රටකින් රූ රාජිනියක් බිහි කරන්නේ සමාජයට සේවය කිරීමේ අරමුණක් ඇතිවයි. සමාජ සේවය කවර ආකාරයෙන් සිදු කරන්නේද යන්න කියන කාරණයට වඩා වැදගත් වන්නේ කෙසේ හෝ එම අරමුණ සාක්ෂාත් කරගැනීම කියන කාරණාවයි. අප රට මුහුණ දී ඇති වන විනාශය කියන බරපතල ගැටළුවට පිළිතුරු සොයන පිරිසක් ලෙස Green August කණ්ඩායම හඳුන්වා දිය හැකියි. ඔවුන්ගෙන් මිලදී ගන්නා කොළ කැඳ වීදුරුවකින් ලැබෙන මුදලින් මහපොළවට පැළයක්උරුම කරදීම ඔවුන්ගේ අරමුණයි. මේ අරමුණ ඉටු කරගැනීමට ඔවුන්ට එකතු වන රූ රැජින පිළිබඳව Green August මෙසේ සඳහනක් කර තිබුණා.
"අයියෙ මං හාතාවාරිය ගේන්නම්
***********************************
ඈ නමින් ශ්‍යාමා දහනායක.
වෘත්තියෙන් හෙදියක්.
මෙවර Miss Sri Lanka for Miss Earth ජයග්‍රාහිකාව...
ඇය සැබැවින්ම එම ජයග්‍රහණයට සුදුසුවන්නේ Recycle , Reuse ගැන අපත් සමඟ නිරතුරුවම කටයුතු කළ නිසාවෙනි. බොහෝ නිරූපිකාවන් පරණ ඩෙනිම් බෑග් ඇඳගෙන මොඩල් කරන්න අදිමදි කරද්දී..
ඩෙනිම් බෑග් ප්‍රවර්ධනය සඳහා ස්වකැමැත්තෙන්ම ඉදිරිපත්වන ඈ...දිනුමෙන් පසුත් "මං එන්නම් කොළ කැඳ විකුණන්න අයියේ" යැයි ඉදිරිපත් වූවාය. ඔටුනු පැළඳ සතියක් ගෙවෙන්නටත් කලින් අපිත් එක්ක් මහපාරෙ කැඳ විකුන්න එන්න හදන ඔබේ කැපවීම අගය කරන්නෙමු.
මේ ටයිටල් ලොවට හඳුන්වා දෙන්නේ අරමුණක් ඇතිවමය..ඔවුන් ඒ ජයග්රහණයන් ලබාගත් පසු ඒ තේමාවන් ඔස්සේ කටයුතු කරන්නටය..ඉතින් නංගි,
ඔබේ ගමනට අපෙන් සුබ පැතුම්.
අපට මෙවර World Miss Earth ඔටුන්න රැගෙන එන්න..."