මේ සටහන තබන්නේ පසුගියදා එළිදැක්වුන ලංකාවේ ප්‍රකට සහ දක්ෂ සංගීත නිෂ්පාදකවරයෙක් වන චරිත අත්තලගේ හා හසිත වර්ණසූරියගේ නිර්මාණයක් වන “යෝගේෂ්වරී” (Yogeshwari) කෙටි චිත්‍රපටය පිළිබඳවයි.
මේක කෙටි චිත්‍රපටයක් විදිහට නම් කළත් මේ නිර්මාණය පුරාවටම මෙහි සංගීතය හා ගීත නිර්මාණ ප්‍රභලව ඉස්මතු වෙනවා. ඉතින් මේක සංගීතයෙන් පරිපූර්ණ කෙටි චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
මේ නිර්මාණයේ විශේෂත්වය වෙන්නේ මේ නිර්මණය රස විඳින්න වගේම මෙය කියවා ගන්නත් පැති කිහිපයකින්ම මෙයට ඇතුළු වෙන්නේ පුළුවන් වීම.
එකක් තමයි මේ නිර්මාණය සඳහා චරිත අත්තලගේගේ සංගීත නිර්මාණය, ඒ වගේම මෙහි එන ‘යෝගාෂ්වරී’, ‘ඇහැරවන්න මා’ යන ගීත නිර්මාණ හරහා මේකට ලබා දෙන අපූර්වත්වය, වගේම මානසික් (හසන්ක වික්‍රමරත්න) ගේ රැප් ගායනය වගේ අංශ එක්ක මේ ගැන කතා කරන්න පුළුවන් වගේම නිර්මාණය රසවිදින්නත් පුළුවන්.
අනෙක් පැත්තෙන් මේ කෙටි චිත්‍රපටය නිර්මාණය වන කතා තේමාව.
මීට පසුබිම් වෙන්නේ ලංකාවේ 30 වසරක යුද්ධය පිළිබඳව පසුබිම් කර ගෙන නිර්මාණය වන කතාවක්. මේ ගැන හඳුන්වාදීමේ පාඨයේම දක්වෙන ආකාරයට මතක තබා ගත යුතු සත්‍ය සඳහායි ( For The Truth to be Remembered ) නමුත් මේ සඳහා ප්‍රථමයෙන්ම සත්‍ය කුමක්ද යන්න කවුරුන් හෝ සොයා ගත යුතු වෙනවා(someone must first find it) යනුවෙනුත් සඳහන් වෙනවා.
ඒවගේම මේ නිර්මාණයේ නිෂ්පාදනයේ තිබෙන ඉහළ ගුණාත්මක භාවය, කැමරා අධ්‍යක්ෂක හසිත වර්ණසූරියගේ කැමරා භාවිතය, නළි නිළියන්ගේ රංගනය වැනි අංශ සමගත් මේ නිර්මාණය ගැන විමසා බලන්න පුළුවන්.
ඉතින් මේ නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත එන්නේ ගීතමය , සංගීතමය, සිනමාත්මක වැනි සෑම අංශයකින්ම පරිපූර්ණ උන නිර්මාණයක් විදිහට.
ඒ වගේම මේ නිර්මාණය රසවිදීමෙන් පස්සෙත් නැවතත් සිතා බලන්න දේවල් බොහෝ ප්‍රමාණයක් එකතු කරලා තියෙන නිර්මාණයක් විදිහට “යෝගේෂ්වරී” (Yogeshwari) හඳුන්වන්න පුළුවන්.
මෙහි සම්පූර්ණ වීඩියෝව නරඹන්න දැන් “Kuweni by Charitha Attalage” යූ ටියුබ් නාලිකාව හරහා පිවිසෙන්න පුළුවන්.
වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>
















