lan englan tam

O Oපේ

මුහුණු පොතේ සැරිසරණ ඡායාරූපය ගැන දයාන් විතාරණගෙන් සටහනක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දිනවල, ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ඇතුළු පවුලේ සමීපතමයන් අවමංගල්‍ය උත්සවයක දේහය අසල සිට ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ බොහෝ සංසරණය වෙලා තිබුණා.

මේ ගැන සමාජ මාධ්‍යයේ නම් විවිධ අදහස් පළ වෙලා තිබෙනවා දැකගන්න පුළුවන්.

ඉතින්, මේ හැමදේ ගැනම පැහැදිලි කරමින් ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මෙම ඡායාරූපය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් එක්කරලා තිබුණා.

මතු දැක්වෙන්නේ එම සටහනයි.

(උපුටා ගැනීම)

මේ වන විට මුහුණු පොතේ සැරිසරන මගේ ඡායාරූපයක් සම්බන්ධව ඔබව දැනුවත් කරන්නටයි මම මේ සටහන එක් කරන්නේ.

පසුගිය දිනෙක අප ආදරයට කාමිනී කුඩම්මා ලෙස ඇමතූ, මට ඉතා සමීප මගේ පියාගේ සහෝදරයාගේ බිරිඳ වියෝ වුණා. ඈ අවුරුදු 85ක් ආයු වළදා අවසාන කාලයේ වකුගඩු රෝගයෙන් පීඩාවිඳිමින් සිටින විටත් "ඇගේ දෙන වසා තබන්න, මා ගත් ලස්සන ඡායාරූපයක් ඒ අසල තබන්න" කියා දුරකථනයෙන් පවා මා අමතා ඉල්ලීම් කලා.

ඇය ඉතා රෝගීව සිටින මොහොතේදීත් අප සැම එක්වී ගී ගයා ඇය සතුටු කළ මතක අපි හැමෝටම තිබුණා. කුඩම්මාත් ඒ පිළිබඳව ඉතා ඉතා සතුටින් සිටියා. ඇයගේ අවමංගල්‍ය දින මගේ පියාගේ පවුලේ සියලුම ඥාති සොයුරු සොයුරියන් එක්වූ නිසා අපි ක්ෂණිකව ගත් ඡායාරූපයක මා සහ තවත් සොයුරියක් මද සිනහවකින් සිටිනවා.

මගේ මවටත් යුතුකම් ඉටු කල පුතෙක් ලෙස මගේ හිතේ ඒ මොහොතේ තිබුණේ ජීවත්ව සිටින මොහොතේ කුඩම්මා සතුටින් තැබීම පිළිබඳ යම් සැනසීමක්. ඒ වගෙම අප සියලුම දෙනා කලකින් හමුවූ සතුටත් හිතේ තිබුණා.

මේ ඡායාරූපය AI බව ඇතැම් අය පවසා තුබුණා. එය AI පින්තූරයක් නොව මගේ ඉල්ලීම පරිදි ගත් ඡායාරූපයක්. මට හානි වන ලෙස සිදුවන මෙවැනි ක්‍රියා මා කිසිසේත් මායිම් නොකරන නමුත් මෙවැනි එක් පින්තූරයක්, එක් සිනාවක් හේතුවෙන් මියගිය පුද්ගලයාට පවා අවමන් වන ලෙස හැසිරීම කෙතරම් සාධාරණ දැයි ඔබම සිතන්න.

බුදු දහමේ පවා සඳහන් වන්නේ කෙනෙකුගේ වියෝවීමේදී දුක් නොවී සිටින්නට සිත පුහුණු කළ යුතු බවත්, එවැනි හැඟීම් හට ගන්නේ තණ්හාව නිසා බවත්ය. අප එය දුරුකල යුතු බවත්‍ ය. බෞද්ධයෙක් ලෙස මම හැමවිටම සිතන්නේ ජීවත්ව සිටියදී හැකි පමණින් යුතුකම් ඉටු කල යුතු වනවා මිස මියගිය පවු හඩා දොඩා පලක් නැති බවයි. මම මගේ මවගේ අවමඟුලට සහභාගි නොවූ ඒත් ඇය ඉතා හොඳින් බලා ගත් පුතෙක් බව මුළු රටක් දන්නවා.

පරමායුෂ ලැබූ සහ ඉතා ප්‍රීතිමත් ලෙස ජීවිතය ගෙවූ ජීවිතයක් පිළිබඳ අප දුක් විය යුතු නැහැ.ඒ පිළිබඳ තිබිය යුතේ සන්තුෂ්ඨියක්. ජීවිතාවබෝධය ලබන්නට මනස දියුණු කිරීමයි අප කළයුතු.

ඊයේ දිනත් ප්‍රවීණ සංගීතවේදි දර්ශන වික්‍රමතුංගගේ "සඳගිර" ප්‍රසංගය හරහාත් ඉටු කලේ වකුගඩු රෝගියෙකු රැකගැනීමේ යුතුකම.

මේ මොහොතේ මට සිහිවෙනවා ශාමිලා හුසේන් ලියා මහෙෂ් විතාන සංගීතවත් කළ ජීවිතය පිළිබඳ සිතන්නට පොලඹවන "හඬන්නට කඳුළක්" ගීතය. ඔබටත් එහි අර්ථය සිතට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

වියෝවූ කාමිනී කුඩම්මාටත් නිර්වාණය දුර නොවේවායි ප්‍රාර්ථනා කරනවා.

 555573000 1322443769246957 1814115073486281268 n 1

555696043 1322443605913640 5820288421580993279 n

 

(සටහන හා ඡායාරූප උපුටා ගැනීම - 'Dayan Witharana' නිළ ෆේස්බුක් ගිණුම ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom