ලොව බිහි වූ කලා කෘති අතුරින් වැඩි වශයෙන් ප්‍රති නිර්මාණය වී ඇති කලා කෘතිය ලෙස හඳුන්වන්නේ ජපන් ජාතික කට්සුශිකා හොකුසායි විසින් නිර්මාණය කරන ලද මහා රළපෙළ නමැති සිතුවමයි.
එය ඔහු විසින් අඳින ලද්දේ වර්ෂ 1830 මුල් අවධියේදීය. ඒ සිතුවම් මාලාවක එක් කොටසක් වශයෙනි.
සිතුවමෙහි රළ අතරින් ඔරු සහ ඈතින් හිමෙන් වැසී ඇති ෆුජියාමා කන්ද දක්නට ලැබේ.
“මහා රළ පෙළ සිතුවම් මාලාවක කේන්ද්‍රය බව කියන්න පුළුවන්. එය ලොව වැඩි වතාවක් ප්‍රති නිර්මාණය වූ සිතුවමයි. මෙම සිතුවම මින් පෙර කෙදිනක හෝ දැක නොමැති බව මිනිසුන් සිතුවත් ඔවුන් එය කොහේදී හෝ දැක තිබිය යුතුයි,” යනුවෙන් SOAS විශ්ව විද්‍යාල ඉතිහාසඥ ඇන්ගස් ලෝක්යර් පවසා තිබේ.