සිනමාවට පැමිණි මුල් කාලයේදී දමිළ චිත්‍රපට කිහිපයක් සඳහා එක්වු බොලිවුඩ් සුපිරි නිළි කාජල් පසුගිය සති අන්තයේදී යළිත් දකුණු ඉන්දීය දමිළ චිත්‍රපටයක රඟපෑමට එක්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.
ඒ රාජිනිකාන්ත්ගේ දියණිය වූ අයිශ්වර්යා ආර්. ධනුෂ් විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහායි. ‘VIP 2’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ කාජල් සමගින් අයිශ්වර්යාගේ සැමියා වූ ධනුෂ් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වීමට නියමිතයි.
මෙය රාජිණිකාන්ත්ගේ සිනමා නිෂ්පාදනයක්ද වනවා. මෙම චිත්‍රපටය ලබන වසරේ මැද භාගයේදී දකුණු ඉන්දීය සිනමාවේදී ප්‍රදර්ශනය වීමට නියමිතයි.