"සැලුන් එකකින් පිටතට පැමිණෙන යුවතියක දැක ඒ ඔබේ සොයුරිය යෑයි සිතා විසිල් නොකරන්න. මන්ද, ඇතැම් විට ඒ "ඔබේ ආච්චි" වීමටද ඉඩ ඇති බැවිනි.ලස්සන වෙන්නට දඟලන ගැහැනුන් දෙස උපහාසයෙන් බලන ඇතැම් පිරිමින්ගේ මෙවැනි කියමන් ගැන ඔබත් මෙයට පෙර අසා තිබුණා වන්නට පුළුවන.
මරුටියක තීන්ත ගෑවට ඒක බෙන්ස් එකක් වෙන්නෙ නැහැනේ.
කොච්චර මේක් අප් දැම්මත් ඒකෙ සීමාවෙන් එහාට වැඩ කරන්නෙ නැහැ..." මේ මුහුණු පොතෙහි වූ තවත් එවන් කියමනකි.
ලස්සන වෙන්න කොයි ගැහැනියද අකැමැති? ඇස් යට කළු පැහැය මකන්නට පිපිඤ්ඤපෙති තබා ගත්තේ සුවඳ සඳුන් කුඩු, කඩල පිටි, ආදියෙන් ආලේපන සකසා ගැල්වූයේ එදාය.
අද විවිධ මිල ගණන් අයකරන රූපලාවන්‍යාගාර සුලබ වන අතර රූපාලංකාරය සඳහා හිසේ සිට පාදයේ ඇඟිලිවල නියපොතු අලංකාර කිරීම දක්වා වන විවිධ ආලේපන තරගකාරී ලෙස වෙළෙඳ පොළෙහි දක්නට ඇති බැවින් සාම්ප්‍රදායික ක්රමයන් අනුගමනය පස්සා දොරෙන් ලිස්සා ගොසිනි.
එහෙත් නොදැන කතරගම යන්නට ගොස් අතරමග අතරමං වන්නට වූවා සේ කරන්නන් වාලේ රූපාලංකාරය සඳහා විවිධ දැ කරන්නට ගොස් රූපාලංකාර මධ්‍යස්ථාන තුළදීම "සදාකාලික නින්දට පත්වූ" කතුන් ගැන අද සමාජයෙහි නිතර අසන්නට ලැබෙන, එමෙන්ම තියෙන රූපයත් විකෘති තත්ත්වයට පත්වී විවිධ අකරතැබ්බයන්ට පත්වූ යුවතියන්ද එමටය.
වැන්ඩා ද එවැනි අත්දැකීමක් ලැබූ යුවතියකි.
මුහුණට "මෙක් අප්" දාන අතරේ කම්මුල උඩ හරියේ රැවුල් ගස් කීපයක් එන හැටි දැක්කම ඒක හිතට හරිම වදයක් වුණා.
"හරියට පිරිමියෙක්ගෙ වගෙයි" මා ගැන මටම අතිශය අප්පිරියාවක් දැනුණු හින්දා ඊළඟට වහාම ගියේ සැලුන් එකට.
"මේක සුළු දෙයක් ලේසර් කරල අයින් කරල දාමු" ඇය පරීක්ෂා කළ රූපලාවන්‍ය ශිල්පිනිය සිනහ සෙමින් පැවසූවෙන් එය වැන්ඩාගේ සිතට මහත් අස්වැසිල්ලක් විණි.
ලේසර් කිරන ප්රතිකර්මය පටන් අරගෙන වැඩි වේලාවක් ගියේ නැහැ. හරියටම කම්මුල පිච්චෙනව වගේ වේදනාවන් දැනුනම මාව ඉබේම පුටුවෙන් නැඟිට්ටුණා.
ඌහ්.... මගේ මුහුණ පිච්චෙනව වගේ. මා වේදනාවෙන් කෑගහද්දී "ඕක සාමාන්‍ය දෙයක් කලබල වෙන්න ඕනේ නැහැ." සැලුන් සේවිකාව බොහොම සැහැල්ලුවෙන් කිව්වේ හරියට මුකුත් නොවුණු ගානට.
ප්‍රතිකාරය අවසන් වූ වහා බිල ගෙවා දමා එතැනින් පිටවූ වැන්ඩා එදින රාත්‍රිය ගත කළේ දැඩි වේදනාවෙන් පීඩා විඳිමිනි.
පසුදින උදැසන නැගිටගත් වහා කැඩපත ඉදිරියට දිව ගිය ඇයට, තම මුහුණ දුටු විට ඉබේම කෑ ගැසිනි.
"දෙවියනේ.... මුහුණ පුරාම දිය බුබුළු ඇවිත්..."
වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇයට යොමු කරනු ලැබූ අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ දෙබැම ඉහළ නැංවිණි.
ලේසර් ට්‍රීට්මන්ට් හේතුවෙන් ඔබේ මුහුණේ ඇතැම් තැන් දරුණු අන්දමට පිළිස්සිලා... මේ පිළිස්සුම් තුවාල හොඳ වුණත් කැළැල් නම් ඒ විදිහටම තියේවි... වෛද්‍යවරයා පවසද්දී වැන්ඩාගේ දෙනෙතට කඳුළු පිරුණි.
මෙම සිදුවීම පිළිබඳ වැන්ඩා පවසන්නේ අපූරු අදහසකි. "මේ කැළැල් සඟවන්න හැම විටම මේකප් තළියක් මුහුණේ තවරාගෙන ඉන්න සිදුවෙලා. ඒත් වඩාත් ඛේදනීය කාරණාව නම් "මේක් අප්" තලියක් දවස ගානේ මුහුණේ අතුරන්න වුණ එක නෙවි... මේ ලේසර් ප්‍රතිකාර කරන අය ඊට පුහුණුවක් මෙන්ම බලපත්‍රයක් නොමැති අය වීමයි. මොකද? ඒ සඳහා එවැනි බලපත්‍රයක් අවශ්‍ය නැහැ. ඈ පවසන්නීය.
රූපය අලංකාර කරගන්නට ගොස් මේ ආකාරයට අකරතැබ්බයකට මුහුණපෑ කතුන්, යුවතියන් සංඛ්‍යාව බොහොමයකි. තම සොයුරියගේ උපන්දින සාදයට යන්නට පෙර දෙපා අලංකාර කර ගැන්මට රූපලාවන්‍ය මධ්‍යස්ථානය වෙත ගිය මිෂෙලි තම නිය ආලේප ගල්වන්නැයි ඉල්ලා සිටියාය.
ඊට කලින් ඔයාගේ දෙපතුලේ මැරුණු හම අයින් කරමු. එතකොට දෙපතුල් ලස්සනට තියේවි. ඇගේ දෙපතුල් පිරික්සූ තරුණිය පැවැසුයෙන් මිචෙලි හිසසලා ඊට එකඟතාව පළ කළාය.
අර්තාපල් පොතු හරින උපකරණය වැනි වූවක් උපයෝගි කර ගනිමින් සේවිකාව ඇගේ පතුලේ මැරුණු හම ඉවත් කරන්නට වූ අතර හදිසියේම දැඩි වේදනාවක් දැනුනෙන් පාදය දෙස බැලූ ඇය දුටුයේ මහපට ඇඟිල්ල අසල සිදුරුවී බිම හැලෙන ලේ ධාරාවකි.
ලේ ගලන ඇඟිල්ල දිහා ඒ සේවිකාව බලා හිටපු විදිහෙන්ම වැඩේ වැරදී ඇති බැව් තේරුම් ගැනීමට මිෂෙලිට අපහසු නොවිණි. ඒ අතර විෂ නාශක ද්‍රව්‍යකින් පාදය සේදූ සේවිකාව පාදය වෙළුම් පටියකින් ඔතා පැවැසුවේ "තව පැය විසිහතරක් යද්දී ඔක්කොම හරි ගිහින් තිබෙනු ඇති බවයි.
එහෙත් දරා ගත නොහැකි තරම් දැඩි වේදනාව හා පාදය ඉදිමීම හේතුවෙන් රෝහල්ගත කළ මිෂෙලි, අනතුරුව "හදිසි තත්ත්වය" හේතුවෙන් වෙනත් රෝහලකට මාරු කළාය.
රූපලාවන්‍යාගාර සේවිකාව විසින් විෂබීජ නාශක දියරයක් තුවාලයට වැක් කිරීම හේතුවෙන් පාදයේ අස්ථිය දක්වා පිළිස්සී ඇති බව ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ නිගමනය විය. "ආයේ නම් පෙඩික්ය කරන්න හිතන්නෙවත් නැහැ. දැන් මට සපත්තු දාන්නත් බැහැ. ස්නායුවලට හානි වෙලාද කියන එක ළඟදීම දැනගන්න ලැබෙයි." මිෂෙලී පැවසුවේ කනගාටුවෙනි.
හතළිස් හැවිරිදි ටීනා... තම පෙනුමට තරුණ බවක් ලැබගන්නට සිතා පූර්ව පරීක්ෂණයකින් තොරව ඩයි වර්ගයක් හිස ආලේප කළාය. එය අසාත්මික වීම හේතුවෙන් බලා සිටියදී ඇගේ මුහුණ ඉදිමෙන්නට වූ අතර සිව් දිනක් ගතවන තුරු දෙනෙත් විවර කිරීමට නොහැකි වීමෙන් ඇය තාවකාලික අඳ භාවයට පත් වූවාය.
ලස්සන වෙන ඒකේ වරදක් නැහැ. හැබැයි තමන් කරන්න යන දේ ගැන හරි වැටහීමක් නැතිව කරන්න යැමෙන් සමහරවිට තියෙන ලස්සනත් නැති වෙන්න බැරි නැහැ" ඈ පවසන්නීය.
තමන් මුහුණපෑ අකරතැබ්බය ගැන තමන්ව නොහඳුනන්නන් පවාදැනුවත් කිරීම වැදගත් යෑයි හිතන ටීනා "මුහුණු පොතෙහි" තම ගිණුමෙහි මෙසේ සඳහන් කළාය. "මගේ කෙස් ආපසු ඩයි කරන්නෙ නැහැ කියන එක කියන්න අවශ්‍ය යෑයි මා හිතන්නෙ නැහැ. ඒත් මා අවබෝධ කරගත් වටිනා දෙයක් ගැන කිව යුතුයි. එනම් හිසෙහි ඇති පැසුණු කෙස් ගස් කිහිපයකට වඩා කනගාටුදායක දේවල් බොහොමයකට අපට ජීවිතයේදී මුහුණ දීමට සිදු වන බවයි.
නිලංකා ජයසූරිය