lan englan tam

“මොකවත්ම කියන්න බැරි ෆිල්ම් එකක්නං ඒ තමයි "මෝඩ තරිඳු"- ලක්මාල් ධර්මරත්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය "මෝඩ තරිඳු"  ඊයේ (10) දිනයේ පටන් දිවයින පුරා සිනමා ශාලා වල තිරගත කිරීම් ආරම්භ කළ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

ඉතින්, මේ චිත්‍රපටය ගැන පහත දැක්වෙන අපූරු සටහන එක් කරළා තිබුණේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍ය මෙන්ම පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ “වාලම්පුරි හෙවත් හීන හත හමාරක්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිනමාකරු ලක්මාල් ධර්මරත්න විසින්.

ඔබත් මේ රසවත් සටහන කියවලාම බලන්නකෝ..

 

(උපුටා ගැනීම)

"මොකවත්ම කියන්න බැරි ෆිල්ම් එකක්නං ඒ තමයි "මෝඩ තරිඳු" .... අපි ඒක ගැන මොකක්වත්ම කිව්වොත් ෆිල්ම් එක බැලීමේ ආතල් එක කැඩෙනවා....

හම්මියෝ එහෙම සොමියක්....

කෞෂල්‍යා ප්‍රනාන්දු සහ සූර්යා දයාරුවන් දෙන්නා දෙනවා අමා සැපක් ඒ පැය දෙකේ... දෙන්නම තමන්ගේ ඇක්ටින් කැරියර් දෙකේ වෙනම තැන් දෙකක් ටච් කරනවා. කෞෂි අක්කා තමන්ගේ එක රංගන යුගයක් නිමාකලා කියලා එළියට එනකොට විදර්ශණ කන්නංගර සහෝදරයා කිව්වා... ඒක ඇත්තටම ඇත්ත... සූර්‍යා කියන්නේ ඉස්සරහට ලංකාවේ "නමක්" අනිවාර්යයෙන්.

කණියා, ෂනුද්‍රි, චතුර, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් අයියා සහ තමන්ගේ පළවෙනි සිනමා රංගනය ඉදිරිපත් කරන ෂෙහානි කහඳවල ඇතුලු සෙට් එකම ඉතාම හොඳින් තමන්ගේ කොටස කරනවා. ඇත්තටම ෂෙහානි මරුම මරු.... හෙණම සොමියක්.....

හැබැයි ඒ අතරින් මම ආසම වුණේ ධනුකගේ චරිතෙට... ධනුක තමන් ප්‍රධාන චරිතය නෙවෙයි කියන එක තේරුම් අරගෙන ඉන්න විදියට. සූර්යා හෙවත් "මොඩ තරිඳු" ට ස්පේස් එක දීලා පැත්තකට වෙන එක... ඒක මම වගේ කෙනෙක්ට කැපිලා පෙනුන එකක්.... සූර්යාට කරනම්ගහන්න දීලා ධනුක ගාණට සෙකන්ඩ් රෝල් එක බැලන්ස් කරනවා... ඒක හරි සුන්දරයි බලන් ඉන්නකොට....

අනික හසිත වර්ණසූරියගේ කැමරාව.. මම හසිත එක්ක ඇඩ්ස් සෑහෙන්න කරලා තියනවා. සාමාන්‍යයෙන් ලංකාවේ කමර්ෂල් ලයිටින් වල බටර්ම ලයිටින් තියෙන එකෙක් හසිත. නමුත් ඌ මේක තියන්නේ ඉතාම රෝ තැනක. ඇත්තටම හසිත මොකුත් කරන්න ගිහිල්ලාම නෑ. ලස්සන කරලම නෑ... හැඩ ෆ්‍රේම්ස් හදලම නෑ... හෙණම රෝ....... ඒ හිංදම ෆිල්ම් එක මාරම ඕතෙන්ටික්.... මේ වගේ කොමඩියක් ෂූට් කරන ඩී.පී කෙනෙක්ට තියෙන්නම ඕනේ ඩිසිප්ලින් එකක් මම හිතන්නේ ඒක...

ස්ක්‍රිප්ට් එක තමයි ආතල්ම ඉතිං.... තිසර මංගලයාගේ ජීවිතේත් ඉඹුලානයාගේ ජීවිතෙත් ඇත්තටම උං දෙන්නා අල්ලගන්නේ මෙහෙම පොඩි කොමඩියකින්... ඒ කියන්නේ උං දෙන්න ඉන්න ඕනෑම තැනක තමන්ගේ ජීවිතේ කොටසක් කියලා උං දෙන්නම හිනාවෙනවා... මේ ෆිල්ම් එකේ තියෙන්නේම ඒ වගේ එකක්.... ඉඹුලානගේ ඩිරෙක්ටින් ඉතිං කියන්න දෙයක් නෙවෙයි. ඌ සාමාන්‍යයෙන් වැඩක් කළාම ඒකේ උගේ කෑල්ල තියනවා.... මේකෙත් ඒ වගේම තමයි.....

 

 

අද සෙනසුරාදා.... මම ඉතාම වගකීමෙන් කියන්නේ මේක ඉන්ටනෙට් එකෙන් ස්පොයිල් වෙන්න කලින් දූවල ගිහිල්ලා අදම බලන්න.... උඹලා ගෙවන රුපියල් පන්සීයට, දාහට මිලකරන්න බැරි සැපක් දෙනවා අරුං ටික ස්ක්‍රින් එකේ....

එක පොඩි කෑල්ලක් කියන්නං.... මේක බැලුවට පස්සේ ඩිෂ්ටි ඩිඩිං කරනකොට වටපිට බැලෙනවා මේක බැලුව ඕනෙ එකෙක්ට.... ඒ ඇයි කියලා බලන්න Moda Tharindu - මෝඩ තරිඳු  මේ සති අන්තේ අනිවාර්යෙන් බලන්න....

"දිනූ මගේ යකෝ...." .....

ප. ලි.

ෆිල්ම් මාකටිං කියන එකේ අලුත් තැන් හොයන එක

මාර ලස්සනයි. තරිඳුගේ අපල දුරුවෙන ප්‍රාර්ථනා කොඩිය ඒ අතරින් පට්ටම වැඩක්....

(උපුටා ගැනීම අවසන් )

 

 

83332787 645047429368481 149939292578250752 n

සටහන - ලක්මාල් ධර්මරත්න

(මෙම සටහන 'Laka Dharamarathna' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom