යෝගා අභ්‍යාස යනු ශරීරයේ මෙන්ම මානසික අසමබරතාවද නිවැරදි කරන ව්‍යායාම කලාවකි. එය කලාවක් ලෙස හැඳින්වෙන්නේ සෑම විටම මිනිස් මන්ස ප්‍රිය කරන ලාලිත්යවත්බවකින් යෝගා සමන්විත වන නිසාය.
ඉන්දීයාවේ හින්දි බසින් බුජංගාසනය නමින් හඳුන්වන නාගාසනය යනු සිරුර දිගහැරීමෙන් ප්රබෝධමත්බවක් ලබා දෙන හදවත නිරෝගීව තබන අභ්‍යාසයකි. ඉන්දීය මිථ්‍යා කතාවල සඳහන් රාජකීය නාගයින් පිළිබඳව අදහසක් දෙමින් අභ්‍යාසයේ නියැලෙන්නාගේ මනස මින් වඩාත් උදාර බවකින් ප්‍රගුණ කරයි. කතාවලට අනුව මෙම නාගයා බාධාවකින් තොරව ඉදිරියට ඇදෙන, තම ශරීරයේ කොටසක් ඉහළට ඔසවාගෙන යෑම එකවර කළ හැකිය.
මෙම අභ්‍යාසයෙන් සිරුරේ සමතුලිතතාවය, නම්‍යශීලී බව සහ ශක්තිය තහවුරු කරයි. එය සමස්ත දෛනික දිවිපෙතට පවා බලපෑමක් ඇති කරයි. දිනපතා කිරීමෙන් වඩා ප්‍රබෝධමත් ජීවිතයක් හිමි වනු ඇත.