මේරි ෆිලෂියා පෙරේරා යන නමින් ලාංකේය සිනමා රංගන ශිල්පිණියක් නිෂ්පාදකවරියක් සිටිනවා යැයි අප කිසිවිටක දැන සිටින්නට හේතුවක් නැත. මන්ද ඒ නිමින් කිසිවකු සිනමාවේ නොමැති බැවිනි. නමුත් සිනමාවට ප්රවිශ්ටවන බොහෝ දෙනෙකුට වෙනත් නම් ලැබී සිනමාව බබලවන්නට සමත්ව තිබේ. නම් තැබීමට රුසියෝ එකල අප සිනමාවේ සිටිය බව නොරහසකි.
ෆිලීෂියා පෙරේරාට ඇගේ උපන් නම අහිමිවූයේ "කලාමැදිරියෝ" නිසාය. කලාමැදිරියෝ තිරගත නොවුන චිත්‍රපටයකි. එහි තිර රචකයා සහ අධ්යක්ෂවරයා ආචාර්ය තිස්ස අබේසේකරයන්ය.තිස්ස සිනමාවට ප්රවිශ්ටවූ අලුත් කෙල්ලෙක් දැක ඇයව සොයන්නට විය. ආතර් යූ අමරසේන ඇයව තිස්ස අබේසේකරයන්ට මේ කෙල්ලව මුනගස්වන ලදී. තිස්ස අබේසේකර කලාමැදිරියෝ චිත්‍රපටය රූගත කිරීම් කරන්නට ප්‍රථම ඇගේ නම වෙනස් කිරීමට යෝජනා කොට සෝනියා දිසානායක ලෙස නම් තැබීය . ඒ වනවිටත් සෝනියා කරූ දිසානායක සමග විවාහ වී සිටියාය.
සෝනියා දිසානායක සෝනියා දිසා විය.
ඉතින් කලාමැදිියෝ තිරගත වුනේ නැහැ නේද?
'නැහැ තිස්සගෙ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා කලාමැදිරියේ රූගත කිරීම් සම්පූර්ණ කරන්න බැරිවුනා. මම ඒ චිත්‍රපටයට කොණ්ඩෙත් කැපුවා. රැලෙක්ස් තමයි පින්තූර ගත්තේ . සේනියාගේ ජනප්‍රිය කතාබහට ලත්වුන පින්තූර කිහිපයක් රැලෙක්ස් විසින් රැගෙන තිබුනේ සෝනියාගේ සැමියාගේ අවසරය පිටය.
සෝනියා මෙරට සිනමවේ කැපී පෙනනෙ ජනප්‍රිය නිළියකි. පසුකලෙක ඇය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදිකාවක් ද විය. පසුකාලීනව ඇය විසින් නිෂ්පාදනය කළ හින්දි කොපි චිත්‍රපට පිළිබඳව බොහෝ දෙනා විවේචනය කළද සෝනියා දේශීය සිනමාවට කළ සේවය සුළුපටු තැකිය නොහැක.
සෝනියා දිසානායක පිළිබඳ මේ සටහන අප තියන්නේ ඇයට උපහාරයක් පිණිසය. ජූනි 07 දින ට ඇයගේ උපන්දිනය යෙදී තිබේ.
අපි ඇය සමග පුංචි සල්ලාපයක යෙදුනේ ඇය ප්‍රථිකාර ලබමින් විවේක සුවයෙන් සිටින බැවිනි.
'උපන්දිනය වෙනුවෙන් මගේ දියණිය දානමය කටයුතු සංවිධානය කරලා තියෙනවා. පුතත් ඊට සම්බන්ධ වෙනවා. මම අසනීපව සිටි මාස තුනකට වැඩි කාලය පුරාම මගේ දියණිය බූටි මාව බලාගතතේ අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේ. ඇයවන් දරුවෙක් ලබන්න මා පිං කර තිබුනා. ඒ වගේම ඇයගේ යහළුවන්, සැමියා,දරුවන්,ඇගේ සහේදරයා වගේම හිත මිත්‍රාදීන් වගේම රෝහල් කාර්්‍ය මණ්ඩලයත් වෛච්යවරුනුත් මාව රැක බලාගත්තා. මට දැන් සුවයි. දැන් හොඳින් ඉන්නවා.
මගේ ඔපරේෂන් එක ඉවරවුුන දාට පසුදා රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රීති, චරිතා, එඩ්වඩ් ඇතුළු කලාකරුවන් පිරිසක් මාව බලන්න ආවා.
සෝනියා අක්කා සතුටින් කතාකරයි.
'රෝහලේ හෙදියන් බූටිත් එක්ක එකතුවෙලා මට ආසයි හිනැහෙන්න මේ ජීවිතේ ගීතය ගයමින් නැටුවා මම රෝහලේ ඉන්නද්දි. මට හරිම සතුටුයි. සියළු දෙනාගේම ආශීර්වාදයෙන් මම සුවපත් වෙලා සියයට අනූනමයක්ම. ලංකාවේ මට ආදරය කරන අය බෝධිපූජා තිබ්බා බාර හාර වුනා. ඇත්තටම ඒ ශක්තියෙන් තමා මාව සුවපත් වුනේ කියලා මම සතුටු වෙනවා'.
සෝනියා අක්කා සියළුම දෙනාට සිය ස්තුතියත් ආදරයත් ප්‍රකාශ කළාය.
සෝනියා දිසානායක අතිශය ආදරණීය මනස්සප්රාාණියෙකි. ජීවිතයේ විඳි බොහෝ දේවල් ඇය සොබාදහම අනුව සිදුවෙන බව පවසා දරාගනී. ඇය සියල්ලන්ටම සමාව දී තිබේ.
ඇගේ උරුමක්කාර නිවස සමාජ සාධාරණත්වය මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇප කැපවූ දේශපාලනඥයෙකු අයිති කරගෙන සිටී. ඇය නඩු කීවද දේශපාලකයාගේ බලය මත නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනවාදැයි සැකයකි.
කෙසේවුවද සෝනියා ට නැවත නිරෝගී ජීවිතය ලැබී තිබේ.
ඉතින් ඔබට නීරෝගීමත් සුබ උපන්දිනයක් වේවා!!!!