විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා විවාහ ගිවිස ගැනීමට නියමිත බව ඉන්දීය සිනමා කර්මාන්තයේ නවතම උණුසුම් පුවත වී තිබේ.
කන්නඩ සහ තෙලිඟු සිනමා පුවත් සමහරක වාර්තා හැටියට පෙබරවාරි දෙවන සතියේදී මේ නළු නිළි යුවල විවාහ ගිවිස ගැනීමට නියමිත බව සඳහන් වේ.
තෙලිඟු සිනමාවේ බෙහෙවින් ගැලපෙනම යුවලක් සහ බොහෝ දෙනෙකු සැබෑ පෙම් යුවලක් බවට අනුමාන කරන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා ගැන සෑම විටම වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ඔවුන් දෙදෙනා තිරයේදී ගැලපීම කොතරම් වුවත් සඟවන පෙම් කතාවක් දෙදෙනාට තිබෙන බව හැඟවෙන ඡායාරූප පළ වීම හේතුවෙනි.
එසේම ඔවුන් එකට දකින ඕනම අවස්ථාවක යුගල පුවතක් නිර්මාණය වීමද අනිවාර්ය සිදුවීමකි. එහෙයින් මෙම පුවත සත්‍ය වන්නේ නම් දෙදෙනාගේ රසිකයින්ට මෙය සතුටුදායක පුවතක් වීම නොඅනුමානය.
විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා පළමුව රඟපෑ ජනප්‍රිය චිත්‍රපටය 'ගීතගෝවින්දම්' සිට ඔවුන් ආදරණීය යුවලක් ලෙස සෑම විටම නම් කෙරිණි. රශ්මිකාගේ පළමු චිත්‍රපටය 2016 'කිරික් පාටි' කන්නඩ චිත්‍රපටය වුවත් 2018 දේවරකොන්ඩා සමග රඟපෑ ගීතගෝවින්දම් ඇයට සාර්ථකත්වය ගෙන ආ පළමු චිත්‍රපටය වේ.