lan englan tam

O Oපේ

වසර 23 කට පසු ඩිලානි අබේවර්ධන නැවතත් සිනමාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

90 දශකයේදි ලාංකීය සිනමාවේ මෙන්ම පසුව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද අතිශය ජනප්‍රියත්වයට පත් සුරූපිණිය ඩිලානි අබේවර්ධනව ඔබ කටත් හොඳින් මතක ඇති.

අදටත් බොහෝ දෙනාට එදා ඇය සිනමාවේ මෙන්ම පුංචි තිරයේ රංගනයෙන් එක්වූ චරිත මතකයේ ඇතිවාට සැක නෑ.

 

495609628 1269674305161149 5795042672934081793 n

 

කොහොම උනත් ජනප්‍රියත්වයේ උපරිම තලයේදී ඇය විදෙස් ගත වෙන්නේ සිය ජීවන ගමන ඉහළට ගෙන එම සහ සිය පවුල වෙනුවෙන් කැපවෙමින්.

මේ සමග රංගනයට විරාමයක් තබන්නටත් ඇයට සිදුවෙනවා.

මෙසේ රංගනයට විරාමයක් තැබුවත් ඇය ලංකාවට පැමිණි අවස්ථා වල සහ ඇතැම් විට ඇගේ අලුත්ම ඡායාරූප එකතුවක් පවා බොහෝ දෙනාගේ අවධානයට ලක්උනේ ඇය තවදුරටත් රසිකයන් අතර ජනප්‍රියව සිටින බව පෙන්වා දෙමින්.

 

494975173 1263167985811781 3396903010238608068 n

 

ඉතින්, මේ වෙනකොට  ඇය සිය දිවි ගමනේ මවක්, බිරිඳක විදිහට බොහෝ වගකීම් ප්‍රමාණයක් ඉටු කර යම් අස්වැසිල්ලක් ලබා තිබෙනවා.

ඉතින් මේ සමග විරාමයක් තැබූ රංගන දිවියට අලුත් ආරම්භයක් දෙන්නයි ඇය මෙවර ලංකාවට පැමිණියේ.

ඒ ප්‍රවිණ සිනමා අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරියගේ ‘මේඝ වර්ෂා’ නවතම චිත්‍රපටයේ චරිතයකට රංගනයෙන් එක්වෙන්නයි.

ඉතින් මේ ආරම්භය තවත් දිගු කරමින් ඇය සිනමා අධ්‍යක්ෂක එරංග සේනාරත්නගේ “messenger” නවතම චිත්‍රපටයේ චරිතයකටත් රංගනයෙන් එක් වෙලා තිබුණා.ඒ විතරක් නෙවේ ඉදිරියේදී තිරගත වීම් ආරම්භ කරන්නට සූදානම් ලක්ෂ්මන් පුෂ්පකුමාර තිර රචනය කළ ඔහුගේ පුත් නිපුන මහර්ෂි අධ්‍යක්ෂනය කරන “ගගන” චිත්‍රපටයේ චරිතයකටත් ඇය රංගනයෙන් එක්වෙන්න සුදානම්.

ඉතින් වසර 23 කට පසු විරාමයක් තැබූ ඩිලානි අබේවර්ධන්ගේ රංගන දිවියේ අලුත් ආරම්භය මෙය බවට පත්වෙන්නට බොහෝ ඉඩ කඩ තිබෙනවා.

 

568659178 1440969597748093 6144617707849912791 nනිපුන මහර්ෂි අධ්‍යක්ෂනය කරන “ගගන” චිත්‍රපටයේ මුහුරත් උළෙළ දිනයේ

 

569355307 670350016060163 590133702304979117 n

568736641 670349982726833 1495010560210824313 n

 

ඉතින් නූදුරේදීම ඇයව නැවතත් ප්‍රේක්ෂකයන්ට සිනමාවේදී දැකගන්නට ලැබේවී.

ඒ වගේම අලුත්ම ආරංචිය තමයි ඇය ඉදිරියේදී තමන්ගේම සන්නාමයක් යටතේ (DIL World) ගුණාත්මක රූපලාවන්‍ය නිෂ්පාදනයකුත් හඳුන්වාදෙන්න සූදානම් කියන එක. මේ වන කොට ඇය පදිංචිව  සිටින ඇමරිකා එක්සත් ජනපදයේදී මේ නිෂ්පාදනය එළිදැක්වූ බවත් ඉදිරියේදී එය ලංකාවටත් හඳුන්වාදෙන්න සූදානම් බවත් ඇය සඳහන් කළා.

496453077 1270970861698160 8648341816760394678 n

497486690 1270970568364856 6149832470529915387 n

 

ඉතින්, පසුගියදා ඇය ජාතික රූපවාහිනී නාලිකාව් “නුග සෙවණ” සමග සාකච්ඡාවකට එක්වෙමින් මේ ගැන දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්.

 

kemadasa

shungara

Back to top
Go to bottom