පරිසරයේ උෂ්ණත්ව අගය ඉහල යන විට සන්ධි වේදනාවන්ගෙන් හා ආතරයිටීස් රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ශරීර වේදනාව ද ඉහල යන බව නවතම අධ්‍යනයකින් අනාවරණය කරගෙන තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය සියෑටල් හා හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කල පර්යේෂණයකින් මේ බව තහවුරු වී ඇත.
මේ අධ්‍යයනයකට අනුව පරිසරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 23 සිට 86 දක්වා ඉහල නඟින අවස්ථාවේදී විට උරහිස් හා උකුළු ඇටවල වේදනාවද ක්‍රමයෙන් වැඩිවන බව හෙළි වී තිබේ.
යහපත් කාලගුණයක් පවතින දිනවල වැඩිපුර ක්රියාශිලී වීම මත රෝගී පුද්ගලයන් සන්ධි වේදනාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව අනුමාන කළ හැකි යැයි පර්යේෂකයෝ පවසා ඇත.
ඇමරිකානු නගර 45 ක් ආශ්‍රිතව පවතින කාලගුණික තත්ත්වයන් මෙම අධ්‍යයනයට පාදක වී තිබේ.