lan englan tam

O Oපේ

“හැමදාම කිව්වා වගේ මම අදටත් එයාලට කියනවා ශිෂ්‍යත්වෙ නෙවෙයි ජීවිතේ..මෙතන ඉදලයි ඉස්සරහට ඉගෙන ගන්න ඕනි කියලා”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊයේ දිනයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ සිය ශිෂ්‍යයන් විභාගයෙන් ඉහළ සාමාර්ථ අරගෙන තිබෙන බව දැනගෙන,

සතුටු කදුලු එක්කරමින් සිය සතුට ප්‍රකාශ කළ තරුණ ගුරුවරියකගේ විඩියෝවක් සමාජ මාධ්‍යය හරහා බොහෝ විට ඔබත් දකින්න ඇති.

මේ තරුණ ගුරුවරිය නමින් ලෝචනා ඉසුරින්දි.

පසුගිය කාලයේ ජාතික රූපවාහිනියෙන් විකාශය උන “ඉර ගිනි මද්දහන” ටෙලි නාට්‍ය ඔබට මතකනම් මෙහි ‘චූටිගේ’ චරිතයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත ආ රංගන ශිල්පිනිය වූයේත් ඇයයි. ඒ වගේම මේ වෙන කොට ඇය නිර්මාණ රාශියකටම සිය දායක්ත්වය ලබා දෙන දක්ෂ රංගන ශිල්පිනියක්.

රංගන ශිල්පිනියක් ලෙස වගේම ගුරුවරියක් ලෙස පසුගිය කාලයේ ඇයව බොහෝ දෙනාගේ අවධානයට ලක්උනේ තම පාසලේ දරුවන් එක්ක ඇය පරිසරයට සමීපව සිදුකරපු නිදහස් ඉගැන්වීම් රටාව නිසා.

ඇය විටින් විට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එක් කරලා තුබුණ දරුවන් එක්ක සිදු කරපු වෙනස් ඉගැන්වීම් ක්‍රියාවලියේ වීඩියෝ පට නිසා ඇයව වගේම මේ සිසු දරුවනුත් බොහෝ දෙනෙක් දැන හඳුන ගත්තා.

ඉතින් මෙවර විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ඇය මේ විදිහට බොහෝ දුෂ්කරතා මැද කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු කරපු මේ ශිෂ්‍යයන් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න සමත් වෙලා තිබුණා.

 

543134782 1127402136153163 8270922876248795049 n 2

 

ඉතින් මේ සතුට ලෝචනා ඉසුරින්දි වචන බවට පෙරළුවේ මෙහෙමයි.

 

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවාලු නේද... දන්නවද... මුලු රටේම ආදරය දිනා ගත්ත මගෙ පැටව් 5ගෙ ලකුණු...

ළමයි පාස් වුනාට ඇයි මෙච්චර ටීච කෙනෙක් අඩන්නෙ...???

හද්දා දුෂ්කර පාසලකට පාරුවෙන් ඇවිත් පයින් ඇවිත් මගෙ ළමයි පහ ඉගෙන ගත්තෙ....

හැබැයි මොන කටුකත්වෙ තිබ්බත් එයාලා සැප හෙව්වෙ නෑ... නාගරික මෙන් දියුනු නොවුන ගමක ලස්සන අඩි පාරවල් දිගේ වතුර කඩිතිවලින් පැන පැන ඇවිත් එයාලා ඒ දේ කලා...

3,4,5 ශ්‍රේණි ඒ කියන්නෙ අවුරුදු 3ක් ළමයි 5 මගෙ තුරුලෙ හිටියා... ඉතිං අපි පවුලක් වගේ ඔහේ ජීවත් වුනා.... මගෙ ජීවිතේ අසීරුම කාලෙ පවා මාව සතුටින් තිබ්බෙ එයාල පස්දෙනා... Shooting ගිහිනුත් පහුවෙනිදට ඉස්කෝලෙ එන්නම ඕනි නිසා මහ රෑ තිස්සේ පාලු පාරවල්වල මහ මිනිහෙක් වගේ කොහොම හරි කලවානට එන හැටි මතක් වෙනවා මට.... ඉතිං පාරක් පාරක් ගානෙ රස්තියාදු වෙලා සමහර දවස් පාන්දර 6.30ට ගෙදරට ඇවිත් එහෙන්මම ඉස්කෝලේ යනවා...ඒ ඔක්කොම මහන්සිය ඉවරයි උදේට පස්දෙනාව දැක්කාම.... එයාලා ඒ මහන්සියට සාදාරණයක් කලා...වෙනදටත් මාව සතුටු කලේ මගෙ ළමයි 5... අද මට එයාලා දරා ගන්න බැරි තරම් සතුටක් දීලා...

මේ සතුටට මගේ පාසලේ විදුහල්පතිතුමාව ඉහලින්ම මතක් කරන්න ඕනි... මේ කාලය තුල සර් හුස්මක්වත් ගත්තද සැකයි...ඒ තරම්ම සර් කැප වුනා...ඔහු වැනි අයෙක් තවත් සිටීද කියලා හිතෙන තරමටම මගෙ දරුවො 5 වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරා...ඇත්තටම සර්ට ගොඩා...ක් පිං...ඒ වගේම 1,2 ශ්‍රේණි ඉගෙන්වූ දනුශ්කා සහ සමන්තා ටීචලා දෙන්නටත් රුවිනි සහ ඉශාරා ටීචලා දෙන්නටත් මේ හැම ගෞරවයක්ම හිමි වෙනවා... දුවගෙන ගිහින් මම මොන දේ ඇහුවත් ඔක්කොම වැඩ පැත්තකින් තියලා එයාලා ගොඩක් උදව් වුනා.... මෙතෙක් මගෙ දරුවන්ට අකුරක් හෝ කියල දුන් සෑම අයෙක්ටම ස්තූතියි...

ඒ වගේම මගෙ ළමයින්ගෙ දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි. අවුරුදු 3ක් තිස්සෙ එයාලා මාව විස්වාස කරා...මම මොනවද කරන්නෙවත් කවදාවත් ඇහුවෙ නැ...ප්‍රශ්න කලේ නෑ...අපි 6ට අපේ පාඩුවේ ජීවත් වෙන්න දුන්නා...අපි අපිට ඕනි දේවල් කරා.නිදහසේ හිටියා..කුඹුරෙ පැන්නා..දොලේ ගියා.. මෑ බෝංචි මුං ඇට අහු වුන දෙයක් උයන් කෑවා...තණකොල ගැලෙවුවා..ගස් උඩ නැග්ගා...අහු වෙන අහු වෙන කැලෑ කොල , ගඩා ගෙඩි, යකා හොටු කෑවා...ඉගෙන ගත්තා...කොයි වෙලේකවත් බලපෑම් කරේ නැති නිසා අදටත් මම පාසල් එන්නෙ සතුටින්....

රත්නපුරේ දිස්ත්‍රික්කයේ 136 cut off mark එක වෙද්දී මගෙ ළමයි

148

147

137

132

127

ගත්තා...

පුතේ උබල පහ මට මහ මෙරක්... හැබැයි හැමදාම කිව්වා වගේ මම අදටත් එයාලට කියනවා ශිෂ්‍යත්ව නෙවෙයි ජීවිතේ..මෙතන ඉදලයි ඉස්සරහට ඉගෙන ගන්න ඕනි කියලා....

කැලෑ පැන පැන හිටියට අපි ඉගෙන ගත්තා හොදේ......

 

 

(සටහන ' Lochana Isurindi' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

 

kemadasa

shungara

Back to top
Go to bottom