රේණුකා බලාසූරිය චිත්‍රපට නිෂ්පාදිකාවක් බව කව්රුත් දන්නවා.
ඒ වගේම ඇය ව්‍යාපාරිකාවක්. ඇයට ‘රන්සේලි’ නමින් බත්තරමුල්ලෙ සාරි සාප්පුවක් තිබෙනවා. 19 දින හැන්දෑවේ මේ සාප්පුව අවට ජනතාව පිරී ඉතිරී ගියා. මේ සිද්දිය පිළිබඳ වගකීම එන්නේ අවට වටපිටාවේ හිටපු ජනතාවට.
මොකද මේ සුවිශේෂී කාරණාවට මුල්වෙන්නේ වෙනත් පිරිසක් කලබලයට පත්වීම නිසා. මේ කලබලකාරී පිරිස් හසුරවගන්න පොලිසියටත් එන්න වෙලා.
සාප්පුවේ අයිතිකාර රේණුකාගෙ පුතා සිනමා කැමරා අධ්යක්ෂ විශ්වත් ඔහුගෙ බිරිඳත් සාප්පුවෙන් පිටත වෙලා සාප්පුව ඇතුළෙ සිද්ධවෙන දේ පිලිබඳව බලා ඉදලා තියනවා.
මිර්ර් ආර්ට්ස් මේ ආරංචිය පිලිබඳ රේණුකාගෙන් විමසීමක් කළා.
මම හිටියෙ ගාල්ලෙ. මට සිද්දිය ආරන්චි වුනා.අපේ ගෙවල් පැත්තෙත් මේ පිරිස සැරි සරනවා. මම හිතන්නේ මේ අය වෙන්න ඇති මේ සිද්දියට මුහුණ පාලා තියෙන්නෙත්. ඇත්තටම මේ වඳුරු තිදෙනෙක්.
බත්තරමුල්ල ජනාකීර්ණ නගරයක් නෙ. මිනිස්සු මේ වඳුරන්ව කළබල කරන්න ඇති. මේ තුන්දෙනා හොඳටම බය වෙලා. සාප්පුව වහලා තිබුනෙ. වඳුරො තුන්දෙනා ගේට්ටුවෙන් ඇතුළට ගිහින් වීදුරු දොර කඩාගෙන සාප්පුව ඇතුළට රිංගලා. මිනිස්සු මේක විනෝද දර්ශනයක් වගේ නරඹලා.
ඇත්තටම මටනම් හරි දුකයි අර වඳුරො ගැන. මොකද ඒ අය තුවාල වෙලා . සාරි සාප්පුව ඇතුළෙ තිබුන සාරිවල තුවාල වලින් වැගිරුණ ලේ ගෑවිලා තිබිලා තියෙනවා. සාරි වගේ නෙමේ ඒ සත්තුන්ගෙ ජීවිත.
අන්තිමට වනජීවි එකෙන් ඇවිත් තමයි මේ වඳුරො අල්ලගෙන තියෙන්නෙ. මම හිතන්නේ ඒ අයට තුවාල වලට ප්‍රතිකාර කරන්න ඇති. ඇත්තටම මට ඒ සත්තු ගැන දුකයි. සාරි වලට පාඩු වෙන එක නෙමේ එතැන තියෙන වැදගත්ම දේ මේ සත්තුන් ට මොනවාහරි කරදරයක් වුනානම් කියන එකයි. අපේ මිනිස්සු ඇත්තටම ඒ සත්තුන්ට හිරිහැර කරන්න ඇති. ඒ බයවෙච්ච පාර ඒ සත්තු යන එන මං නැතිව දොර කඩාගෙන ඇතුළට යන්න ඇති.
රේණුකා කනගාටු වූයේ ඒ වඳුරන්ට සිදුවූ තුවාල සම්බන්ධයෙනි.
අපි කැලේ අත ඇරලා ආවත් අපි තාමත් කැලේ ඉන්න අයට බයයි. මේ නිසා මෙවැනි අහිංසක සතුන්ට මිනිසුන්ගෙන් සිදුවන නස්පැත්ති අතිවිශාලයි.
වඳුරන් සාරි සාප්පුවට කඩා වැදී ඇත්තේ මිනිසුන්ගෙන් සිය ජීවිතය ආරක්ෂා කර ගන්නට වෙන්නට ඇත.
නමුත් අවසානයේ සිදුවූයේ මිනිසුන් මේ වඳුරන්ගේ හැසිරීම් වලින් විනෝද වී ම පමණි. සතුන්ට ඇතිවූ කම්පනය බය තුවාල වේදනාව ආදී කිසිවක් ගැන ඒ මිනිසුන්ට හැගීමක් නොතිබුනා වන්නට ඇත. මේ අහිංසකයන් ගේ හදවත් බියෙන් සැළෙන්නට ඇත. මරණය පිළිබඳ බියක් දැනෙන්නට ඇත.මිනිසුන් මේ වන සත්ත්වයන් ට කරන්නාවූ කෙනෙහිළිකම් අසාධාරනකම් මරණය තෙක්ම මේ සතුන් ඉවසා සිටිනු ඇත.