ස්මාර්ට් ෆෝන් පරිහරණදී මේ ටිකත් දැනගන්න...
නැත්නම් ප්‍රශ්න ගොඩායි...smartphone syndrome
ස්මාර්ට් ෆෝනය සුළුපටු මෙවලමක් නම් නොවේ. එනිසාම අද ස්මාර්ට් ෆෝනය ප්‍රබල මානව අවශ්‍යතාවක් වී අවසන්ය. ස්මාර්ට් ෆෝනයකින් ආවරණය කරන අංශ ගණනාවකි. උනන්දුව දනවනසුළු යෙදවුම් ගණනාවකින් යුක්තය. මේ ආකර්ශණීය යෙදවුම් මිනිසාට ඊට එරෙහි වීමට නොහැකි තරම් ප්රබලය. එමඟින් ස්මාර්ට් ෆෝනය ජිවිතය අතිශයින් පහසුකර තිබේ. එබැවින් කිසිදු නුතන මානවයකු හට එයින් මිදී ජීවත් වීමට නොහැකිව තිබේ. එනමුත් ස්මාර්ට් ෆෝනය උගුලකි. එබැවින් නුවණැතිව එය භාවිත කළ යුතුමය. අප ස්මාර්ට් ෆෝනයේ ගොදුරක් වුවහොත් අප හිමි කරගන්නා කායික - මානසික ගැටලු ගණනාවකි.
මේ විපතින් ගැලවීමට නම් ඔබ ස්මාර්ට් ෆෝනය භාවිතා කරන අන්දම ගැන පසුවිපරමක් සිදු කර බැලීමට උනන්දුවන්න. අනතුරුව ස්මාර්ට් දුරකථනය හා බැඳුණු ඔබේ වැරැදි භාවිතාවන් නිවැරදි කර ගැනීමට උත්සාහ ගන්න.
පෙනීමේ ගැටලු:-
ස්මාර්ට් ෆෝනයේ දිස්වන ඉතාම කුඩා අකුරු කියවීමට උත්සාහ දැරීමෙන් ඔබේ පෙනීමට බාධා ඇති කළ හැකි අතර බරපතළ අක්ෂි ගැටලු ඇති කිරීම දක්වාම එය දුර යා හැක. මෙය සිදුවන්නේ ඔබේ දැස අඛණ්ඩව ස්මාර්ට් ෆෝනයට යොමු කරගෙන සිටීමේදී ස්මාර්ට් ෆෝනයෙන් නිකුත් වන සියුම් නිල් ආලෝක ධාරාව හේතුවෙන්ය.
ඇතිවන අපහසුතාවයේ ලක්ෂණ:-
ඇස්වල ඇතිවන දැවිල්ල ස්වභාවය හා කැසීම, ඇස්වල වියළි බව, කරකැවිල්ල හෝ බොඳවී පෙනීමේ තත්ත්වය
මෙවැනි තත්ත්වයකදී අනුගමනය කළ හැකි සුදුසුම පියවර වන්නේ 20-20-20 ක්‍රමය අනුගමනය කිරීමයි. මෙම ක්‍රමයේදී සෑම විනාඩි 20 කට වරක් ඔබේ දෑස තත්පර 20 කට ඉවතට ගෙන අඩි 20 ක් පමණ ඈතින් ඇති වස්තුවක් දෙසට යොමු කළ යුතු වේ. එමඟින් ඔබේ දෑසට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම මෙහි අරමුණයි.
වැලමිට ආශි‍්‍රත ගැටලු:-
බාහෝදෙනෙකු දිගුවේලාවන් පුරා ඔවුන්ගේ ස්මාර්ට් ෆෝනය අතේ දරාගෙන සිටිති. මෙහිදී අතේ අවසන් ඇඟිලි තුනෙන් සහ මහපැටැඟිල්ලෙන් ස්මාර්ට් ෆෝනය දරාගෙන සිටින අතර දබරැඟිල්ල තිරය මත ක්රියාකාරිත්වයන් සඳහා භාවිතා කරති. මේ ඉරියව්ව දිනපතා දිගුකාලයක් භාවිතාවේ යෙදවීමෙන් මැණික් කටුවේ වේදනාවක් හට ගැනීමට බලපායි.
කුමක්ද කළ යුත්තේ?:-
මෙම වැරැදි භාවිතාවෙන් මිදීමට කියවීම වැනි කාර්යයක නිරත වීමට පුළුවන. එමඟින් අතේ ඇඟිලි මඟින් වන වැරැදි භාවිතාවන් අවම කරගත හැක.
ටෙක්ස්ට් නෙක් - Text Neck:-
දිගුකාලයක් ගෙල පහත් කරගෙන මැසේජ් ටයිප් කිරීමේදී සුෂුම්නාව ආශි‍්‍රත ගැටලු හටගැනීමේ අවදානමක් පවතී.
සාමානයෙන් බොහෝ දෙනෙකු තම ගෙල අංශක 60 ක් පමණ වන සේ පහත් කරගෙන අකුරු ටයිප් කිරීමේ යෙදෙති. මෙම ඉරියව්ව ගෙලට පීඩනයක් ඇති කිරීමට ප්‍රමාණවත් වේ.
අපහසුතාවේ ලක්ෂණ:-
ආතතිමය තත්ත්වය, හිසේ කැක්කුම, ගෙලේ හා උරහිසේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, සිරුරේ පිටුපස මැද කොටසේ හා පහළ කොටසේ හෝ පපුවේ හටගන්නා වේදනාව
කුමක්ද කළ යුත්තේ?....
හැමවිටම ඔබේ සෙල් ෆෝනය ඔබේ ඇස් මට්ටමේ රඳවාගෙන අල්වාගන්න. ගෙලට පහසුවක් ගෙන දෙන අභ්‍යාසයක නියැළෙන්න.
සෙල් ෆෝන් එල්බෝ:-
ඔබ වැඩි වේලාවක් ඔබේ ජංගම දුරකථනය අල්ලාගෙන සිටීමේදී වැලමිට වංගුවට යටින් දිවෙන අල්නා ස්නායුව ඇදීමට ලක් වේ. එය ඔබේ වෙදැගිල්ලේ හා සුළැඟිල්ලේ ක්රියාකාරීත්වයන් පාලනය කරන ස්නායුවයි. එම ස්නායුව දීර්ඝකාලීනව ඇදීමකට ලක් වීමේදී ඊට සැපයෙන රුධිර සැපයුම සීමා වේ. එවිට වෙදැගිල්ල හෝ සුළැඟිල්ල හිරිවැටීමට ලක්විය හැක. මෙම, තත්ත්වය “සෙල්ෆෝන් එල්බෝ” නැතිනම් Cubital Tunnel syndrome ලෙස හඳුන්වයි. මෙම තත්ත්වය උග්‍ර වූ කල සැත්කමක් මඟින් යථා තත්ත්වයට පත් කිරීම තෙක් වර්ධනය විය හැක.
කුමක්ද කළ යුත්තේ?...
ඔබේ සෙල් ෆෝනයටත්, වැලමිටටත් නිවාඩුවක් දෙන්න. එසේම දීර්ඝ දුරකථන සංවාදවලට යෙදීමෙන් වළකින්න.
මානසික පීඩනය ඉහළ නංවයි:-
ස්මාර්ට් ෆෝනයක් ඔබ සතු වීම යනු ඔබ ඕනෑම විටෙක ඊට පැමිණෙන ඇමතුම්වලට පිළිතුරු දීමට මැසේජ් කිරීමට සමාජ ජාලවල සැරිසැරීමට, පණිවුඩ හෝ ඊමේල් බැලීමට සූදානමින් සිටීමක් වැනිය. නමුත් මේ සියල්ල කැටි වී දිග් ගැස්සුණු කල ඔබේ මනසේ පීඩනය නැංවී එය ඔබව ආතතියක් දක්වා යොමු කරයි. අවසානයේ එය ඔබව විවිධ කායික ගැටලුවලට ද ගොදුරු කරවයි.
එබැවින් කෙතරම් වටිනා කියන එකක් වුවද ඔබේ ස්මාර්ට් දුරකථනය නුවණැතිව නිවැරදි භාවිතාවෙන් යුතුව පරිහරණය කිරීම වැදගත් වේ.
සමුද්‍රිකා වර්ණකුල-