-නමුත් දවසක එනවා මම ආයිමත් ඔයාගෙන් එයාව අරන් යන්න එතකන් පරිස්සමට-
රංගන ශිල්පී සහ නිරූපන ශිල්පී හේෂාන් මනුල ආදරයෙන් බලා කියාගත්ත Alpha queen, ඒ කියන්නේ ඔහුගේ යතුරුපැදියේ අයිතිය වෙනත් කෙනෙක්ට භාර දුන් බවට අපිට ආරංචි වෙනවා.
එය භාර ගෙන ඇත්තේ වෙන කවුරුත් නෙවෙයි රංගන සහ නිරූපන ශිල්පිනි අමායා අධිකාරි.
තමන් ගොඩක් ආදරය කළ Alpha queenගෙන් ඈත් වෙන්න සිදු වීම ගැන හේෂාන් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්,
“අද මගෙ ජිවිතෙ දුකම දවස සහ සතුටුම දවසක්,ගොඩක් අය දන්නෙ නැතුව ඇති නමුත් අද මම ඉන්න තැනට එන්න මාව උනන්දු කරෙ මගෙ බයික් සිහිනය,මට ඔනෙ වුනා මගෙම මහන්සියෙන් මුදල් හම්බකරලා ලංකාවේ කොල්ලො,කෙල්ලො ආදරය කරන බයික් එකක් හදලා රජෙක් වගෙ එක පැදන් යන්න,මම එ සිහිනය සැබෑ කරගත්තා.අදටත් මගෙ බයික් එකෙ පින්තුරයක් facebook එකෙ කවුරුහරි දැම්මොත් මාව tag කරනවා Heshan Manula ගෙ බයික් එක කියලා.මට වඩා මගෙ බයික් එකට ආදරෙ කරන මට වගෙම බයික් සිහින තියන කොල්ලො,කෙල්ලො මෙ රටෙ ඉන්නවා කියලා උබලා මට කියලා දුන්නා.ස්තුති උබලට.
සමහර දවස් වලට (කාර් එක ගන්න කලින්)වැස්ස දවස් වලට බයික් එක තෙමෙන නිසා බයික් එක ගෙදර තියලා බස් එකෙ ගිහින් තියනවා,ශුට්ං ඉවර වෙලා එනකොට වැස්සොත් ගෙදර ආපු ගමන් තෙමි තෙමි බයික් එක හොදලා මිසක් නින්දට ගිහින් නැ.මාත් එක්ක වැස්සට තෙමිලා,අව්වට වෙලුනා ඔයා,මාත් එක්ක අවුරුදු 7 හිටපු ඔයාව අද මට නැ. හිතකින් නෙමෙයි දුන්නෙ ඔයාව පදින්න මට වෙලාවක් නැතුව දුක් වෙනකොට මට හිතුනා ඔයාව රැකගන්න නන් මම වගෙම ඔයාට ආදරෙ කරන කෙනෙක්ට දෙන්න ඔනෙ කියලා.
සතුටු වෙන්න පුලුවන් එකම කාරනය නම් මම වගෙම මගෙ බයික් එකට ආදරෙ කරන කෙනෙක්ට බයික් එක දෙන්න පුලුවන් වුන එකට, Alpha queen ගෙ අලුත් අයිතිකාරිය මගෙ හොදම යාලුවෙක් වෙන අමායා අධිකාරී. සුබ පැතුම් ඔයාට.
නමුත් දවසක එනවා මම ආයිමත් ඔයාගෙන් එයාව අරන් යන්න එතකන් පරිස්සමට තියාගන්න.”