සම්මතඅසම්මතයැයිබෙදුනුලෝකයකහැමආදරකතාවක්මඑකමවටිනාකමකින්බාරගැනීමටලෝකයාසූදානම්නැත. තුන්වැනිපාර්ශවයටහැමවිටෙකමඅසම්මතවූඑනමුත්ආදරවන්තයන්ටආදරවන්තියන්ටසම්මතආදරකතාඔබමාජීවත්වනමේසමාජයතුළඕනෑතරම්ය.
වික්ටර් රත්නායකයන්ගේ මධුර මනෝහර ස්වරයෙන් හා ගැයුමෙන් හැඩවූ ප්‍රේමකීර්තිද අල්විස් ශූරීන්ගේ අපූර්වතම හිතුවක්කාර පද රචනයකින් තැනුනු
" අපෙ හැඟුම් වලට"
ඒ අසම්මත යැයි සළකන තුන් වෙනි පාර්ශවයේද හදවත සසළ කරවන හැඟීමක් මවන අපූර්වතම නිර්මාණයකි. ඔවුන් සිහින දකිනුයේ ඔවුනොවුන්ගේ හැඟුම් වලට තරමින් වියතක ඉඩක් ලබාදී හඳ එළියක මද අඳුරේ අත් පටළා යලි එක් වරක් හෝ ඇවිද යන්නට පමණකි. අසම්මත ආදරයක් හැම විටම රාගය මතම පදනම් නොවන හැඟීමක් යැයි ලොව පිළිගන්නට මැළිවන සත්‍යය ප්‍රේමකීර්ති අපූරුවට පහදයි.
හෙවනැල්ලටත් රහසේ විත් රහසේම මුමුණා රහසේම පිටවී යන්නේ හසරැල්ලෙන් හැඬුම් සඟවාගෙනය.ඒ ලෝකයාට මේ රහස සඟවා යළිත් මවාගෙන ජීවත්වීමෙ උරුමයට පිය නගන්නටය. ඔබට මට, ලෝකයට සැඟව මෙවැනි රිදුම් දෙන ආදර කතා මේ මොහොතේත් තැන තැන හසරැල්ලෙන් හැඬුම් සඟවා ලොවට හිනැහී සිටිනවා ඇත.
හැඟීමක රස බෙදාහදා ගැනීමේ මේ උත්සාහය සහෘද හදවත් සන්තර්පනය කිරීමේ උත්සාහයක් විනා කිසිඳු මූල්‍යමය වටිනාකමක් හෝ හිමිකමක් අත්කර ගැනීමේ උත්සාහයක් නොව.ඔවුන් බිහිකෙරූ වටිනාකම් අනාගත පරපුරට සන්නිවේදනය කිරීමක් පමණකි.
අපි Machan