මධුමාධව අරවින්ද නම කියූ සැනින් බොහෝ විට ඒ ආදරණීය ගායකයාව ඔබට මතකයට නැගෙනවා ඇති.
පසුගිය කාලයේ නම් ඔහුව බොහෝ කතා බහට ලක් උනේ දේශපාලනයත් එක්කයි.
කොහොම උනත් මේ දේවල් වලට කෙටි විරාමයක් දීපු මේ කලාකරුවා දැන් ටික කාලෙක ඉදන් පදිංචිව ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් වල.
ඇත්තටම, දැන් වසරකට වැඩි කාලයක් ඉදලා ඔහු එහෙ ඉදන් කරන්නේ මොනවද?
මේක රසිකයන්ට විතරක් නෙමේ මධුමාධවගේ මවටත් තිබුණු ප්‍රශ්නයක්.
ඉතින් අවුරුද්දක් තිස්සේ ඔහු හංගපු මේ රහස ගැන සිය මවට කියපු විදිහ ගැන ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ආදරණීය සටහනක් එක් කරළා තිබුණා.
කවදත් වගේ මධුමාධව මේ විදිහට බෙදා ගන්න අදහස් හරිම රසවත් වගේම හෘදයාංගමයි.
ඉතින් ඔබත් කියවලාම බලන්නකෝ මධුමාධව අරවින්ද ලන්ඩන් වලට වෙලා කරන අලුත් වැඩේ මොකක්ද කියලා.
මතු දැක්වෙන්නේ ඒ සටහන.
(උපුටාගැනීම)
ඇත්තටම මගෙ පුතා මොනවද කරන්නේ.. රට ගිහින් අම්මට තිබ්බ කුකුස...?
එහෙනම් අද කියන්නම් අවුරුද්දක් තිස්සෙ හන්ගපු රහස...
සත්තම සත්තයි මට තිබ්බ හීනයක් මේක
පාන් වර්ග පනහක් හදන මදු මාදව theබේකර්
ලංඩනයේ වසන්තකලයේ කෙලවර උදාඋන සීතල සුවද උදෑසනක්...
සමනල මුදුනේ සිරිපා සිබ සිබ
උදා ඉරක් පායයි.... ගීතය උරුහන් බබා...
කඩිමුඩියෙ පාන්දර තුනට නැගිටගෙන වැඩට යන්න ලෑස්තිවෙන චිම්ෆඩ් ගමේ කවුරුත් අදුනන් නැති පුතෙක්.....
අවුරුද්දක් තිස්සෙ ඒ පුතාට තිබ්බ හීනයක්..
අම්මට කවදා හරි පෙන්නන්න ...
එයාගේ අලුත් පුතා...
ඈත රටක හිමීට මොකාටද ලෑස්ති වෙන්නෙ කියල...
ඉතිං, අම්මා එංගලන්තට ආවනෙ,
එයාටත් දැනගන්න හරි කුතුහලේ..
මන් ඇත්තටම මොනවද කරන්නේ රස්සාවට කියල...
එයා කීප සැරයක් ඇහුවා...
එයාගෙ පුතාගෙන්....
මොනවද පුතේ ඔයාට කරන්න තියෙන්නේ..?
මොනව කරන්නද මගෙ පුතා ඉගෙන ගත්තේ..?
තමන්ගෙ දෙයක් කලා මිසක්, ලංකාවෙ කොහෙවත්
කා යටතෙවත් රස්සාවක් නොකරපු..
නහයට අහන් නැති නසරානි පුතාගෙන් අම්මෙක් එහෙම ඇහුවා...
ආයෙත් ආයෙත් අහන මේ ප්‍රශ්නයට..
උත්තර දෙන දවස උදාඋනා...
අම්මට වගේම ආදරනීය නුබලට.
ලංඩනයේ , චිම්ෆඩ් කියන ගමට..
සීතල උදෑසනක් එලි වෙච්ච ලස්සන දවසක...
පාන්දර සුවද තුරුලු කරගෙන චිම්ෆඩ් කන්ද බහින වාහන කඩි ගුලට එකතු වෙන්න යන පුතා....
ගෙදර දොර වහල පිටවෙන්න කලින්...
හරි .....
අද මම ඇවිල්ල අම්මට කියන්නම් කො.. මම මොනවද කරන්නෙ කියල...
එක පොතක පරිච්ඡේද ගොඩක් ආදරනීය මීනිස්සුන් කියවන්න ආස උනාට..
එක ජීවිතයක් ඇතුලෙ..
අලුත් ජීවිත හොයාගෙන යන්න මිනිස්සූ ටිකක් බයයි....
නම ගම තානාන්තර දන්න කියන තමන් හදා ගත්ත හෙවනේ සෙල්ලම් කරන්න තමයි මිනිස් හිත කැමැති...
සියල්ල වමට හැරෙනකොට
දකුනට හැරුන මිනිස්සු හිටියේ
පොත් වල , හිත්ලු ව්ල, කයිවාරුවල විතරක් නෙවෙයි...
එහෙම මීනිස්සු මහපොලොවෙ ඉන්නව...
ඉතිං, මමම ලියල මමම සංගීතය දාල මමම ගයල ගීතයක් අම්මට පෙන්නපු පලවෙනි දවසේ අම්ම හිනා උනා පපුවෙන්....
මමම අනල මමම කපල මමම බේක් කරල
මමම පැක් කරල ලේබල් කරල එයාටම හදපු
කොටි පාන් බනිස අත් දෙකෙන්ම ගත්ත අම්ම..
ඊයෙ හිනා උනා ඇස් දෙකෙන්....
ඔව්... මගෙ අලුත් පරිච්චේදය ඇරබුනා..
පාන්දර ලංඩන් අහසට කඩි මුඩියේ හරිම සුවදට, බේකරි වල විශාල චිමිනි වලින් දුම් ගුලි පිට කරනවා....
ඊයේ අම්මට කොටි පාන් (ටයිගර් රෝල්)
එක හදල පැක් කරල වාහනේට පාන්දරම දාල..
හැරෙනකොට...
විසාල බේකරි චීමිනියෙන් දුම් අහසට යන ලස්සන දර්ශනය මාව නැවැත්තුවා...
දුම් වැටියක් පත්තු කරගෙන..
මම ඒ අකීකරුවට චිමීයෙන් එලියට නොපෙනී යන.. දුම් ගුලි දිහා බලන් හිටියා ආදරෙන්...
ඒ දුම් ගුලි මැද්දෙන්..
මම දැක්ක මදු මාදව අරවින්ද මගෙ දිහා ආදරෙන් බලන් ඉන්නව...
මම එයාට හාදුවක් දීලා...
විසාල චීමීනියෙන් එහා අහසේ..
මගෙ නම ලිව්ව...
එයාට පෙනෙන්න..
මම පපුවෙන් එයාට කිව්වා...
මතක තියාගනින් මදුවෝ මේක....
දැන් උබ මදු මාදව the බේකර්...
නිමි නැත...
මදු සම්බන්දයි......................







(සටහන සහ ඡායාරූප උපුටා ගැනීම " Madhu Madhawa Aravinda" ෆේස්බුක් පිටුව ඇසුරිනි)









