ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අද සිදුකෙරෙනවා.
කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ සියලු මාධ්‍ය ආයතන සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, ගත වූ මාස 6ක කාලසීමාව තුළ ඩෙංගු උණ රෝගය හේතුවෙන් පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 89,000කට වැඩි පිරිසක් ඩෙංගු උණ රෝගයට ගොදුරු වී තිබෙනවා.