ. මේ තොරණ ඩිජිටල් තොරණකි. මෙම ඩිජිටල් තොරණ මහා අපණ්ණක ජාතක කතා වස්තුව අනුසාරයෙන් නිර්මාණය වී තිබේ.මෙම පොසොන් ඩිඩිටල් තොරණ ඔබට යූ ටියුබයෙන් නැරඔිය හැකිය
කල්පනා රචනය - ගයා රම්‍ය අල්විස්
හඬ හා සංනාද සැකසීම - සමන් ලෙනින්
චිත්‍ර - වෛද්‍ය ශානක කුලතුංග
පරිඝණක රූපකරණය හා සජීවීකරණය - ධනෝජ් නුවන් කුමාර
පූරක චරිත හා ගායනා - සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටිය
චරිත
කාරුණික ගැල් නායක - චන්දන ඉරුගල් බණ්ඩාර
අකාරුණික ගැල් නායක - චන්දන ඉරුගල් බණ්ඩාර
කාරුණික ගැල් නායක ගේ බිරිඳ - නිලක්ෂි හැලපිටිය
යක්ෂ නායක - සමන් ලෙනින්
පිරිස් හඬ - සමන් ලෙනින්
- චන්දන ඉරුගල් බණ්ඩාර
- සම්පත් ශ්‍රී කොට්ටව
- උදය කුමාර කොට්ටව
විශේෂ සතුතිය - සම්පත් ශ්‍රී කොට්ටව
- උදය කුමාර කොට්ටව
- සුමිත් පේ‍්‍රමතිලක
මෙම උතුම් සැදැහැවත් කලාකරුවන් ගේ නිර්මාණශීලී දායකත්වයෙන් සුවහසක් වූ හුදී ජනයාගේ සිත් සතන් බුද්ධාලම්බන ප්‍රිතියෙන් ඒකාලෝකමත් කර අවිද්‍යාවේ අඳුර නසා දුකෙන් පිරුණු මේ ඉමක් නොපෙනෙනා සසර ගමන් මගෙන් එතෙර කරන්නට මෙත් සිතින් දරණ වෑයමයි මේ
ඒ ඔවුනගේ අපේක්ෂාවයි ප්‍රාර්ථනයයි.
මෙම ඩිඩිටල් තොරණ වරෝ වරෝ නිෂ්පාදනයකි