දෙවෙනි ඉනිමෙන් සමල්කා ඒ කියන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් අයින් වෙලා... මේ දිනවල පියාපත් සලන අලුත්ම ආරංචිය ....
ඇත්තටම ශනුද්‍රි අයින් වෙලාද?...
ඒ ගැන විවිධ මත පළවෙනවා...
අයින් වෙලා නෙවෙයි අයින් කරලා කියලත් කියනවා.
අයින් කරලා තියෙන්නේ නිෂ්පාදන කණ්ඩායම දෙවෙනි ඉනිම රූගත කිරීම්වලට දින ලබාගන්න ශනුද්රිට දුරකථන ඇමතුම් දෙනකොට ඒ ඇමතුම්වලට උත්තර දෙන්නේ නැහැලු. ඒ කියන්නේ ටෙලිෆෝන් කෝල්ස් ආන්සර් කරන්නෙ නැහැ.... සමහර වෙලාවට රූගත කිරීම්වලට දින නැති බවත් පවසනවලු. ඉතින් මේ කාරණාව නිසා නිෂ්පාදන කණ්ඩායම තීරණය කරලා තියෙනවා ශනුද්‍රි රඟන “සමල්කා” චරිතය නවත්වන්න.
ඒ කියන්නේ “සමල්කා” මැරෙනවද එහෙමත් නැත්නම් රට යනවද? මෙහෙම හිතන්නේ මෙගා නාට්‍යයකින් අතුරුදන්වන චරිත එක්කො මැරෙනවා, නැත්නම් විදෙස් ගතවන නිසා.
සමල්කා නම් ගමේ යනවා කියනවා. තවත් අය කියනවා මහණ වෙනවලු.
සමල්කා මහණවෙන කොටස් මේ වන විට රූගත කරලත් අවසන් කියලා තමයි Mirror Arts වෙත ආරංචි වුනේ.