සරසවි සම්මාන උලෙළ වසර අටකට පසුව නැවත පැවැත්වීම පිළිබඳව කලාකරුවන් සිනමාකරුවන් තුළ ඇතිකලේ අලුත් බලාපොරොත්තුවකි.අතීතයේ සරසවි සම්මාන උලෙළක් පවත්වනවාය යන්න දැනෙන විට මගුල් ගෙදරක සිරි උසුලන බව බොහෝ සිනමා ශිල්පීන්ගේ අදහසකි. නළු නිළියෝ කල්තියා සූදානම් වන සිනමාවේ මහා මංගල්‍යය. දැන් ඉතින් මේ වනවිට එවැනි සම්මාන උලෙළ කිහිපයක්ම පවත්වනු ලබයි. කෙසේ වුවත් සරසවි උලෙළ පිළිබඳ බොහෝ අය සිටියේ ඉමහත් ආශාවකිනි.
උලෙළ අහවර වීමෙන් පසු තැනින් තැන ඇතිව ඇති කතාබහ එතරම් සුබදායි නැත. මන්ද ප්‍රථම කොටම විනිශ්චය මණ්ඩලයේ තේරීම් සම්බන්දව බෙහෝ අය ප්‍රහ්න කරමින් සිටී. "මහරජ ගැමුණු" හොඳම චිත්‍රපටය ලෙස තේරුවේ ඇයි? කොහොමද? නිර්ණායක මොනවද? ආදී වශයෙන් නැගෙන ප්‍රශ්න වැලකි. එමෙන්ම දියාරු සිනමා උලෙළක් පැවැත්වීමේ චෝදනාවක් ද වෙයි. අසංවිධාත්මක භාවයද ආරාධනාපත් සම්බන්ධයෙන්ද විවිධ අදහස් චෝදනා ඇති අතර නිවේදන කටයුතු කළ දෙදෙනා සම්බන්ධයෙන් ද සිනමා ක්ෂෙත්රයේ අයම විවිධ අදහස් දක්වමින් සිටී.
එක්තරා ප්‍රවීණ රංගන ශිල්පිණියක් සහ ශිල්පියෙක් සංගීතා වීරරත්න සහ කමල් අද්දරආරච්චි වරද්දපු ප්‍රමාණය ගන්න් කරන්නට පටන්ගෙන තිබේ. 30 වතාවක් ඔවුන් දෙදෙනා නිවේදන කටයුත්තේදී වරද්දා ඇති බව ඔවුන්ගේ සමීක්ෂණයේදී හෙළිකරගෙන තිබේ. ඒ මදිවාට 'චිත්‍රපට' කියන වචනය චිත්රපැටියා ලෙසින්ද පවසා තිබේ.කොල බලාගෙනත් වරද්දා ඇති මේ නළු නිළි දෙපල පෙර සූදානමක් තිබුනාද යන්නද සැක සහිතයැයි සමහරු කීය.
70 දශකයේ සිනමාව ගැන කියද්දි තිස්ස විජේ සුරේන්ද්‍රගේ නම හැලී ඇති බවද ෆේස්බුක් පිටුවල සඳහන්ව තිබිනි. පාසලක කළා උලෙළක් මීට වඩා හොඳින් කරන බවද ෆේස්බුක් එක් සටහනකි.
සර්ව සම්පූර්ණ උලෙළක් සංවිධානය කිරීමට බැරිය. නමුත් වසර ගණනාවකට පසු පවත්වන සම්මාන උලෙළක අසිරිය පිළිබඳ ආහ්ලාදය, මතකය සුන්දරත්වය පැමිනි පිරිසට රැුගෙන යන ප්රමාණයටඋලෙළක් සංවිධානය කරගන්නට බැරි කමක් තිබෙන්නට නොහැක. මන්ද මේ රටේ උලෙළ සංවිධායකයන්ගෙන් අඩු රටක් නොවේ. අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණය සහ මග පෙන්වීමයි.