ගායන ශිල්පී රහල් අල්විස් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාල තුල උණුසුම් මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා.
ඒ සජීවී වැඩසටහනක් අතරතුර ඔහු හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්.
මේ සිදුවීමෙන් කාලයක් ගතව ගියත් නැවත වතාවක් ඔහු ගැටළුවක් ඇති කරගෙන බවයි අපිට වාර්තා වෙන්නේ.
ඔහු සම්බන්ධ වී කටයුතු කරන beji සංගීත කණ්ඩායම සමඟ මෙම ගැටලුව පැන නැගී ඇති බවයි ආරංචිය.
කොහොම වුණත් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් රහල් මේ ගැන මෙහෙම කියලා තිබුණා,
“මම බෑ කියද්දි එයාලගේ බෑන්ඩ් එකට Join වෙන්න කිව්වා. මට ඕන විදියකට agreement එකක් ගහන්න කිව්වා ඒත් මං කිව්වේ agreement ඕන නෑ වචනය සහ විශ්වාසය රකිමු කියලායි. මං විශ්වාස කළා.
2017.02.21 මගේ birthday එක දවසේ ලක්ෂ අටක් 8 ක් වියදම් කරලා Famous ආටිස්ලා 12 දෙනෙක් ගෙන්නලා එක රැයකින් බෑන්ඩ් එකේ නම මුළු ලංකාවටම අරන් ගියා. මෙයාලා මාවතගම ඉදන් මෙහෙ ඇවිත් ස්ථාපනය කරද්දි ඇදුම් පවා , කන්න , බොන්න පවා හැමදේම මං දුන්නා. එයාලගෙන් රුපියල් පහක් ගත්තේ නෑ මං ම ලොරි Drive කරන් ගිහින් ලයිට් කනු , අරවා මෙව්වා , කටවුට් එල්ලලා නිදිමරාගෙන පෝස්ටර් ගහලා කැපවීමෙන් ඒ දේ කලේ මන්.
බෑන්ඩ් එකේ කොල්ලන්ට මං ආදරේ කරේ සහොදරයො විදිහට. අඳින පලඳින විදිය අතට පයට දාන දේවල් හැමදේම අකුරක් නෑර කියලා දුන්න. සමහර show වලින් සල්ලි හම්බෙන්නැති වෙද්දි මගේ සල්ලිත් මෙයාලට දීලා මෙයාලගෙ බඩ කට විතරක් පුරවලා මං හිස් අතින් ගෙදර ආපු දවස් අනන්තයි.
අන්තිමේදී මෙයාල මට ජරා විදියට පෝස්ටර් ගහලා බැනලා ගහලා band බෑන්ඩ් එකෙන් අයින් කළා කියලා දැම්මා. ඒක මට දුකක් නෙමෙයි. ඒත් වියදම් කළේ මගේ අම්මා තාත්තා දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි. මගේ තාත්තා අව්වෙ කර වෙවී දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි දෙයියනේ. මට දුක තියෙන්නේ බෑන්ඩ් එක නැති උන එක වත් වෙන දෙයක් වත් නෙමෙයි. මගේ තාත්තා අවුරුදු ගාණක් වී තම්බලා එකතු කරපු සල්ලි. සල්ලි මට වැඩක් නෑ
එත් පුතෙක් විදිහට ඒක මගේ හිතට අදටත් මට වද දෙනවා මගේ තාත්තේ ...”