lan englan tam

O Oපේ

සමාජ මාධ්‍යය හරහා එල්ලවන චෝදනා ගැන හෙෂානි ලියදිපිට කතා කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය රංගන ශිල්පිනී හෙෂානි ලියදිපිට විසින් මේ දින වල වල තමන්ට සමාජ මාධ්‍ය හරහා එල්ලවන චෝදනාවක් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඒ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් හා විඩියෝවක් පළ කරමින්.

එම සටහන මගින් ඇය මෙවැනි අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.

 

(උපුටා ගැනීම)

නොදැන බොහෝ දේ විවේචනයට ලක්කරන්නට පෙර හිතන්න ...

දින කිහිපයක් තුල සමාජ මාධ්‍ය තුල මගේ නම භාවිතා කරමින් දරුනු චෝදනාවක් නිර්මාණය කර ඇති බව දැනුවත් විය.

ජීවිතේ කිසිම දවසක නොකර , තුන් හිතකින්වත් නොසිතූ මෙවැනි දේවල් සමාජ මාධ්‍ය හසුරවන සම හරක් විසින් නිර්මාණය කිරීම කනගාටුවට හා වේදනාවට කරුණකි.

තමාගේ තෘප්තියත් ,පහල මානසිකත්වයත් නිසා නිවැරදි තොරතුරක් , විස්තරයක් නොදැන, කිසිදු සාක්ශියක් නොමැතිව ,මෙවැනි මහා පරිමානයේ චෝදනාවක් යටතේ මාගේ නම සමාජ මාධ්‍යයේ සදහන් කල පිරිස් වෙනුවෙන් ඊට අදාල නීතිමය පියවර ගැනීමට මට සිදුවිය.

ජීවිතේ තමන් ආස දේවල් එක්ක , සතුටින් , කැමති විදිහට ජීවත් වෙන්න මිනිස්සුන්ට බැරිද ?

ඉගෙනගන්න ඕන කාලෙදි මහන්සි වෙලා ,විශ්ව ව්ද්‍යාලයකට ගිහින් ඒ ලබාගත්තා දැනුම භාවිතා කරල තමන්ගේ කියල දෙයක් නිර්මාණය කරන් සාධාරණ විදිහට ජීවත් වෙන සතුටින් ඉන්න මිනිස්සු මේ ලංකාව ඇතුලේ ඕන තරම් ඉන්නවා.

ඒ මිනිස්සු තමන් ආසාවෙන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්නේ අසාධාරණයෙන් දේවල් හම්බ කරගන්න නෙවෙයි ..

තමන්ට ලැබුනු ජීවිත කාලය ඇතුලේ සතුටින් ඉන්න උත්සාහ කරන්න .......

අනිත් කෙනාට තමන්ට නොලැබුන දෙයක් තියෙනවා

වගේ දැනෙනවා නම් ඒ දේ වෙනුවෙන් කුහුලක් ඇතිකරගන් නැතුව තමන්ගේ උන් එක්කත් තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න .....

ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදි තව එකෙක් රිද්දන්න වට්ටන්න පාගන්න උත්සාහ කරන මිනිහෙක් වෙන්න එපා , කිසි දෙයක් නොදැන තව කෙනෙක් විවේචනයට ලක් කරන්න තරම් අධම පහත් මානසිකත්වයක් තියෙන අමුනුස්සයක් වෙන්න කලින් දෙපාරක් හිතන්න.

ස්තූති

(උපුටා ගනීම අවසන්)

 වීඩියෝව නරඹන්න  - Click Here 

(මෙම සටහන උපුටා ගැනීම 'Heshani Liyadipita' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි) 

kemadasa

shungara

Back to top
Go to bottom