ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකගේ උපන්දිනය යෙදී තිබෙන්නේ අද(27) දිනයි.
ඉතින්, ඔහු වෙනුවෙන් තැබුණු උපන්දින සුභ පැතුම් අතර ඔහුගේ අතගත් අදරණීය බිරිඳ ජානකී විජේරත්න සිය උපන්දින සුභ පැතුම එක් කර තිබුණේ මෙලෙසයි.
(උපුටා ගැනීම)
“විශ්වය මට මුණගස්වපු සොඳුරුතම හමුවීම ඔයා.
මෙතෙක් මට අහිමි වූ මගහැරුණු සියලු දේ නිසාම,
මගේ පුතා හැරුණු කොට මට හිමිවුණු වටිනාම හිමිවීමත් ඔයා..
අපේ හමුවීමත්, අපේ හිමිවීමත් සංසාරෙක හුරු බව නිසාම සිදුවුණු අපූරු ගැලපීමක්..
ඔයා වෙනුවෙන් මගේ හදවත පුරාම ආදරය පිරුණු බව පමණක් කියන්නම්.
සුභ උපන්දිනයක් වේවා…
මගේ හදවත ආදරයෙන් පිරිමැද, මගේ හද සසල කරවපු ප්‍රේමණීයම ප්‍රේමයට ආදරෙයි මං හැමදාමත්…”


(සටහන සහ ඡායාරූප - 'Janaki Wijerathna' ෆේස්බුක් පිටුව ඇසුරිනි)









