උතුරු සුළඟ පළමු අදියරේ වැඩ අවසන්
බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය “උතුරු සුළඟ” පළමු අදියරේ රූගත කිරීම් නිම කර ඇති බවට ආරංචි වෙනවා.
සිනමාපටයේ මුල් අදියරේ රූගත කිරීම් ආණමඩුව ප්‍රදේශයේ දී සිදු කර ඇති අතර එම කටයුතු ආරම්භ කළේ පසුගිය පෙබරවාරි අවසානයේ දී යි.
“උතුරු සුළඟ” ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ රංගන ශිල්පී එරංග ජීවන්ත සහ රංගන ශිල්පිනි කාවින්ද්‍යා දුල්ශානි.
මෙම සිනමා කෘතියේ කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත්, සහාය අධ්‍යක්ෂණය කීර්ති රුවන් ලාල්සන්, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්තගේ සහ අංග රචනය අරුණ ශාන්ත විසිනි.