සීමාව ඉක්මවා ජංගම දුරකථනයට මෙන්ම පරිගණකයට නැඹුරුවීම මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
අංගොඩ ජාතික මානසික වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් සඳහන් කළේ එලෙස ජංගම දුරකථනය සහ පරිගණකය සීමාව ඉක්මවා භාවිතා කිරීම මානසික රෝගී වර්ගීකරණයටද ඇතුළත් බවයි.
බස් රථයේදි, දුම්රියේදී හෝ වෙනත් පොදු ස්ථානයකදී එකිනෙකා සමඟ සුහදව කථා කිරීම පවා අමතක කර ජංගම දුරකථනයටම නැඹුරුවීමෙන් සහ සම්බන්ධතා ගිලිහීයාමටද හේතුවක් බවයි ජ්‍යෙෂ්ඨ මනෝ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් සඳහන් කර ඇත්තේ.