මුහුනු පොතේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය සම්බන්ධව අද දින එනම් අගෝස්තු මස 31 වන දින පළවූ පෝස්ටුවක් දැකීමෙන් මෙම ලිපියලියනු ලබන ලිවුම්කාරිණිය කුතුහලයෙන් පිරී ගියේ පසුගිය කාලයේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ලියුම්කාරිණිය සමග සිනමා නිර්මාණ රැසක කටයුතු කරනු ලැබූ චිත්‍රපට කලා අධ්යක්ෂවරයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදන සැළසුම් ශිල්පියෙකු වූ බිමල් දුෂ්මන්ත තරුණ සිනමා කරුවා එහි වැඩ කටයුතු රාශියක් නිමා කරමින් සිටි බව පෞද්ගලිකව දැන සිටි නිසාය.
කෙසේවුවත් මේ සම්බන්ධව මිරර්ආර්ටස් වෙනුවෙන් බිමල් දුෂ්මන්ත ට කතාකරනු ලැබූයේ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව දැනගැනීිම පිණිසය.
"ප්‍රධානම කාරනාව තමයි මේක ලංකාවේ සිනමාවට මං හිතන්නේ ඉදිකරන ලද ඉතාම වටිනා තැනක්. අදත්දැකීිමක් විදිහට කලා අධ්යක්ෂවරයෙක් සහ නිෂ්පාදන සැළසුම් ශිල්පියෙකු ලෙස ලංකාවේ වැඩිම සිංහල චිත්‍රපට ප්‍රමාණයක් ම රූගත කිරීමට රන්මිහිතැන්න දායක කරගත්ත කෙනෙක්. අපි කරන ලද චිත්‍රපටවල ට ඒ පසුතල බාවිතා කිිරීමෙන් අපේ චිත්‍රපට වඩා නිර්මාණශීලිව වැඩි දියණු කොට පේ‍්‍රක්ෂකාගාරයට ගේන්න පුලුවන් උනේ රන්මිහිතැන්නේ අපි රූගත කිරීම් කරපුනිසා, හැමෝම ප්‍රථික්ෂේප කරපු මොහොතක .
ලංකාවේ පළමු වතාවට ඉදිරකරපු ටෙලි සිනමා ගම්මානයේ එවකට තිබුන අදහස් මත නිර්මාණය කරනු ලැබූ මේ චිත්රගාරය ඉදිකරපු එක කාගේ හෝ වැරැද්දකට හෝ ඉදිකිරීමේ තැන හෝ කොලඹ සිට තිබෙන දුර ආදී දේ නිසා රන්මිහිතැන්නට තිබුන අඩු සැළකිල්ල අපි සිනමාවතුළ ඉන්න මිනිස්සු විදිහට ප්‍රතික්ෂේප කරලා අනිත් අයට මේක පොසිටිව් හැටියට දෙන්න ඔිනෙ.
අනිත් පළමුවෙනි එක තමයි ලෝකෙ තියෙන බාර්බෙල්ස්බර්ග් ජර්මනියේ තියෙන Studio එක ඉන්දියාවෙ තියෙන රාමෝජි Studio ඒ වගේම ඩුබායි වල Film Cityඑක වගේ ඒවා නැවත ප්රථිනිර්මාණය කරන ලද ස්ටුඩියෝ හැටියට තමයි තියෙන්නේ.ඒවා ලෝකේ රටවල චිත්‍රපට නිෂ්පාදනය වෙන ආකාරය අනුව තමයි එම ආකෘති නිර්මාණය කරලා තියෙන්නේ .
අපේ රටේ එවකට තිබුන සම්පත් සහ ඒ බාවිතා කරන ලද දැනුම් සම්බාරයන් ඇතුලෙ තමයි මේක ප්‍රථමයෙන් නිර්මාණය වුනේ .ඉතින් ඒක ඇතුලෙ යම් අඩුපාඩු තියෙන්නට පුලුවන්, තිබුනා කියලා මිනිස්සුන්ට හිතෙන්නත් පුලුවන්.නමුත් ලෝක සිනමාවෙම තියෙන්නෙ ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් හදලා දෙන ප්රදේශයකුත්, චිත්රාගාර ඇතුලෙ සහ ස්ථිර ව තමන්ගෙ බජට් එක අනුව සාධාරණ විදිහට ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන විදිහෙ කාලයක් පවතින අමුද්ර්රව්ය වළින් නිර්මණය කරපු ප්රදේශයකුත් තියෙන්න ඔිනෙ.
මෙන්න මේ දෙආකාරයෙන්ම ගොඩනැගීම් කරන්න තමයි මම මේ සම්බන්ධයෙන් සාකච්ජා කරනකොට ඉදිරිපත් කළේ.
ඒ අනුව තමයි වර්තමානෙය් රන්මිහිතැන්න තුළ පිටත යම් පහසුකම් ප්‍රමාණයක් සහ ඇතුළත පිටත රූගත කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් සහිතව රූගත කිරීමේ පහසුව සහ එම පසුතල නිර්මාණයට අවශ්‍ය පරිදි සකසා ගැනීමට අවශ්‍ය ඉඩ තබා සකස්කිරීම් කරනු ලැබුවා. උදාහරණයක් ලෙස කඩ වීදියක්, කැෆටේරියා සහ හෝටල් ආදී වශයෙන්. පිටත සහ ඇතුලත රූගත කිරීම් පහසුවන ආකාරයට තමයි නගරය නිර්මාණය කළේ.
අපි නිවැරදිම ස්ටුඩියෝ කියන ආකෘතියෙ නොවුනත් අවකාශයක් නිර්මාණය කරලා තිබුනා මෙහි යම් යම් අඩුපාඩු තිබුනා. ලෝක තත්ත්වය එක්ක බලද්දී මුල් කාලයේ සමහරවිට යම් ප්‍රථිපාදන පිළිබඳගැටලු තියෙන්න ඇති. උදාහරණයක් ලෙස Aircondition පහසුකම් පිළිබඳ ගැටලු තිබුනා. නමුත් රාජ්‍ය යන්ත්රනය පැත්තේන් DG ත්, එරල් කෙලී සහ සභාපති ලෙස රවීන්ද්‍ර රන්දෙණියගෙත් යෝජනා තිබුනා ප්රථිසංස්කරණයේදී අඩුපාඩු සකස් කරන්න.
නමුත් ඇත්තටම සිංහල සිනමාව වෙනුවෙන් යම් මෙහෙවරක් මේ තුළින් ඇතිවුනා කියන අදහසේ මම ඉන්නවා. අපි ඒක සමාජයට විවේචනය කරන අයට කියන්න ඔිනෙ, කර්මාන්තයේ යෙදී ඉන්න සහ ඒවායින් ප්‍රයෝජන ගත් අය ලෙස.
අනිත් එක සමහර ස්ථාන මේන්ටේන් නොකර ඇති නිසා තාවකාලිකව සිනමා නිර්මාණ වෙනුවෙන් ඉදිකරන නිසා තමා මේ ආකාරයට ගරාවැටීමට ලක්වෙන්නෙ.පසුගිය රාජ්‍යකාලය තුළ මා විසින් යම් යම් කොටස් සිනමාව වෙනුවෙන් ස්ථාවර අමුද්‍රව්‍ය යොදාගෙන සිනමාවේ උන්නතිය වෙනුවෙන් නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොට ගෙන සකස් කරනු ලැබුවා.ලංකාවේ තිබෙන විශාලතම ග්‍රීන් ස්ටුඩියෝ එක තියෙන්නේ රන්මිහිතැන්නෙ.ඉදිරියෙදි මෙහි යම් යම් දේවල් නිර්මාණය වෙන්නෙ ඔිනෙ විදිහෙ සැළසුම් පවා ඉදිරිපත් කරලා තියෙනවා.
බිමිල් මේ කාරණය සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ප්‍රථිසංස්කරණ කටයුතු බාරගත් පසු මෙහිදී autocad drawing , ඉන්ජිනියරින් ප්ලෑනින්, ඉන්ජියනරින් ඩ්රෝවින්ග්ස්, වර්ණ සංයෝජන ආදී වශයෙන් සියලු දේම අමාත්‍යාංශයට, අදාළ බලධාරීන්ට, රන්මිහිතැන්න වගකිවයුතු නිළධාරීන්ට, ඒ වගේම ජනෙල් දොරවල් කීයක් දාලා තියෙනවද ආදී වශයෙන් හැමදේකම විස්තර සහ ප්ලෑන්ස් බාරදීලා තියෙනවා සියලු ඇක්සසරීස් සම්බන්ධව. සමහරවිට නැතිනම් සිදුවෙන්නේ ඒවා අස්ථාන ගතවීමයි.කළින් ඒවාට කිසිම දෙයක් තිබුනෙ නැහැ.ඇත්තටම ඒවා තියෙන්න ඔිනෙ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. සිනමාවට අවශ්‍ය විදිහට ඒවා වෙනස් කරගන්න කාටවුනත් අයිතිය තියෙනවා.සිනමාව වෙනුවෙන් ඉදිකිරීමක් කළොත් තමයි ඒක චිත්‍රගාරයක් බවට පත්වෙන්නෙ.නමුත් තාවකාලිකව ඉදිකරන ලද පසුතල ගරා වැටීම දැකීමෙන් ඇතිවන කම්පනය තමයි තරහක් බවට පත්වෙලා මේ විදිහට එළියට එන්නෙ.
අනිත් එක තමයි මෙවැනි පසුතල නිර්මාණ ඉදිකරන විට අදාළ කොම්පැනි සමග ගිවිසුම් ඇති කරගන්නවා. අවුරුදු ගණන් සඳහා. එතකොට අපිට ඔිනෙ විදිහට ඒවා නඩත්තු කරන්න බැහැ. ඒවා ගරා වැටී ගියත්. ඉතින් එවැනි අවස්ථා රන්මිහිතැන්න තුළ තියෙනවා.
බිමල් තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,"ඉදිරියේදී යටත්විජිත සමයේ කොළඹ නගරය සහ ඉදිකෙරී තිබූ ගෘහ නිර්මාණ ශිල්පයට ආවේනික ගොඩ නැගිලි කිහිපයක් සහ වීදි ස්ථාවර අමුද්‍රව්‍ය බාවිතා කරමින් නිර්මාණය කිරීමට සැළසුම් කරලා තියෙනවා. එවිට ඔිනෑම සිනමා නිර්මාණකරුවෙකුට හැකියාවක් තිබෙනවා ඔවුන්ගේ කතාව මත එම දර්ශණ තළ අවශ්‍ය විදිහට බාවිතා කරගන්න සහ සකස් කරගන්න. අඩු බජට්සහිත නිෂ්පාදන කෙරෙන අයට රන්මිහිතැන්න සහනයක් ලබාගන්න පුලුවන්. ඒ වගේම අපි මෙහි ගොඩ නගාගතයුත්තේ අපේ රටට ගැලපෙන සහ අපේ රටට ඔරොත්තු දෙන ක්‍රම සහ නිෂ්පාදන පිරිවැයට ඔරොත්තු දෙන ආකාරයටයි. අපිට හොලිවුඩ්,බොලිවුඩ් නිර්මාණ වලට වියදම් කරන නිෂ්පාදන පිරිවැය ගැන ඔවුන් දර්ශණ තළ සඳහා වියදම් කරන මුදල් ගැන හිතාන්නවත් බැහැ".
බොම්බෙ වෙල්වට් සිනමා නිර්මාණය සඳහා දැවැන්ත වියදම් දරා ඉදිකරන ලද ස්ටුඩියෝව කිසිවෙකුට බාවිතා කිරීමට රන්මිහිතැන්න බලධාරීන් ඉඩ නොදුන් බව ලිපිය ලියන මට මතකයි. එයට හේතුව වුනේ continuityපවා ඒ විදිහට තිබිය යුතු නිසා ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීමට රන්මිහිතැන්න බලධාරීන් ගිවිසුම් වළට එලැඹ තිබුනා. චිත්‍රපටය ප්‍රදර්ශණය ආරම්භ වනතුරු කිසිවකුට ඇතුල්වීමට පවා ඉඩ නොදුන් අතර මා එහි ගිය වරක දුටුවේ මේස පුටු කැඩුනු වීදුරු රූපලාවාන්යගාරයේ ඇඳුම් පැළඳුම් සහ මේකප් උපකරන පවා ඒ තිබූ තැන්හිම තබා තිබුනා වෙනස් නොකර රූගත කිරීමේදී සිදුවූ ලෙසටම ඒවා පැවතුනා.
එම චිත්‍රපට සමාගම නැවත දැණුම් දෙන තුරු එම චිත්රගාරය හෝ ඉදිකිිරීම් කරන ලද සියල්ල ඒ ආකාරයෙන් තිබෙන්නට හරිනවා හැරුනු කොට වෙනත් චිත්‍රපටයක් සඳහා ලබාදෙන්නෙ නැහැ.ඒ අභ්‍යන්තර දර්ශණ පසුතලයකදී මා දුටුවේ. ඒ වගේම බාහිර ව තාවකාලිකව ඉදිකරන ලද වීදි ඇතුලු සියල්ල ගරා වැටුනත් චිත්‍රපට සමගාම් සමග බැඳුනු ගිවිසුම් මත එව්වා වෙනත් චිත්‍රපට සඳහා බාවිතා කළ නොහැකියි.
අපි පත්තිනි රූපගත කිරීමට සැළසුම් කරන ලද කාලයේ අපිට ඒ කිසිඳු තාවකාලික ගොඩ නැගිල්ලක් බාවිතා කිරීමට අවසර තිබුනෙ නැහැ. ඒ වගේම යශෝදරා චිත්‍රපටය සඳහා අප විසින් ඉදිකරන ලද මාලිගාව චිත්‍රපටය ප්‍රදර්ශණය කර නැවත එය චිත්‍රපට සමාගම විසින් දැණුම් දෙන තුරු කිසිවෙකුට බාවිතා කිරීමට අවසර ලබාදුන්නෙත් නැහැ.ඒ අකාරයෙන් ගිවිසුම් ගතවයි චිත්‍රපටය සඳහා අධික පිරිවැයක් දරා එම චිත්‍රපට පසුබිම් දර්ශණ තලය ඉදිකළේ. එහි සමහර කොටස් ස්ථාවර ඉදිකිරීම් ලෙස සිදුකරනු ලැබුවා වෙනත් අයෙකුට අවශ්‍ය වූ විට නැවත සකසා බාවිතා කිරීමට.
තාවකාලික ව ඉදිවන පසුතල නඩත්තු කිරීමෙන් ප්රයේජනයක් නැහැ එලෙස තාවකාලික අමුද්‍රව්‍ය වළින් නිර්මාණය කරන ලද බොහෝ දේවලරූගත කිරීම් සිදුනොවන විට.එවන් තාවාලික නිර්මාණ බොහෝ විට ඔිනෙම පසුතල ඉදිකිරිමකදිම ගරාවැටීම ස්වභාවිකයි. අනුතුරුව තවත් චිත්‍රපට කණ්ඩායමකට අවශ්‍ය විදිහට පසුතල නිර්මාණය කරගැනීම උදෙසා.
ඇත්තෙන්ම පත්තිනි චිත්‍රපටය සඳහා අප විසින් විවිධ තාවකාලික ගොඩනැගිලි සහ බිම් තීරු සකස් කරනු ලැබුවා. ඒවා අතිශය තාවකාලිකයයි. ඉතින් කාලයක් යනවිට ඒවා ගරා වැටෙනවා සහ ඒ ඉදිකිරීම් විවිධ පරිසර පද්ධති යටතේ ආපදාවන්ට ලක්වෙනවා. ඇත්තවශයෙන්ම තේරුම් ගතයුතු පළමු කාරණය තමයි රන්මිහිතැන්න යනු ටෙලි සිනමා ගම්මානයක් බව ප්‍රධාන චිත්‍රගාරයක් ඇතුලුව ස්ථාවර නොවන තාවකාලික ගොඩ නැගිලි සහිත.
අප මෙතෙන්දි බැලිය යුත්තේ නවාතැන් සහ අනෙකුත් ස්ථාවර පිහිටුවීම් කොයිතරම් අවශ්‍ය ආකාරයෙන් නඩත්තු වෙනවාද යන්නයි. පහසුකම් සහිතව ලබාගත හැකිද යන්නයි.උදාහරණයකට නවාතැන් සඳහාවූ විලාස් ඇතුලු කාමර, විදුලි ප්දධතිය, වායු සමීකරණ පද්ධති, වතුර අවශ්‍යතා යන පොදු පහසුකම්.
රන්මිහිතැන්න අක්කර 235කට වඩා විශාල වැවක් සහ මුඩු ඉඩම් ,පලු, දිවුල් ආදී පළතුරු සහිත ,කැලෑ සහිත වපසරියකින් යුතු චිත්‍රපට ගම්මානයක්. මෙහි ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූවේ 2008 වසරේදී වන අතර මෙය කලාකරුවන් වෙතට පවරා දෙනු ලැබූවේ 2010 වසරේදීය. බිලියන 02ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබූ රන්මිහිතැන්න මිලියන 600ක මුදලින් ඉදිකළ බව සඳහන්ය.මෙය 2010 වසරේ ජනාධිපතිවරණයේ මහින්ද චින්තනයේ ජන්ද පොරොන්දුවක් විය.
රන්මිහිතැන්න පසුගිය කාලයේ වසර දෙකක් පමණ කොවිඩ් මර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කර තිබුනා. 2021 වසරේ නැවත පැවතුන රජය විසින් මුදල් වෙන්කර යළිත් ප්‍රථිසංස්කරන කටයුතු සුදුකිරීම ඇරඹීමෙන් පසු බිමල් දුෂ්මන්ත විසින් යම් යම් ගොඩ නැගිලි නව තාක්ෂණික ක්‍රමවේද යටතේ ඉදිකර තිබෙනවා.
රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරනු ලැබුවේ රූපවාහිනී ආයතන තුළින් පෙන්වනු ලබන විදෙස් ටෙලි නාට්,ය කාර්ටූන්, චිත්‍රපට ඇතුලු ටෙලි නාට්‍ය සහ චිත්රපටවෙනුවෙන් අය කරන ලද බදු මුදල් ආයෝජනය කිරීමෙනුයි. මෙහි යම් යම් අක්‍රමිකතා ඇතිවූ බවට ඔිනෑම කෙනෙකු දන්නා කරුණක්. එය ඔිනෑම රාජ්‍ය ව්‍යාපෘතියක දී සිදුවන දෙයයක් බව අමුතුවෙන් පැහැදිළිකරළයුතු නැහැ.
යහපාලන ආණ්ඩු සමයේ දී රන්මිහිතැන්න වෙනුවෙන් පත්කළ සභාපතිනිය වූ ඩයනා ගමගේ විසින් ආරාධනා කරනු ලදුව විශේෂයෙන් එහි මූලිකත්වය ගෙන කටයුතු කළ මහත්වරුන් සහ කලාකරුවන් ඇතුලු මාධ්‍යවේදී පිරිසක් සඳහා ආරාධනා කරනු ලබා චිත්‍රපට ක්ෂෙත්රයේ නියුතු කෙනෙකු ලෙස මෙම ලියුම් කරුද ඊට සහබාගිවුනා.
ඒ අවස්ථාවේ මෙය ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා සහ බොහෝ දේ යෝජනා වුවද එම රජය විසින් මූළ්‍ය ප්රථිපදන වෙන්කර ගැනිමට නොහැකිවූ බව නොරහසක්.එවන් පසුබිමක් යටතේ මෙතෙක් කලක් රන්මිහිතැන්න රූපවාහිනී ගම්මානය කුඩම්මාගේ සැළකිලි ලබමින් මේ ආකාරයෙන් හෝ පවත්වාගෙන යාම පළිබඳව පුදුමයක්.ඉන් අදහස්කරනුයේ රන්මිහිතැන්න ජනතාවගේ මුදල් නිසි ලෙස කළමනාකරණය කොට රටේ සිනමා කර්මාන්තය වෙනුවෙන් සේවයක් සිදුකිරීමට පැවැති රජයන් හෝ පවතින රජයන් කටයුතු කළා හෝ අනුග්‍රහය දැක්වූවා යන්න නොවේ. මන්ද රූපවාහිනී තුළින් විකාශය වන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වෙනුවෙන් අය කරන බදු මුදල් දිනකට මිලියන ගණනක් වන අතර ඒ සියලු ආදායම් රජය විසින් යොදවන්නේ කුමකටද යන්න විමසිය යුතුව තිබෙනවා.
පසුගිය මහින්ද රාජපක් සමයේ කොවිඩ් වසංගතය සමග එම බදු අයකිරීම තාවකාලිකව නවතා දැමූවා . එමෙන්ම එම අරමුදලේ මුදල් වලට සිදුවූ දේ විමැසීම් කළ අවස්ථා තිබුනත් එම මුදල් යෙදවූයේ චිත්‍රපට උන්නතිය හෝ රටේ කුමන උණ්නතිය වෙනුවෙන්ද යන්න කිසිවකු පිළිතුරු ලබාදී නැහැ. මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ව සිටි සමයේ එම අරමුදල බිලියන ගණන් මුදල් තිබූ බව ප්‍රකාශ කර තිබුනා. ඒවා මහබැංකුවේ තිබුනද එම මුදල් පෙරළා සිනමා හෝ ටෙලි කර්මනාත්යේ උන්නතිය වෙනුවෙන් යෙදවූයේ නැති බව පමණක් සහතිකයි.
කිසිඳු රජයක් නිසි ලෙස සිනමා කර්මාන්තය වෙනුවෙන් යමක් නොකළ අතර රන්මිහිතැන්න එපා වාහෙට හොදි බෙදුවා සේ සළකන්නට හැම රජයක්ම කටයුතු කරනු ලැබ තිබුනා. රන්මිහිතැන්න සඳහා පත්වන රජයේ නිළධාරීන්ට මෙන්ම පත්වන කුමන සභාපතිවරයාටවත් මෙම ආයතනය නිසි ලෙස පවත්වාගෙන යන්න අවශය රන්මිහිතැන්න වෙනුවෙන් වූ ගිණුමක් වත් නැති අතර මහාභාණ්ඩාගාරයට යන රන්මිහිතැන්නේ සියලු ආදායම් නැවත ලබාගැනීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් රජයේ මුදල් නීති රෙගුලාසී යටතේ දී.
එවන් පසුබිමක රන්මිහිතැන්න නැරඹීමෙන් මෙන්ම එහි චිත්‍රපට පසුතල නිර්මාණ සඳහා නවාැතන් සඳහා ආදී වශයෙන් ලැබෙන කිසිඳු ආදායමක් එහි ප්‍රවර්ධනය හෝ සංවර්ධනය සඳහා භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන්නේ.
රාජපක්ෂ ආණ්ඩුව විසින් ටෙලිසිනමා ගම්මානයක් නිර්මාණය කළද ඒ සඳහා නිසි නීත්‍යානුකූල ක්‍රම වේද සම්පාදනය කර නොතිබීම මෙම තත්ත්වයට මූලික වූ කාරණයක් . එමෙන්ම මෙය පුද්ගයෙකුගේ නමට නම් කර තිබීමත් ගැටලු සහගත සහ ප්රශ්නාකාරීයි.
මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ලෙස හැඳින්වීමට මෙ ඉඩම් හෝ මුදල් ඔහුගේ පෞද්ගලික මුදල් නොවන අතර රන්මිහි තැන්න ටෙලි සිනමා නිර්මාණකරුවන් වෙත ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතුයැයි බොහෝ දෙනාගේ අදහසයි .
ටෙලි සිනමා ගම්මනය නැරඹීට ගිය අයෙකු විසින් තබන ලද රූපමය වාර්ථාවකට බොහෝ ප්‍රතිචාර දක්වමින් කලා ක්ෂෙත්රයේ අය මෙන්ම නරඹන ලද අය ප්‍රතිචාර දක්වා තිබුනා.
කෙසේ හෝ අප මූලික වශයෙන් පළමුව අවබෝධ කරගත යුත්තේ එවැනි පෙන්වා දීම් තුළදී කිහිප පැත්තක් ඇති බව වාර්ථා කරන අයත් ඒවාට ප්‍රතිචාර දක්වන අයත් සිහි තබාගතයුතයි.
තාවකාලික ඉදිකරන දර්ශණ පසුතල කාලය විසින් මෙවන් ගරාවැටීම් වලට ලක්වනවා. එය ස්වභාවික කාරණයක්. එහි සමහර රූපවල පාරවල් කැඩී කානු කැඩී ගල් ගැලවී ඇති ආකාරයක් පෙන්වා තිබුනා. එම තාවකාලික ඉදිකිරීම් වලදී වර්ෂාවන් හේතුවෙන් එවැනි තත්ත්වයන්ට පත්වනවා.එම ඉදිකිරීම් සෘජුෆෝර්ම් සහ තාවකාලික අමුදව්‍ය වලින් නිර්මාණය කරන ලද ඒවා බව එය සමීපව නරඹන ඔිනෑම අයෙක් දන්නා කාරණයක්.
වාර්තා කරනයේදී අප ප්‍රවේශම් විය යුත්තේ සත්‍ය නිසි ලෙස වාර්ථා කිරීම ටයි.
කෙසේවුවද ලියුම් කාරිය විසින් යෝජනා කරනු ලබන මූළික කාරනා කිහිපයකි.
මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ලෙස වෙනස් විය යුතුයි. එය ලංකාවේ පතින විශාලමතම දර්ශණ පසුතල ගොඩ නැගිය හැකි විශාලතම ග්‍රින් ස්ක්‍රීන් තිරය සහිත චිත්රගාරය බව අප අමතක නොකළ යුතුයි. එමෙන්ම ලංකවේ ආදායම් වාර්ථා තැබූ මෙන්ම කලාත්මක සිනමා නිර්මාණ කරණයේදී රන්මිහිතැන්න ඉමහත් සේවාවක් සපයා ගත හැකිවූ ස්ථානයක් බව පිළිගත යුතුයි. එමෙන්ම රන්මිහිතැන්න ට කුඩම්මාගේ සැලකුම් හෝ දේශපාලන පක්ෂ පාට නොමැතිව සංවර්ධන කර දෙස් විදෙස් ආකර්ශනය ලබාගත හැකි ස්ථානයක් බව ද ආදායම් මාර්ගයක් ඇති කරගත හැකි ස්ථානයක් බව ටද පත්කර ගත හැකි ව්‍යාපෘතියකි.
මෙය හුදෙක්ම බදු මුදල් තුලින්ම ගොඩ නැගුනු ව්‍යාපෘතියක් වන අතර මෙය ආරම්භයේදී සිදුවූ අක්‍රමිකතා වංචා කොමිස් ආදී සියල්ල සිදුවූ බව ද ප්‍රකට ව්‍යාපෘතියක්.මෙය මහින්ද රාජපක්ෂ රජයට අයිති දේපලක් නොව අතර එය මෙරට පොදු මහජනතාවගේ චිත්‍රපට සහ ටෙලි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මහජනතාවෙග් බදු මුදලින් ගෙඩ නැගුනු ව්‍යාපෘතියක් හෙයින් පත්වන ඔිනෑම රජයක් විසින් මෙම මධ්‍යස්ථානයට නිසි කළමනාකාරීත්වයක් පත්කොට එහි සංවර්ධන කටයුතු මෙන්ම නීත්‍යානුකූල අයිතිවාසිකම් ලබාදී එය කලාකරුවන්ට කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකසා දිය යුතුය.
සිනමාකරුවන්ට රන්මිහිතැන්න පිළිබඳ නිසි විශ්ලේෂණයක් කර පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටිය හැකිය.
එමෙන්ම රන්මිහිතැන්න කලාකරුවන්ගේ නිර්මාණ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සංවර්ධණය කොට ප්‍රමිථි සහ ගත ලෙස පවත්වාගෙන යන්නට අවශ්‍ය වට පිටාව දේශපාලන ඇගිලි ගැසිම් වලින් තොරව ගොඩ නගා ගතයුතුය.
රන්මිහිතැන්න නවතම පසුතල නිර්මාණ ඉදිකරමින් එය ට වටිනා කමක් එක් කිරීමට සමත් වූ බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැළසුම් කරුවාට කලා අධ්යක්ෂවරයාට මිරර් ආර්ට්ස් වෙත සිය අදහස් ප්‍රකාශකිරීම මෙන්ම අදාළ ඉදිකිරීමවල ජයාරූප ලබාදිම පිළිබඳව ස්තුතිවන්ත වන්නෙමි. එමෙන්ම තිලාන් වර්ණජිත් විජේසිංහ Facebook තූලින් වාර්ථා කිරීම පිළිබඳවද ස්තුතිවන්ත වන්නෙමි. මෙවන් ලිපියක් ලිවීමට මා උනන්දු වූයේ ඔහුගේ පෙන්වා දීමෙනි.
අපි නිවැරදි දේ වාර්තා කිරීමට සැදී පැහැදී සිටිමු.
මිරර් ආර්ට්ස් ප්‍රධාන සංස්කාරිකා මනෝහාරී හේවවසම්
බිමල් දුෂ්මන්ත විසින් ප්‍රතිසංස්කරණය කරනු ලබන සහ නිර්මාණය කරනු ලබන රන්මිහිතැන්න නිර්මාණ
https://mirrorarts.lk/featured/6590-it-is-natural-that-the-temporary-constructions-of-ranmihitenna-tele-cinema-village-are-crumbling#sigProIde5a59c3058