මිනිස් ආයුෂ සහ තරුණ බව වසර30 කින් වැඩි කරන නව තාක්ෂණයක් සොයා ගැනීමට පරීක්ෂකයන් පිරිසක් සමත්ව ඇත. මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ අමෙරිකාවේ කැලිෆෝර්නියා හී සෝල්ක් පර්යේෂණ ආයතනය බව වාර්තා වේ. එහි මහාචාර්ය කාර්ලෝස් බෙල්මොන්ටේ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මිනිස් සිරුරේ සෛල සහ සියලු ඉන්ද්‍රියන් වසර 30 කින් තරුණ කිරීමට හා නිරෝගී කිරීමට මෙම සොයා ගැනීමෙන් හැකියාව ලැබී ඇති බවයි.
පර්යේෂකයන් මෙම සොයා ගැනීම නම් කර ඇත්තේ‘මිනිස් සිරුර යළි බල ගැන්වීම’ ලෙසයි.
මිනිස් ආයුෂ වැඩි කිරීම එක් ක්‍රියාවලියකින් පමණක් සිදු කළ නොහැකි බවත් සිරුරේ සියලු සෛලවලට බලපාන පරිදි කළයුතු බලගැන්වීමක් ඒ සඳහා අවශ්‍ය බවත් මෙහි දී තහවුරුව ඇති බව පැවසේ.
එම පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මේ පරීක්ෂණය සාර්ථක වුවහොත් මිනිසාගේ ආයුෂ වසර30 කින් පමණ තරුණ වනු ඇති අතර දැනට එංගලන්තයේ අවුරුදු81 ක් වන කාන්තාවකගේ ආයු අපේක්ෂාව ඒ අනුව අවුරුදු111 තෙක් වර්ධනය වනු ඇත.
ශ්‍රී ලංකාව වැනි රටක දැනට පවතින අවුරුදු75 ක් පමණ වන ආයු අපේක්ෂාව ඒ අනුව 105 ක් දක්වා ඉහළ යාමේ ඉඩකඩක් පවතියි.
ඉදිරි වසර10 තුළ මෙම සෛල නවීකරණ ව්‍යාපෘතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම මෙහි පිළිකා අවදානමක් ඇත්දැයි සොයා බැලීම වෙනුවෙන් ද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පර්යේෂකයන් නිවේදනය කර ඇත.
මෙම සොයා ගැනීම මිනිසා දිගු කාලයක් තිස්සේ අමරණීය වීමට ගන්නා උත්සාහයේ තවත් පියවරක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
- සිතාරා කුලරත්න