lan englan tam

Previous Next

රන්වීර් බ්‍රාර් ඉන්දියානු ආහාරයේ කීර්තිය ඩුබායි ගෙනයයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්වීර් බ්‍රර් ඉන්දීය 'මාස්ටර් චෙෆ්' වැඩසටහනේ විනිසුරුවෙකි. මීට සති දෙකකට පෙරදී රන්වීර් ඩුබායිහි වුපිරි ඉන්දීය ආහාර රැගත් අවන්හලක් විවෘත කළේය. ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල්හි කෂ්කාන් නමින් විවෘත කළ මෙම අවන්හල ඉන්දියානු ආහාරවල කීර්තිය ලෝකයට ගෙන ගිය තවත් මිනිසෙකුගේ ආඩම්බරය පෙන්වමින් සිටින බව ඉන්දියානුවන්ගේ මතය වී තිබේ.

මේ පිළිබඳව සඳහන් කරමින් රන්වීර් සිය සුපිරි විවෘත කිරීමේ අවස්ථාවේ වීඩියෝවක්ද සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇත. රන්වීර්ගේ දෑස් තුළින් බැබළෙන සිය ආඩම්බරය පැහැදිලිව පෙන්නුම් කරන මෙම වීඩියෝවට යහපත් ප්‍රතිචාර පමණක් ලැබෙමින් තිබෙන අතර ඔහු අවට සිටින ජනතාව ඔල්වරසන් දෙමින් ඔහු දිරිමත් කරනු මෙහිදී දක්නට ලැබේ.
ඉන්දීය සහ විදේශීය ආහාර පාන කර්මාන්තයේ ජනප්‍රිය පුද්ගලයින්ගෙන් පිරී ගිය විවෘත කිරීමේ දිනයේ අමුත්තන් සඳහා වූ රසවත් ආහාර මවිතමවිත කරනසුළු බව 'කර්ලි ටේල්ස්' පවසයි.

Back to top
Go to bottom

Popular News