lan englan tam

O Oපේ

"නිශානි ට ලැබුණ ආදරේ වචනෙන් විස්තර කරන්න බෑ" - සප්නා පාදුක්ක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා (ඉරිදා) ලාංකීය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය ඇද බැඳ තබා ගන්නට සමත් උන තවත් අපූර්ව ටෙලි නාට්‍යක නිමාව සනිටුහන් උනා.

ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය උන හසුන් සමීර අධ්‍යක්ෂණය කළ “රට පවුල” ටෙලි නාට්‍යයයි.

කොටස් 60 කින් සමන්විත වූ සති අන්තයේ විකාශය වූ මේ ටෙලි නාට්‍යය වර්තමාන සමාජ ක්‍රමය තුළ බොහෝ දෙනා මුහුණ දෙන පොදු අර්බුධයන් පිළිබඳව නිර්මාණාත්මකව විමසා බැලීමකට ලක් කරන අතරේ , ප්‍රේක්ෂකයන්ට ජීවිතය පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් එක් කළ ටෙලි නිර්මාණයක් බවට පත් උනා.

 

 

මේ ටෙලි නිර්මාණය මෙතරම් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම වගේම මීට රංගනයෙන් දායක උන ප්‍රවීණ, තරුණ, නැගී එන මේ සියළුම රංගන ශිල්පීන් ලබා දුන් දායකත්වය සුළු පටු නෑ.

මේ ටෙලි නාට්‍යයේ ‘නිශානි’ ගේ චරිතය නිරූපණය කළ එහෙම නැත්නම් කවුරුත් ආදරේට කියන ‘යමපල්ලි’ විදිහට හඳුන්වපු නැගී එන දක්ෂ, රංගන ශිල්පිනිය තමයි සප්නා පාදුක්ක.

 

595058798 1159462699702729 3530001489978845747 n 1 

ඉතින්, ඇය ටෙලි නාට්‍යය අවසන් වීමත් එක්ක “රට පවුල” ටෙලි නාට්‍යය ගැන සිය අත්දැකීම විස්තර කරලා තිබුනා. ඒවගේම ටෙලි නාට්‍යයට දායකත්වය ලබා දුන් නිෂ්පාදක කණ්ඩායම ඇතුළු සමස්ත නළු නිළියන්ව මතක් කරමින් ඔවුනට සිට ප්‍රනාමය පළ කරන්නත් ඇය අමතක කරලා තිබුනේ නැ.

පහතින් දැක්වෙන්නේ “රට පවුල” ටෙලි නාට්‍යය ගැන සප්නා පාදුක්ක එක් කරලා තිබුණ සටහනයි.

 

(උපුටා ගැනීම)

"කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බෑ. තාම මතකයි මට රට පවුලට කතා කරපු පළවෙනි දවස අශාන් සෙනවිරත්න අයියා මුළින්ම ස්තූතියි ඔයාට මාව මේ චරිතෙට යෝජනා කලාට. ඒ වගේම චන්දන ලියනගේ අයියා ඔයාටත්. ඒ වගේම අපේ අධ්‍යක්ෂකතුමා Hasun Sameera ගොඩාක් ස්තූතියි නිශානි විදිහට මාව විශ්වාස කරලා තෝරගත්තාට සහ නිශානි ව නිර්මාණය කලාට.

ඒ වගේම නිශානිව රහට ලිව්ව කෞෂල්‍ය පතිරණ අයියා වගේම, සහය අධ්‍යක්ෂක රංග මුණසිංහ අයියා, දෙවන සහය අධ්‍යක්ෂක හස්ත කල්පගේ කැමරාකරණය කරපු බුද්ධික මංගල අයියා, නාමල් සම්පත් අයියා වගේම චමිල අයියා, සංගීත නිර්මාණය කරපු අශාන් ප්‍රනාන්දු ඇතුලු මුලු රට පවුල කණ්ඩායම ම ආදරෙන් මතක් කරනවා.

ඒ වගේම වේශ නිරූපණය කරපු රුශාන් කරුණාරත්න, සුදත් මන්දාරම්නුවර වගේම මදූශ දිල්ශාන් ඔයාලටත් ගොඩාක් ස්තූතියි. ඒ වගේම ඇදුම් නිර්මාණය කරපු අචල මදුසංක අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි. ඒ වගේම නිරෝශි අක්කා, නිෂ්පාදක Raj production, ප්‍රභාත් අයියා, සංගීත් අයියා ඇතුලු මග ඇරුණු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි.

විශේෂයෙන් ගොඩාක් ස්තූතියි ස්වර්ණවාහිනී නාළිකාවටත්.

ඒ වගේම ආදරෙන් මතක් කරනවා මගෙ නැන්දම්මා හන්සමාලා ජානකී අක්කා, ඒ වගේම දනුකගෙ තාත්තා අනිල් ජයසිංහ අයියා ඒ වගේම නිශානිගෙ දනුක, අකලංක ප්‍රභාශ්වර අයියා ස්තූතියි ගොඩාක් ඔයාලා ඔක්කොටම ඔයාලාගේ සහය නිසා තමයි නිශානි ට මෙච්චර දුරක් එන්න පුලුවන් වුණේ. ආදරෙයි.

ඒ වගේම ජයනි සේනානායක අක්කා, සනත් විමලසිරි අයියා, දිදුල ඉදුවර, නිම්මි මනෝහාරි, ප්‍රශා මිචෙල්, දමිත් ශ්‍රී ග්‍රේශන් ඇතුළු සියලුම සහෝදර කලාකරුවන් කලාකාරිනියන්වත් ආදරෙන් මතක් කරනවා.

ස්තූතියි මෙච්චරකල් අපිව බලන් හිටිය ප්‍රේක්ෂක ඔබටත්. ඔයාලාගේ ආදරේ තමා රට පවුල මෙච්චර උඩකට ඔසවලා තිබ්බෙ. ඒ වගේම නිශානි ට ලැබුණ ආදරේ වචනෙන් විස්තර කරන්න බෑ. ආදරෙයි හැමදාමත් වෙනදා වගේම.

රටේ වුණ වයසනයෙන් මිය ගිය රට පවුලට ආදරේ ප්‍රේක්ෂකයන් ඉන්න ඇති බොහෝම එයාලටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

යලිත් මේ වගේම නිර්මාණයකින් හමුවෙමු. ආදරෙයි "

( උපුටා ගැනීම අවසන්)

 

kemadasa

shungara

Back to top
Go to bottom