ධනංජය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු මෑතක පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුනා ඔහුට ෆේස්බුක් නිසා සිදුවූ යම් අපහසුතාවයක් පිළිබඳව.
මට ෆේස්බුක් හරහා කරදරයක් බවට පත් වූ එක්තරා රසිකාවියක් හිටියා. සාමාන්‍යයෙන් නළුවන්ට ආදරේ කරන ගෑනු ළමයි සහ නිළියන්ට ආදරේ කරනා පිරිමි අය රසික රසිකාවියෝ අතර ඉන්නවානේ. ඒත් මෙයා එතැනිනුත් එහාට ගියපු කෙනෙක්.
මෙයා කියන විදියට මමයි ඇයයි අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධය පැවැති කාලයේ අපි දෙන්නා ආගිය තැන් ගැන, කළ කී දේවල් ගැන කියලා තමයි මෙයා මට පණිවුඩ එවන්නේ.කරන්නම දෙයක් නැති තැන මම එයාගේ ෆේස්බුක් ගිණුම බ්ලොක් කළා. මෙන්න විනාඩි 10ක් යන්න කළින් අලුත්ෆේස්බුක් ගිණුමක් හදාගෙන එයා ආයෙම මගේ මැසෙන්ජර් වලට කළින් වගේම පණිවුඩ එවනවා.
මේ විදියට එයාගේ ෆේස්බුක් ගිණුම් මම බ්ලොක් කරන හැම වතාවෙම අලුතින් ෆේස්බුක් ගිණුම් හදාගෙන මෙයා මට පුරුදු පණිවුඩ එවන්න පටන්ගත්තා. පස්සේ මට නීතිය ඉදිරියට යන්න වුණේ මේ කරදරෙන් මට ගැලවිල්ලක් ඇත්තේම නැතිබව පෙනී ගිය නිසයි.
පස්සේ කොහොම හරි උත්සාහ කරලා මම මේ තැනැත්තියගේ තොරතුරු හොයාගත්තා. එහිදී මම ඇගේ ඥාති පුත්‍රයෙක් දැන හඳුනාගත්තා.
මල්ලි ඔයා කැමති තීරණයක් ගන්න. අපි එයාව පවුලෙන් අයින් කරලයි තියෙන්නේ. එයාට පොඩි මානසික ආබාධයක් තියෙනවා.ඇගේ ඥාති පුත්‍රයා මට එහෙම කිව්වා.
මේ තැනැත්තිය මට වඩා දෙගුණයක් විතර වයස කෙනෙක්. . කොහොම හරි මට සිදුවුණා අන්තිමට නීතිය හරහා ඇයට තදබල ලෙස අවවාද කරවන්න. මීට පස්සේ මෙවැනි දෙයක් කළොත් අත්අඩංගුවට ගන්නා බවට මේ වෙද්දී නීතියෙන් ඇයට දැනුම් දීලයි තියෙන්නේ.
මෙවන් සිදුවීම් බොහෝ විට සමාජයේ ජනප්‍රිය පුද්ගලයින්ට අද වන විට මුහුනපාන්නට සිදුවන තත්ත්වයක්. ජනප්‍රිය අයගෙ නම් වළින් ඔිනෙම කෙනෙකුට පෙනීසිටීමේ අවස්ථාවක් මෙවැනි සමාජජාලා තුළින් කරන්න පුළවන්.. මේ නිසා ජනප්‍රිය අයගේ නම් බාවිතා කරමින් විශේෂයෙන් තරුණියන්ව රවටනා අය සිටිනවා. මේ නිසා සැබෑ පුද්ගලයා ට සිදුවන අපහසුතා විශාලයි.
සිහිබුද්ධියෙන් යුතුව කල්පනාකාරීව කටයුතු නොකළහොත් ඇතිවිය හැකි ප්‍රථිපල සංකීර්ණයි