lan englan tam

රංගන ශිල්පිනී තිසුරි යුවනිකා උතුම් මව් පදවියට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය රංගන ශිල්පිනී තිසුරි යුවනිකා අද ඇගේ ජීවිතයේ වටිනාම පරිච්ඡේදයක් ආරම්භ කළා.

ඒ උතුම් වූ මවු පදවිය ලබමින්.

පවුලට එක්වූ මේ අමුත්තිය ගැන ආරංචිය ප්‍රසිද්ධියට පත් කරමින් තිසුරිගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා ඡායාරූප පෙළක් සහිත විඩියෝවක් ද එක් කර තිබුනා.

මතු දැක්වෙන්නේ තිසුරි සිය කුළුඳුල් දියණිය වෙනුවෙන් තැබූ ආදරණීය සටහනයි.

(උපුටා ගැනීම)

මේ ලෝකයේ ආශ්චර්යයන් සිදුවෙනවා.

අද මම මගේ ඒ ආශ්චර්‍යය අල්ලගෙන ඉන්නවා.

මාස දහයක් ඔයා මගේ හදවත යට ජීවත් වුණා.දැන් මට අන්තිමට ඔයාගේ ලස්සන මූණ පේනවා.

ලෝකයට සාදරයෙන් පිළිගනිමු,

මගේ වටිනා මෝනා.

ඔයා මගේ ප්‍රියතම ආශ්චර්යය.

මම ඔයාට මේක පොරොන්දු වෙනවා. මගේ අම්මා මාව ඇති දැඩි කළ ආකාරයටම මම ඔයාව ඇති දැඩි කරන්නම්,කරුණාවෙන්, ශක්තියෙන්, නිහතමානීව සහ ආදරයෙන්.

මම ඔයාව මේ ලෝකයට සරල, ලස්සන ආත්මයක් ලෙස ශක්තිමත් සහ මෘදු චරිතයකින් තිළිණ කරන්නම්.

අම්මා සහ තාත්තා ඔයාට සදහටම ආදරෙයි

(උපුටා ගැනීම අවසන්)

ඉතින්, තිසුරිගේ කැදල්ලට එක්වූ අමුත්තියටත්, තිසුරිට සහ ඇගේ සැමියාටත් අපගේ හද පිරි සුබ පැතුම් එක් කරන්නෙමු.

 

111111111222

222222222222

3333333333333

 

 

kemadasa

shungara

Back to top
Go to bottom