ජස්ටින් බීබර් ලොව පුරා තරුණ තරුණියන් අතර ජනප්‍රිය ගායන තරුවක්. කලකට පෙර සෙලීනා ගෝමස් සමග පේ‍්‍රම සම්බන්ධයක පැටලී සිටි ඔහු ඇයගෙන් වෙන්වූනා.
අනතුරුව ජස්ටින් බීබර් ලයනල් රිචීගේ දියණිය සොෆියා සමගද සම්බ්නධකමක් ගොඩනගාගෙන තිබුනා.ඒ අතරට සුපිරි පොප් ගායිකාවන් දෙදෙනෙකු වූ Ariana Grande,Miley Cyrusසමගද සම්බන්ධකම් ඇතැයි කටකතා තිබුනද ඒවා වඩාත් දුර දිග ගිය සම්බන්ධකම් නොවේ.
බීබර් ඒ අතර අමෙරිකානු ටෙලිවිෂන් වැඩ සටහන් මෙහෙයවන්නියක සහ මෝස්තර නිරූපන ශිල්පිනියක වූ Hailey Baldwin සමග ඇති කරගත් සම්බන්ය විවාහයෙන් කෙළවර වී තිබෙනවා. පසුගිය සතියේ දිනක ඔහු සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු විවාහක පුරුෂයෙක් බව සඳහන් කර තිබුනා. ඔහු ගේ විවාහය නිහඩවම කෙරුණ බවයි විදෙස්මාධ්‍ය වාර්ථා කරන්නෙ.