මාස ගණනාවක් තිස්සේ පැවති නිදන්ගත පිටුපස, පපුවේ සහ උරහිසේ වේදනාවෙන් පසු, සිය බද්ධ කරන ලද කෘතිම පියයුරු ඉවත් කිරීමට සැත්කමකට භාජනය වූ බව,
ජනප්‍රිය ඉන්දියානු රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ෂර්ලින් චොප්රා ඉරිදා රාත්‍රියේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් සදහන් කරනවා.
38 හැවිරිදි චොප්රා මීට පෙර තැබූ ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකින් මෙම තීරණය නිවේදනය කළේ, ඇයගේ ඉහළ සිරුරේ නිරන්තර පීඩනයක් අත්විඳ ඇති බවත්, වෛද්‍ය උපදේශන කිහිපයකට භාජනය වීමෙන් පසුව ඊට හේතුව තේරුම් ගත් බවත්ය.
"මගේ නිදන්ගත වේදනාවට හේතුව මගේ බරැති පියයුරු බද්ධ කිරීම් බව මට වැටහුණා," ඇය පැවසුවාය. "මගේ ජීවිතයට කඩිසරකම, ජීව ශක්තිය සහ විඳදරාගැනීම නැවත ගෙන ඒම සඳහා, මගේ පියයුරු බද්ධ කිරීම් සදහටම ඉවත් කිරීමට මම තීරණය කළා."
සැත්කමෙන් පසු, ඇය සහනයක් දැනුණු ආකාරය විස්තර කරමින් මෙසේ ලිවීය:
"මේ මහා බර මම මගේ පපුවෙන් ඉවත් කර ගත්තා. එක පැත්තක් (බද්ධ කළ පියයුර) ග්‍රෑම් 825ක් බරයි. මට දැන් සමනලයෙක් වගේ සැහැල්ලු බවක් දැනෙනවා. මම තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ සමාජ මාධ්‍යවල තියෙන දේවල්වලට රැවටිලා, තමන්ගේ සිරුරු සමග සෙල්ලම් කරන්න එපා කියලා."
එමෙන්ම චොප්රා පැවසුවේ මෙම පියවර රූපලාවන්‍ය ක්‍රියා පටිපාටි විවේචනය කිරීමක් නොව ඇගේ ස්වාභාවික පෙනුමට නැවත පැමිණීමේ පෞද්ගලික තේරීමක් බවයි.
2023 අගෝස්තු මාසයේදී තම සත්‍ය ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා මුහුණේ තිබූ සියලුම ෆිලර්ස් (fillers) ඉවත් කළ බවද පැවැසූ ඇය, සැත්කමෙන් පසු "සැහැල්ලු බවක් දැනෙන" බව පළ කළ අතර ඇගේ සුවය සඳහා යාච්ඤා කරන ලෙස ඉල්ලා සිටියාය.

හින්දි සහ තෙලිඟු චිත්‍රපටවල රංගනය සඳහා ප්‍රසිද්ධියක් උසුලන ෂර්ලින් චොප්රා 2007දී 'Red Swastik' නමැති හින්දි චිත්‍රපටයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා ය.
ෂර්ලින් චොප්රාට ඉන්ස්ටර්ග්‍රෑම්, යූටියුබ්, ෆේස්බුක් වැනි සමාජ ජාලා තුළ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන අතර ඇයට මිලියන 14කට ආසන්න followers පිරිසක් සිටිනවා.

ශරීර රාමුවට වඩා විශාල බද්ධ කිරීම් ඇති පුද්ගලයින් තුළ චොප්රා වැනි රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසනවා.
මුම්බායි හි වොක්හාර්ඩ් රෝහලේ ප්ලාස්ටික් සහ ප්‍රතිනිර්මාණ ශල්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය Shraddha Deshpande පැවසුවේ විශාල බද්ධ කිරීම් මගින් කොඳු ඇට පෙළේ සහ උරහිස් මාංශ පේශි වෙහෙසට පත් කළ හැකි අතර, "පිටුපස, බෙල්ල සහ පපුවේ වේදනාව බහුලව දක්නට ලැබෙන්නේ ශරීරයේ ස්වාභාවික ව්‍යුහය අමතර බරකට සහාය වීමට බල කරන බැවිනි," ඇය පැවසුවාය.
පියයුරු බද්ධ කිරීම් සලකා බලන පුද්ගලයින්ට තම ශරීර අනුපාතයන්ට ගැලපෙන ප්‍රමාණයන් තෝරා ගැනීමටත්, වේදනාව, තද බව හෝ හැඩයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමටත් වෛද්‍යවරු උපදෙස් දෙති. ශල්‍යකර්මයෙන් පසු හොඳ ඉරියව්, දිගු කිරීමේ සහ ශක්තිමත් කිරීමේ ව්‍යායාම ඔවුන් නිර්දේශ කරයි.
මූලාශ්‍ර - bbc news (සිංහල)
(indian express)









