lan englan tam

O Oපේ

"විසේකාරි කියන්නෙ බේකරියක් සීනි බනිස් වගේම පරළු පානුත් තියනවා" - ලක්ෂාන් වාත්තුහේවා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දවස්වල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් තමයි “විසේකාරී” ටෙලිනාට්‍යය කියන්නේ.

ඉතින්, මේ ටෙලි නිර්මාණයට ලැබෙන ජනප්‍රියත්වයත් එක්කම බහුවිධ ප්‍රේක්ෂකාගාරයෙන් හොඳ ප්‍රතිචාර වගේම ඇතැම් විවේචනත් එල්ලවෙන බව දකින්න පුළුවන්.

මේ බහුවිධ ප්‍රතිචාර එක්ක කතා බහට ලක්වෙන තවත් දෙයක් තමයි 'විසේකාරී' ලියන්නේ  කවුද? කියන එක.

ඉතින්, හැමෝම කතා වෙන 'විසේකාරී' ටෙලි නාට්‍යයේ තිර රචකයා තමයි ලක්ෂාන් වාත්තුහේවා

 

487430427 10226606382241090 8049716752856948561 nටෙලි නාට්‍ය තිර රචක ලක්ෂාන් වාත්තුහේවා.

 

ලක්ෂාන් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානය යොමු උනේ “බැක්සයිඩ්” ටෙලි නාට්‍යයත් සමගයි. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය උන මේ ටෙලි නාට්‍යය පසුගිය සුමති හා රයිගම් ටෙලි සම්මාන උළෙලවල් දෙකේදීම සම්මානයට පාත්‍ර උනා.

‘බැක්සයිඩ්” ටෙලි නාට්‍යයේ තිර රචකයා උනේත් ලක්ෂාන් වාත්තුහේවා.

මේ දවස්වල තවත් නිර්මාණ රැසකම තිර රචකයා විදිහට කටයුතු කරමින් කාර්‍ය බහුලව කටයුතු කරන ලක්ෂාන් වාත්තුහේවා පහුගිය දවසක 'විසේකාරී' ටෙලි නාට්‍යය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අපූරු සටහනක් තබලා තිබුණා.

ඉතින් ‘විසේකාරී’ ටෙලි නාට්‍යයට බනින අයට වගේම හොඳ කියන අයටත් ලක්ෂාන් වාත්තුහේවා උත්තර දීලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

 

(උපුටා ගැනීම) 

මිත්‍රවරුනි,

සම්මානනීය බැක්සයිඩ් ලිව්වෙත් මම

හැමෝම බැණ බැණ බලන විසේකාරි ලියන්නෙත් මම

දැන් ඇති බං නවත්තපං කිය කිය බලන සිත නිදි නෑ ලියන්නෙත් මම

අනේ හරි ලස්සන ශෝක් කතාව කිය කිය බලන කෝඩුකාරි ලියන්නෙත් මම

සමන් ලොක්කගෙන් පස්සෙ සුනන්ද අයිය එක්ක සිඳු ලිව්වෙත් මම

ඊට පස්සෙ ශක්ති ලිව්වෙත් මම

ඇයි සිරසෙ රැස්,දෙරණෙ සසර වස්සානෙ,

ඇයි අර උදාර කියල ඩෑල් එකක් මට කියල ලියාගෙන මගෙ නම නොදා එයා ලිව්ව ගානට හිටපු crime scene ලිව්වෙත් මම,

ඇයි අර මගින් නවත්තපු මල්වාරෙත් අන්තිම විස්ස මගේ..

හෙට අනිද්දට යන පහේ ළමයිනුත් මගේ,

තව අලුතෙන් කරන්න ඉන්න බඩා,ෆෝබියා,කොටහළු පිරිමි,අද රෑ තමයි රෑ,mr මල්සරා,නුරාවී වගේම සරාසුසුම් චිත්‍රපටියත් මගේ,

තව චිත්‍රපටි තුනක් මග එනවා.ඉඩක් ලැබුණු ගමන් කෝපිකඩෙත් ලියන්න බලාගෙන ඉන්නවා.

හිතවතුනි,

මම පොල් කඩන්න දන්නෑ මොකද මට ගස් නගින්න බෑ,

බස් එලවන්න බෑ මොකද බර වාහන ලයිසන් නෑ,

නඩු කියන්න බෑ මොකද එල් එල් බී සමග ඇටර්නීස් නෑ.

ඉංජිනියරින් වැඩ පුළුවන්,හැබැයි කවුරුත් මට වැඩක් දෙන්නේ නෑ,ඉලෙක්ට්‍රොනික් වැඩ ටිකක් පුළුවන් , හැබැයි ගොඩක් වෙලා බෙල්ල නවන් ඉන්න බෑ.

රඟපාන්න පුළුවන් උනාට බඩ හින්දා ගොඩක් අය ගන්නෙ නෑ.ප්ලේන් එලවන්න බෑ,ආසාව තිබුණත් අවස්ථාවක් ලැබුණේ නෑ.

ටියුශන් කරන්න බෑ,මොකද පන්තිය වටේ ගිහිල්ලා පොත් බලන්න බෑ,අනික රෑ නිදිමරන් ටියුට් හදන්නත් බෑ,අනික වැඩි වෙලාවක් ගිරිය පුප්පං කෑ ගහන්නත් බෑ.

සිංදු කියන්න පුළුවන් ඒත් කවුරුත් අත හිත දුන්නෑ,

සින්දු ලියන්න පුළුවන් උනාට කවුරුත් මට කියලා සල්ලි දීලා සින්දු ලියව ගන්නෑ.

කුඹුරු වැඩ බෑ,කැති උදලු වැඩ පුරුදු නෑ,driving පුළුවන් උනාට විනයක් නැති නිසා කවුරුත් ඩ්‍රයිවින් ජොබ් එකක් දෙන්නේ නෑ.

නිවේදනය පුළුවන් ඒත් සොච්චං පඩියක් අරන් වැඩක් නෑ,

උණකට හෙම්බිරිස්සාවකට කැස්සකට ගැස්ට්‍රයිටිස් වලට ,තව ලෙඩ දෙක තුනකට බෙහෙත් දෙන්න දන්නවා,ඒත් MBBS නෑ.

ගුරු පත්වීමක් හදාගන්න පුළුවන්,ඒත් මං වගේ තක්කඩියෙකුට ඒ වගේ වටින රස්සාවක් කැප නෑ,

ඉතින් හිතවතුනි,

ටෙලි නාට්ටි ,චිත්‍රපටි ලියන එක තමයි රස්සාව,

ඒ නිසා තෝරන්නේ බේරන්නේ නෑ

මොකද තාම හරියට ඉන්න හිටින්න මගේ කියල ගෙයක් නෑ

ඉන්නෙ කුලියට,හෙට අනිද්දට එළියට දායිද දන්නෙ නෑ.

ඒ නිසා හිතවතුනි,

මොකා මොනවා කිව්වත් මම ලියන එක නතර කරන්නේ නෑ,

මොලයක් තියෙන එවුන්,විසේකාරි අයිසින් අස්සෙ මම කියන්න හදන සමාජ ආර්ථික දේශපාලන තියරිය ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ,

මං විසේකාරි ලියන්නේ,බලන උන්ට බලන්න,අහන උන්ට අහන්න,කියවන උන්ට කියවන්න.

ඔය කතාව ඇතුලේ එක එක බුද්ධි මට්ටම් තියෙන එවුන්ට එක එක විදිහට කතා කරනවා.

මහත්වරුනි,

මම මොන්ටිසෝරි ළමයින්ට අෂ්ඨ කශේරුකාවෙ පිහිටීම උගන්වන්න යන්නේ නෑ,

දෙකවසර පොඩි එවුන්ට ඨ ,ඩ අකුරු ළ විදියට අවශේෂ වුණු විදිය කියලා දෙන්න යන්නෙත් නෑ,

මම හොඳටම දන්නවා,

ශිෂ්‍යත්වෙ ළමයින්ට බර්නූලිස් තියරියවත්,තාප රසායනේ ඩෙල්ට හෙස් යොදන හැටිවත්,අංශක 45 ට ප්‍රක්ෂේපණය කරලා උපරිම දුරක් ගන්න හැටිවත් උගන්නලා වැඩක්නෑ.

ඒ වගේමයි,මම දන්නවා

මැකියාවෙලි ඉගෙන ගන්න එවුන්ට රූසෝ ගැන මිසක් සාමගෙයි අමරගෙයි සල්මල් කැඩිල්ලෙන් වැඩකුත් නෑ...

මිත්‍රවරුනි,

ඒ ඒ අච්චුවලින් ඒ ඒ බනිස්,

විසේකාරි කියන්නෙ බේකරියක්

සීනි බනිස් වගේම පරළු පානුත් තියනවා.

විසේකාරි ලියන්නෙ මං

ඇයි මොකෝ????

(උපුටා ගැනීම අවසන්)

 

මෙම සටහන "Lakshan Wattuhewa" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom