lan englan tam

O Oපේ

කමල් අද්දරආරච්චි රෝගීව ඉන්න බව පැතිරූ කතාවේ රෝග නිධානය මෙන්න!

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි රෝගීව ඉන්න බව පෙන්නුම් කෙරෙන වීඩියෝවක් පසුගිය දවස් වල සමාජ මාධ්‍යයේ සංසරණය උනා ඇතැම් විට ඔබත් දකින්න ඇති.

රෝගීව රෝහල් ඇදක ඔහු වැතිර සිට්න බව දැක්වුන මේ වීඩියෝව නිසා ඔහුට ආදරය කරන බොහෝ රසිකයන් කලබලයට වගේම දුකට පත් වෙලා තිබුනේ ඔහු ඇත්තටම රෝගී තත්වයකින් පසු වෙනවා කියලා සිතා ගෙන.

කොහොම උනත් පස්සේ ආරංචි උනේ ඔහු සුවෙන් සිටින බවත් මේ වීඩියෝව ඔහු පෙනී සිටින අලුත්ම ගීතයක රූප රචනාව වෙනුවෙන් සිදු කළ වේෂ නිරූපණයක් අතරතුර ලබාගත් එකක් බවයි.

මේ ගීතයේ රූප රචනාව රූගත කිරීම් අතර තුර එම ස්ථානයේ සිටි අයෙක් අනවසරයෙන් මෙහි කොටසක් රූපගත කරලා වැරදි අදහසක් යන ආකාරයට පළ කළ නිසයි මේ තත්වය නිර්මාණය වෙලා තිබුණේ.

පසුව කමල් අද්දරආරච්චි සමාජ මාධ්‍ය වීඩියෝවක් හරහා මේ ගැන පැහැදිලි කරමින් සහ තමන් සුවෙන් සිටින බව දන්වමින් ආදරණීය රසිකයන්ට දනුවත් කිරීමකුත් සිදු කළා.

ඉතින් එදා ඒ විදිහට රූ ගත කරපු මේ ගීතය හෙට (29) දිනයේදී නිකුත් කරන්න නියමිතයි.

ඕෂද හේමන්ත ගායනා කරන මේ ගීතය “හිරු කිරණ තාත්තා” කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ වීඩියෝවේ කමල් අද්දරආරච්චිගේ වේෂ නිරූපණ ශිල්පියා විදිහට කටයුතු කළේ සම්මානනීය වේෂ නිරූපණ ශිල්පී විදුර අබේධීර.

මේ ගැන නිවේදනය කරමින් කමල් අද්දරආරච්චි සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් ද එක් කරලා තිබුණා. ඒ එක්කම බොහෝ දෙනා අතර කතා බහට ලක් උන ගීතයේ රූප රචනයේ ඔහු පෙනී සිටින ඡායාරූප කිහිපයකුත් එක් කරලා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඔහු පළ කල එම සටහන සහ ඡායාරූප කිහිපයයි.

 

(උපුටා ගැනීම)

පිය සෙනෙහසට පිදෙන "හිරුකිරණ තාත්තා" නම් වූ ගායක ඕෂද හේමන්ත ගායනා කළ ගීතයේ රූප රචනයේ දර්ශන රූගත කළ අවස්ථාවේ එතැන සිටි යමෙකු විසින් එහි ඇති දර්ශනයකට මා පෙනී සිටි අවස්ථාවේ ඉන් කොටසක් සිය ජංගම දුරකථනයෙන් රූගත කර පසුව මටද නොදන්වා අනවසරයෙන් එම රූපරාමු "කමල් අද්දරආරච්චි" යන සිරස්තලයෙන් යුතුව එය අන්තර්ජාලයට මුදා හැර හෙතෙම සියුම් නරුම වින්දනයක් ලබමින් ලක්ෂ සංඛ්‍යාත අන්තර්ජාලයේ සැරිසරන පිරිසක් නොමඟ යවමින් මා ඇතුළු මාගේ රසිකයින් හා හිතෛෂීන් දැඩි අපහසුතාවකට පත් කළ පුවතක් මැවීමට සමත්වුණා.

එම රූපරචනාවට උචිත අයුරින් මා වෙස්ගැන්වු සම්මානනීය වේශ නිරූපන ශිල්පී විදුර අබේධීර සොයුරා මට කදිම වෙස්ගැන්වීමක් කළා.

ඕශද හේමන්තගේ මෙම ගීතය ලබන සිකුරාදා එනම් 29 වැනිදා (හෙට) සවස එළිදැක්වීමට සූදානම් බවත් මට පැවසුවා.

මේ ඔබ දකින්නේ එම ගීතය සඳහා විදුර සොයුරා මා වෙස්ගැන්වූ ආකාරයයි.

 540586655 25161413700118467 5247517502173427047 n

540729539 25161414080118429 2780060280110072817 n

540686908 25161413676785136 9054348534974674659 n

539303800 25161414046785099 361601707252090680 n

539569920 25161414363451734 1736121368629597377 n

 

( මෙම සටහන සහ ඡායාරූප උපුටා ගැනීම "kamal Addara Arachchi" නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

shungara

Back to top
Go to bottom