සසන්ති ලංකාවට ඇවිත් කරපු දේ
සසන්ති ජයසේකර කියන්නේ කාලයක් පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද කතා බහට ලක්වූ චරිතයක්. ජනප්රියත්වයේ හිනි පෙත්තෙහිම සිටි සමයක විදේශ ගත වන්නට තීරණය කරන ඇය වසර ගණනාවක් රංගනයෙන් ඈත් වෙලා සිටියත් ඇයගේ රුව නම් කාටත් අමතක නැති බව කියන්නට පුළුවන්.
සසන්ති පසුගිය දිනක ලංකාවට පැමිණියා. ඒ වසර 11කට පසුවයි. වසර ගණනාවකට පසුව මෙරටට පැමිණියත් රසික ආදරය තමන්ට එලෙසින්ම ලැබෙන බවයි ඇය පවසන්නේ.
ඒවගේම පසුගියදා පැවැත්වුණු දෙරණ අපේ ගමේ අවුරුදු උත්සවයේ දී සසන්තිට කලා ලොවේ තම මිතුරු මිතුරියන් මුණගැසෙන්නත් අවස්ථාවක් හිමිවෙලා තිබුණා.
View the embedded image gallery online at:
https://mirrorarts.lk/gossip/4972-sasanthi-190320#sigProId27cd63a9f1
https://mirrorarts.lk/gossip/4972-sasanthi-190320#sigProId27cd63a9f1
















