- Pradeep Peiris -
Ritesh Batra ගේ ‘The Lunchbox’
(ඉන්දියානු සිනමා පටය )
මුම්බායි නගරයට බයිසිකල් කරුවන් විසින් ගෙන එන ලක්ෂ ගණනින් දිවා ආහාරය අඩංගු කෑම පෙටිටි අතරින් වැරදි හුවමාරුවට ලක් වූ කෑම පෙටිටියේ කතාව..

මහල් ගොඩනැගිල්ලක පහල මහලේ තරුණ ගැහැණියක් ඉහළ මාලයේ අයෙකුට මෙහෙම කියනව
‘‘ ඇන්ටී අදනම් අපේ එක්කෙනාට නෙවෙයි කෑම පෙටිටිය ගිහිල්ල තියෙන්නෙ‘‘
‘‘ ඉලා කොහොමද දන්නෙ ‘‘
‘‘ පෙටිටියේ මුකුත් ඉතුරු නෑ ! ඔක්කොම කාලා ! ‘‘
ඊළග දිනයේ ,
මහත්මයා මම මෙි ලියුම කෑම පෙටිටියට දැමිමෙ ඔබ බලයි කියල හිතාගෙන. ස්තූතියි මහත්තයට ඔක්කොම කාලා තිබුනට.
ඒත් මම මේව උයල එවන්නෙ ආසාවෙන් මගේ මහත්තයට කන්නයි. කමක් නෑ හිස් කෑම පෙටිටිය දැක්කම මම සතුටු වුනා.
මොකද මම හිතනව කාගෙ හරි බඩක් සතුටු කරනවයි කියන්නෙ එයාගෙ හදවතත් සතුටු කරනව කියලා.
මීට, ඉලා
ඊට පස්සෙ ඉලා ඒ නන්නාදුන මිනිහට දිගටම කෑම පෙටිටියයි ලියුමකුයි එවනව . ඔහු හිස් කෑම පෙටිටයට ඔහුගෙ පිළිතුර ලියල දානව
මාස ගණනකින් පසු,

හිතවත් ඉලා...
අද ඔයා මට එවපු කෑම පෙටිටිය හිස් එකක්. මට එහෙම වෙන්න ඕන. මට තේරෙනවා ඔයා ඉන්නෙ කේන්තියෙන් .
ඊයෙ මං එනකන් ඔයා අර තේ කඩේ ඉදන් ගොඩක් වෙලා බලං හිටිය ඒක මම දන්නව. මමත් උන්නෙ ඔයාව මුණ ගැහෙන්න හරිම අසාවෙන් දවස් ගැන ගැන.
ඊයෙ ඒ උදේ ඔයාව මුණගැහෙන්න මම නාල ඉවර වෙලා ඇඳුම් අදින කොට යම් දෙයක් මට නාන කාමරේ අමතක වුනා වගේ දැනුන.
ඉතින් මම ආයි නාන කාමරේට ගියා ඒක ගන්න. එතකොට මට නාන කාමරෙන් පරණ පුරුදු සුවඳක් ආව. බොහෝම මට සමීප සුවඳක්. ඒක මගෙ සීයගෙ සුවද.
සීය නාල ඉවර වුනාට පස්සෙ නාන කාමරෙන් එන්නෙ ඒ සුවඳමයි. ඒක හරියට සීයා එතැන ඉන්නව වගෙයි.
නමුත් ඉලා ඒ ඔහු නෙමේ. මට ටික වෙලාවක් ගියා ඒක තේරුමි ගන්න. ඒ මගේම සුවඳ ඉලා, ඒ සුවඳ හරියට වයසක මනුස්සයෙක්ගෙ වගේ.
මම දැනන් හිටියෙ නෑ මම වයසට ගිහිල්ල කියල. සමහර විට අද උදේ වෙන්න පුළුවන්, උදෑසනවල් ගණනාවකට කලින් වෙන්න පුලුවන්. ඔව් මම වයසට ගිහිල්ලා ඉලා!
ජීවිතය කියන එක කාලය හා හැගීම් එක්කම අපි නොදැනුවත්වම බෙලහීන වෙලා යනව. එත් අපිට ඒක එක පාරටම තේරුම් යන්නේ නෑ .
ඒත් ඉලා මම දන්නව ඔයා තරුණයි වගේම ලස්සනයි. කිසිම කෙනෙක් ඉලා ඊයෙ ලොතැරයි ගන්නෙ නෑ.
කොහොම නමුත් ඔයා ඉන්නවයි කියපු තේ කඩෙිට මම ආව.
ඔයා එතැන හිටිය ඔයාගෙ පර්ස් එක අත ගගා, වතුර එකක් බොමින් කෙනෙක් එනකන් බලන් ඉන්න විමසිලිමත් අපේක්ෂා සහගත දෑසින්.
මට ඕන වෙලා තිබිබ මේ ඔක්කොම ඔයා ළගට ඇවිල්ල කියන්න.
නමුත් මම කළේ ඔයා දිහා හොරෙන් බලාගෙන හිටි එක විතරයි.
මම හිතුව වගේම ඔයා ගොඩක් ලස්සනයි. ඔයා තවම තරුණයි, ඔයා ළඟ හීන තියෙනවා. සමහර වෙලාවට ඔයා මාව ඔයාගෙ ඒ ලස්සන හීන අතරට අරන් ගියා. මට ඔන ඒ හීනවලට ඔයාට ස්තුති කරන්න.
ඉතිං ඉලා මම ඔයා දිහා බලං ඉදල හැරිල ගියා. මොකද මම නාකියි.

සටහන - ප්‍රදීප් පීරිස්
( මෙම සටහන 'Pradeep Peiris' ෆේස්බුක් පිටුව ඇසුරිනි)











