lan englan tam

"Wingfield Family" හෙවත් ගම්පෙරළියේ බටහිර වේදිකා අත්දැකීම...| Lakmal Darmarathna

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මම මේ ළඟදි මාර ආතල් තියටර් එක්ස්පීරියන්ස් එකක් ගත්තා හිරාන් අබේසේකර සහෝදරයාගේ දූව පාරේ ගෙදර තියන ඕපන් තියටර් එකේ.

ඒ පූජිත ද මැල්ගේ "Wingfield Family" නාට්‍ය බලලා.

පූජිත "Wingfield Family" Tennessee Williams ගේ The Glass Menagerie කියන නාට්‍යයේ හෙන්රි ජයසේනගේ පරිවර්තනයෙන් තමයි පළිඟු රෑන හෙවත් "Wingfield Family" හදන්නේ.

සාමාන්‍යයෙන් අපි දකින proscenium ආකෘතියෙන් ගලවලා හදලා තියන මේ නාට්‍ය පෙන්නන්නෙම ප්‍රේක්ෂකායටත් නාට්‍යටත් ළංම වෙන්න පුළුවන් තැන්වල. හිරාන්ගේ ගෙදර තියටර් එක කියන්නේ එහෙම තැනක්....

"ගම්පෙරළිය" පොතේ මම ආසම එක තමයි කැඩි බිඳී දියවී යන තමංගේ ප්‍රෞඩත්වය රැකගන්න කයිසාරුවත්තේගේ පවුලේ අය ගහන ගේම මාටින් දකින විදිය. ඒක මම දන්න විදියට මාටින්ගේ ජීවිතයේත් කුඩා තීරුවකින් ගත්තු අත්දැකීමක් දිගුවක් (උපන්දා සිට කියවන්න). අපි හැමෝමත් විවිධාකාරයෙන් අපේත්, අපේ පවුලේත්, අපේ ඉස්කෝලෙත්, අපේ රටේත්, අපේ ක්‍රිකට් කණ්ඩායමේත්, අපේ පක්ෂයෙත් වගේ එක එක ඒවල ප්‍රෞඩත්වය, අභිමානය වගේ ඒවා රැකගන්න පුදුම තරං මහන්සියක් ගන්නවනේ. ඇත්තටම එහෙම රැකගන්න මහන්සිවෙනවා කියන එකේ තේරුමම ඒක දියවෙන්න පටන්අරගෙන කියන එකමයි....

මේ නාට්‍යයේ core එක වෙන්නේ මේ දියවීම භාර නොගන්න අම්මා හෙවත් Amanda Wingfield (චාන්දනී සෙනවිරත්න) සහ දියවීමේ වේදනාවට වෛර කරන Tom (ක්ෂේවියර් කණිෂ්ක), දියවීයාම දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න Laura (මනූෂි සිල්වා) සහ ඒ අර්බුදයට අදාලම නැතුව ඒක මැදට එන Jim (බිම්සර සිල්වා) ගේ කඹ ඇදීම සහ ගැටුම.

 wf i2

 

පූජිත මෙතනදී කරන්නේ පොඩි පාටි එකක්. එයා බලාපොරොත්තු වෙනවා ප්‍රෙක්ෂකයාත් පාටි එකේ කොටසක් කරගන්න. බියර් එකක් පවා අරගෙන නාට්‍ය බලන්න එන්න කියලා පූජිත කියනවා. ඒක මාර ආතල්... අපි නාට්‍යයේම දිගුවක් වීම... ලෝරාගේ විවාහ පාටිය... මමත් ඒකේ ආරාධිතයෙක්... හරි සොෆ්ට් ආතල් අත්දැකීමක්...

 

631908513 1363333768928636 2676888600109894384 n"Wingfield Family" (පළිඟු රෑන) නාට්‍යයේ අධ්‍යක්ෂක  පූජිත ද මෙල්

 

චාන්දනී සෙනවිරත්න මට මතක් කලේම අපේ අත්තම්මා. එයා ගමක ගෑනියෙක් උණත් චාන්දනී විසින් ඒ වේදිකාව උඩ අතෑරපු හැඟීම් සහ ප්‍රකාශණ ඔක්කොම මම ඒ අපේ උද්ධච්ච අත්තමාගේ මූණ ඇතුලේ කුඩා දරුවෙක් විදියට දැකපු ඒවා. චාන්දනී හෙණම අවංක හැඟීම් ප්‍රකාශණයක් කරනවා ඒ ස්ටේජ් එක උඩ නිකං සරලවම කිව්වොත් හික් ගෑවෙන්න. මොකවත්ම නැතුව උද්ධච්චකමත්, අභිමානයත් විතරක්ම ඉතුරුවුණ මනුස්සයෙක් උඹ ජීවිතේ දැකලා තියනවානං මේක බලනකොට උඹට චාන්දනී සෙනවිරත්නව ළඟට පෙනෙයි.

 

chandanu and xe

 

ක්ෂේවියර් හොඳම නළුවට මේ වැඩේදි රාජ්‍ය සම්මානය ලබපු නිසා ක්ෂේවියර් ගැන මොකුත්ම කියන්න ඕනේ නෑ. ඒ කඩාවැටීම දරාගන්න බැරිව තමන්ගේ තිබ්බ මොකක්දෝ විභූතියකට වෛර කරන ඒක එක්ක පොරබදන අවිචාරවත් පුතා කණිෂ්ක ස්ටේෂ් එක උඩ දිගාරිනවා. මේ වැඩේ පිටපත ලියවිලා තියෙන්නේම ටොම්ට රඟපාන එකාට උගේ ඇක්ටින් රේන්ජ් එකේ උපරිමයම පෙන්නන්න. ඒක කණියට ලැබීම ඉතිං මට පුද්ගලිකවම හෙණම හැපී....කණිය ගැන මීටවඩා ලියන්නෑ... හේතුව ඌ මගේ සහෝදරයා නිසා සහ අපි ඉක්මනින්ම වැඩකදී හම්බෙන නිසා.....

වැදගත්ම කෙනා තමයි මම පළවෙනි පාරට දැක්ක මනූෂී සිල්වා... මගේ අම්මේ එහෙම මූණක්. දුක, බය, සැකය, සාංකාව, අහිංසකකම, අවංකකම ඔක්කොම එකට දාලා ගුලියක් අඹරලා ඒකෙන් මූණක් හැදුවනං ඒ තමයි මනූෂි. එහෙම මූණක්. ඒ අක්කයි මල්ලියි බෙදාගන්න ඒ දෙන්නටම විතරක් තේරෙන සහෝදර ආදරය වගේ එක හිතාගන්න බැරි තරම් සොෆ්ට් සහ සියුම්. මට ඇත්තටම මගේ ජීවිතේ එහෙම දුවගෙන ගිහිල්ලා උකුලේ ඔළුව තියාගනෙ ටිකක් ඉන්න පුළූවන් ලොකු අක්කෙක් නැතිවීමේ සාංකාව පුදුම තදට දැනුනා ඒක බලලා ඉවර වුණාම.... මනූෂි එච්චර හැඩට ඒ කැරැක්ටර් එක කරනවා... සුබපැතුම් සහෝදරී.

බිම්සර එන්නේ පොඩි වෙලාවකට උණත් බිම්සරගේ හැසිරීම් විසින් මේ තුන්දෙනාට පිටතින් තියන සමකාලීන ලෝකය මෙයාලා පහුකරගෙන කොච්චර දුරදිග ගිහිල්ලද කියන එක තමයි අපිට ගේන්නේ. ඇත්තටම ජිම්ගේ චරිතය තමයි Wingfield පවුල එළියේ ලෝකයේ දර්ශකයෙන් අපිට කියවලා දෙන්නේ... බිම්සරගේ ප්‍රකාශණය ටිකක් over පැත්තට ගියාද කියලා මට ටික වෙලාවකට හිතුණා. නමුත් අවසාන හරිය වෙනකොට ඒක නැවත නාට්‍යයේ සංඛ්‍යාතයටම එකතුවුණා දැනුනා...

Music, Stage sets, වගේ හැමදෙයක්ම ගාණට බැලන්ස් කරලා තිබුණා. මම අකමැති තැනකට තිබුණේ නාට්‍යයේ අවසානය. අකමැත්තට වඩා මට තව මොකක් හරි ටිකක් ඕනේවුණා වගේ දැනුනා... ඒ උණාට අපිට එන්න කියලා තියෙන්නේ පාටි එකකට මිසක් වෙන දේකට නෙවෙයි නිසාම මම ඒ හිස් කොටසත් නාට්‍යයේම තවත් හොඳ කොටසක් විදියට බාරගත්තා..

සොමි වැඩක්.... අවස්තාවක් ලැබුණොත් ගිහිල්ලා බලන්න. යනකොට බියර් එකක් විතරක් අරගෙන යන්න. ලෝරාගේ පාටි එක එක්ක ශාරීරිකවම සම්බන්ධවෙන්න...

පූජිත සහෝදරයා ඇතුළු පිරිසට ස්තුතියි මේ ලස්සන වැඩේට...

සුබපැතුම් මචන්ලා...

Xavier Kanishka

Pujitha De Mel

Hiran Abeysekera

Chandani Seneviratne

Manushie Taniya

Bimsara Silva

ප.ලි

මම ආරාධනා පත්‍රයකට බලලා ඒකට අනුව මේ හොඳ කියනවා නෙවෙයි හොඳේ. පවුලටම ලොකු ගාණකට ටිකට් අරගෙන බැලුවේ. ඒක එහෙම බලන්නම ඕනේ එකක්... නැත්තං උඹලා හිතයි නොමිලේ බලලා හොඳ කියනවා කියලා. මම නොදන්න උඹලා.....

 

83332787 645047429368481 149939292578250752 n

සටහන - ලක්මාල් ධර්මරත්න 

(ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ)

(මෙම සටහන 'Laka Darmarathna' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

 

kemadasa

shungara

Back to top
Go to bottom