රන්විර්-දීපිකා නිවාඩුව ගත කරන්නේ ලංකාවේ ද?
ඔක්තෝබරයේ දී විවාහ වුණු ජනප්‍රිය බොලිවුඩ් තාරකාවන් දෙපළක් වන දීපිකා පදුකෝන් සහ රන්විර් සිං අලුත් අවුරුදු නිවාඩුව සහ මධුසමය ගත කිරීමට පිටත්ව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
“සිම්බා” චිත්‍රපටයේ වැඩ කටයුතු නිසා පසුගිය දින කිහිපයේ කාර්යබහුල වූ රන්වීර් එළඹෙන ජනවාරියේ යෙදී ඇති දීපිකාගේ උපන්දිනය සැමරීමටත් අවුරුදු නිවාඩුව නිදහසේ ගත කිරීමටත් සැලසුම් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කොහොම නමුත් නිවාඩුව ගත කරන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.
මේ අතර ඔවුන් දෙදෙනාට ගුවන්තොටුපලේ දී ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මුණගැසී ඇති අතර සනත් ජයසුරිය නව යුවල සමඟ ගත් ඡායාරුප සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි පළ කර තිබුණා.
නව යුවල ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කරන බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණත් තවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔවුන් දෙදෙනා නිව්යෝක් බලා පිටත්ව ගිය බවයි.