රූ රැජිනක් රංගන ශිල්පිණියක් වගේම දේශපාලනයට සම්බන්ධ කෙනෙක් තමයි ගයේෂා පෙරේරා කියන්නෙ.
මේ දවස්වල රටේ සිදුවෙලා තියෙන දේශපාලන කලබගෑනිය අස්සේ එහෙට මෙහෙට වෙන අපේ නළු නිළියො ගොඩේ ගයේෂා පේන්න හිටියෙ නැහැ.
ඇත්තටම කෝ ගයේෂා? ගයේෂා මේ දවස්වල ඉන්නෙ අමෙරිකාවෙ.ඒ ඇගේ සැමියා සහ දරුවාද සමග.ගයේෂා ලංකාවට එන්නෙම නැද්ද කියලා අපි ඇහුවා.
"ටික කාලයක් අපි මෙහෙ ඉන්න හිතාගෙන ඉන්නෙ . ඒ අතර තුර කලා නිර්මාණවලට ආරාධනා ලැබුනොත් ආයෙ ලංකාවට එනවා."ගයේෂා ඒ විදිහටයි පිළිතුරු දුන්නෙ.
වර්තමාන දේශපාලන අර්භූදය ගැන කතාකරන්න ගයේෂා කැමතිවුනේ නැහැ.