lan englan tam

"අවුෂ්විට්ස් වයලීනය" ජීවිතයට අගයක් නැති තැනක ජීවිතය උදෙසා වැයෙන වයලීන ස්වර සංග්‍රාමයක පද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- ලලිත් බෝපිටිය-

දෙවන ලෝක යුද්ධය, නාසි යුධ අපරාධ, මිනිස්කමට නිගා දුන් අතිශය කෘෘර මෙන්ම බිහිසුණු, යුධ අපරාධ වලින් හෙබි නාසි යුධ ව්‍යාපාරය තරම් ලෝකය කම්පනය කළ, තවමත් යුද්ධය හා වාර්ගික සංහාර ගැන කියැවෙන විට ඇග කීරිගස්වන අපරාධ වලින් හෙබි හිට්ලර්ගේ උමතු, සුපිරිසිදු ආර්ය ජාතියක් සදහා වූ නොමිනිස් ව්‍යාපෘතියේ අසරණ බිලි පිළිබඳ ව ලියැවුණු ඉතිහාස කතන්දර අදටත් ලෝකය බියෙන් හා වේදනාවෙන් මුසපත් කරමින් පවතියි.

එමෙන්ම දෙවන ලෝක යුද්ධය නිම වී දශක හත අටක් ඉකුත්ව ඇතිය ද ඒ හා මෙන්ම හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය, පිළිබඳ කොතෙක් ලියැවුණු ද කොතෙක් කතා කළ ද නිමාවක් දනින්නට නොහැකි තරම් ව එය විසල් මාතෘකාවක්ම වී තිබේ.

නාසි ව්‍යාපාරය හා ඒ හා බැදුණු බිහිසුණු ක්‍රියාවලියන් පිළිබඳව බොහෝ සාහිත්‍ය කෘති ,සමාජ දේශපාලන කෘති මෙන්ම විවිධ පර්යේෂණ කෘති කෙතෙක් ලියවුණ ද ඒවා පිළිබඳව ජනතා අවධානය නොනැසී රදා පවතින්නේ එවන් ජුගුප්සාජනක බිහිසුණු ක්‍රියාවන් ලෝකය අමතක නොකරන හා එවන් දේ අනුමත නොකරන බව සනාත කෙරුමට, ලෝකයම අදිසි එකගතාවයකින් බැදී ඇති නිසා බවයි සමාජ විචාරාත්මත්ක අදහස.

මෙයට එම යුද්ධයේ අමානුෂික ක්‍රියා වදකදවුරු, යුධ උපක්‍රම මෙන්ම විවිධ සමාජ දේශපාලන,සංස්කෘතික ක්‍රියා පිළිබඳව අඛන්ඩව කතා කිරීම බලපා ඇති බවයි සමාජ විද්‍යාත්මක මතය. මේ අතරින් නාසීන් විසින් වධකාගාර ඇසුරේ කළ අති අමානුෂික වධ බන්ධන පිළිබඳව බහුල වශයෙන් කතා කරනු ලැබ ඇති බවත් ඒ හා බැදි සාහිත්‍ය හා සමාජ කාරණා හැදෑරීමේදී පෙනී යයි.

මෙහිදී එම යුද්ධය , නාසි ව්‍යාපාරය හා එහි බිහිසුණු අපරාධ පිළිබඳව කතා කිරීමේදී අනිවාර්යයෙන් සිහියට නැගෙන මෙන්ම වැඩිපුරම කතාබහාට ළක්ව ඇති වධකාගාරය වන්නේ පෝලන්තයේ පිහිටුවා තිබූ කුප්‍රකට අවුෂ්විට්ස් වධකාගාරය යි.එය හා බැදුණු සාහිත්‍යය අදටත් ලෝක ජනතාව ප්‍රබල කම්පනයකට ළක් කරමින් බිහිසුණු ඉතිහාසයක ශේෂ වූ මතකයන් ආවර්ජනය කරමින් පවතියි.

අවුෂ්විට්ස් වයලීනය, එයත් එලෙස ලෝකය කම්පනයට ළක්කළ , නරුම නාසි ව්‍යාාපාරයේ කලු පැල්ලම් පෙන්වන සුවිශේෂී කෘතියක්.

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ප්‍රකට ස්පාඥ ලේඛිකා මරියා ඇන්ජෙල්‍ස් අන්ග්ලාදා (Maria Anjels Anglada)  විසින් 'The Violin of Auschwitz' රචනා කරන ලදී. 

 

අවුෂ්විට්ස් මහා වධකාගාරය ට අනුබද්ධ තිබූ තුංගංගා නම් කදවුරේ සිටි දනියෙල් නම් වයලින් තනන්නා හා බ්‍රොනිස්ලව් නම් සංගීතඥයා හරහා එවක එම ඝාතක කදවුරේ ඔවුහු විදි අනේක දුක්ඛ දෝමනස්යන් හා ඒ අතර වරින් වර දිදුළන මිනිසත්කමේ ආලෝක පුංජයන් ගැන කදිමට කියැවෙන මේ සංවේදී, හෘද විදාරණ කෘතිය, යුද්ධය හෝ ඒ හා බැදෙන කුමන ආකාරයේ හෝ ව්‍යාපෘතීන් හි බිහිසුණු බව ලොවට මතක් කර දෙන අතර එය මෙවන් වූ කුමන බල අරගලක වුව පවතින විනාශකාරී මිත්‍යාව ලොවට පසක් කරවයි.

අවුෂ්විට්ස් හි තුංගංගා වධකදවුරේ අඥාපතියා වෙතින් ලැබෙන අනපේක්ෂිත නියෝගයක්,ඒ නියෝගය නිසා එහි සිටින වයලින් තනන්නකු හා සංගීතඥයකු මුහුණ දෙන අභියෝගයන් වටා ගෙතෙමින් කෘරතර නාසි ව්‍යාපාරයේ පැවති බිහිසුණු බව ඉතා ප්‍රබලව පාඨක මන මත ප්‍රකම්පනය කරවන මෙම කදිම කෙටි නවකතාව ,එහි කෙටි බව ඉක්මවා ප්‍රබලව නැගී සිටින්නේ ඉතා කදිමට ඒ තුළ ප්‍රබල කතාවක් ගොඩනගමින් ව්‍යක්ත සාහිත කෘතියක් බවට පත් වෙමින්ය. කුඩා සිද්ධියක් වුව අවස්ථාව අනුව එය කෙතරම් නම් ස්ව ජීවිත වලට බලපෑම් කරනවාද යන්න කදිමට විමසන මෙම කෘතිය එම ආකාරයේ ලියැවුණු තවත් කෘති අතර ඉහළින් පවතිනු ඇත.

ජාතිකාභිමානය ලෙස වරදවා වටහාගත් ජාතිවාදය නිසා ලොව අදටත් පීඩා විදින වේලාවක මෙම කෘතිය පරිවර්තනය කර පාඨක ප්‍රජාව වෙත ගෙන එන්නේ එම වරද අදටත් බොහෝ රටවල බෙහෝම සරුවටම සිදුවන නිසා බව පවසමින්. ප්‍රවීන ලේඛිකා සචී පනාවල මහාත්මිය පවසන ඒ කරුණට සාක්ෂි සපයන මේ අනගි කෘතිිය ලාංකීය පාඨකයන් හදවතින්ම කියවනු ඇති.

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ප්‍රකට ගත් කතුවරියක් වන මරියා ඇන්ජෙල්‍ස් අන්ග්ලාදා (Maria Anjels Anglada) මහාත්මිය විසින් රචිත සුප්‍රකට The Violin of Auschwitz කෘතියේ ප්‍රවීන පරිවර්තිකා සචී පනාවලයන් ගේ සිංහල කියවීමයි මේ.

 

Auschwitz VIOLIN

 

"අන් ජාතීන්ට වඩා සිය ජාතිය උසස් හා උතුම් යැයි මෝහයෙන් මුළා වීම නිසා,ලක්ෂ ගණන් මිනිසුන්,කාන්තාවන් හා දරුවන් ඝාතනය කළ පරපීඩාකාමී නාසිවාදීන්ගේ කුරිරුකම් හා සැහැසිකම් වල අංශු මාත්‍රයක් නියෝජනය කරන නිසා " ,මෙම කෘතිය ,පරිවර්තනය කර ලාංකීය පාඨකයන් වෙත ලබාදෙන කියන පරිවර්තිකාවගේ මහාගු අදහසට ස්තූතිවන්ත වෙමින් මෙය කියවමු.

ආකර්ෂණීය ආඛ්‍යාන රටාවකින් ලියැවී ඇති කුතුහලයෙන් පිරි සරළ මුත් ගැඔුරු හැගීම් දනවන මානුෂික කියවීමක පහස විද හැකි කෘතියක්.

"අහෝ..! විසිරුවා ඇත අප ගදඔුන් ගේ වෘන්දයන් ,

අප ගායකයන් ගේ මුව ලා ඇත යගලු,

මිහිරි හදැ'ති වයලීනය බිම වැතිර ඇත."...!!!!

 

 

502863046 1430640508107183 4813413258442096815 nසටහන -  ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

(මෙම සටහන මුල් වරට 'විදර්ශන පාඨක ජාලය' Facebook පිටුවේ පළවිය)

kemadasa

shungara

Back to top
Go to bottom