සීනත් අමාන් බොලිවුඩයේ අතීතය වර්ණවත් කළ, මෑත කාලයේදීද නවක රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආදරයෙන් ආශිර්වාද කරන ස්වාධීන මත දරණ නිළියක් වන්නීය.
බොලිවුඩයට පහළ වූ රූපය, ජනප්‍රියකම, දක්ෂතාව යන සියලු ගුණාංගයන් එක්වර පිහිටි නිළියක් හැටියට සීනත් හැඳින්විය හැකිය. සත්‍යාම් ශිවම් සුන්දරම් චිත්‍රපටය ඔස්සේ රසික සිත් ඇඳ බැඳ තබාගත් ඈ ගැන මතකය බොලිවුඩය ගැන දන්නා අයකුට කිසිසේත්ම අමතක විය නොහැකිය. මෑතකදී කුෂා කපිල සමග පැවැත්වුණ සම්මුඛ සාකච්ඡාවකදී ඇය කාන්තාවන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ වැදගත්කම පිළිබඳව තම අදහස් බෙදාගෙන තිබිණි.
ඇගේ ඩොන්, ධරම් වීර්, කුර්බානි සහ සත්‍යම් ශිවම් සුන්දරම් චිත්‍රපට සමඟ සීනත් සිනමාවේ නොමැකෙන කීර්තිමත් සලකුණක් තැනැත්තියක් වන්නීය. සීනත් අමාන් කාන්තාවන් සවිබල ගැන්වීමේ සංකේතයක් ලෙස බොහෝ විට රැඳී සිටියේ එය එතරම් පොදු නොවූ කාලයකදීය. ඇය එසේ කළේ තවත් කාන්තාවන්ටද ආදර්ශ සපයමිනි.
සාකච්ඡාවේදී ඇය කාන්තාවන්ට මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම ඉතාම අත්‍යාවශ්‍ය බව දැඩි ලෙස අවධාරණය කළාය. 'ඔබේම පුද්ගලයා' ඔබ විය යුතු බව අවධාරණය කරමින් මූල්‍ය ස්වාධීනත්වය කාන්තාවන්ට බොහෝ නිදහස සහ විමුක්තිය ලබා දෙන බවත් එය සැබවින්ම එම කාරණාවල ලකුණක් බව තමන් විශ්වාස කරන බවත් රංගන ශිල්පිනිය එහිදී ප්‍රකාශ කර තිබිණි. කාන්තාවන්ට මූල්‍ය සම්පත් සහ අවස්ථා ඇති අතර බාධක ජය ගැනීමට, තම ආශාවන් පසුපස හඹා යාමට සහ තම අරමුණු සහ සිහින සමඟ සමපාත වන තීරණ ගැනීමට හැකි බව ඇය එහිදී ප්‍රකාශ කර තිබිණි.
"එම නිදහස පිළිබඳව මිනිසෙකු කවදා හෝ බියට පත් වුවහොත් ඔහුට ඔබේ දොර පෙන්වන්න. මම තරුණියන්ට දෙන එක් උපදෙසක් නම් ඔබ මූල්‍යමය වශයෙන් ස්වාධීන වී තමන් වෙනුවෙන් ආයෝජනය කරන්න. එවිට ආලය සහ සබඳතා ස්වභාවික තේරීමක් බවට පත් වේවි. නැවත සම්බන්ධතාවයකට එළඹෙන්නේ නම් ඒ ඔබට අවශ්‍ය යැයි ඔබ සිතන නිසා. ඔබ එය කරන්නේ ඔබේම නියමයන් සහ කොන්දේසි මතයි." සීනත් අමාන් පවසන්නීය.
"මම හිතන්නේ දෙමාපියන් තම පුතුන්ව කාන්තාවන්ට ගරු කරන ආකාරයට ස්වයං පාලනයක් සහිත ආකාරයට ඇති දැඩි කිරීම ඉතා වැදගත්. දෙමාපියන් දරුවන් ඇති දැඩි කරන ආකාරයයි සියල්ල වෙනස් කරන්නේ." එහිදී මෙම ප්‍රවීණ රංගන ශිලිපිනිය වැඩිදුරටත් අවධාරණය කර තිබුණාය.
ශිවන්ති ප්‍රනාන්දු පින්ක්විලා ලිපියක් ඇසුරින්..